අක්‍රම් ඉල්ලියාස් ගේ Al Taqqiya හෙවත් රැවටීමේ කලාව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,166
    25,888
    113
    28
    ලොවෙත් නැති තැනක


    ගිවිසුම අනුව සෑම ගල් අගුරු ශිප්මන්ට් එකක්ම පැටවුම් අංගනේදී නැවට පටවන්න කලින් ටෙස්ට් කරන්න ඕන. ටෙස්ට් කරන්න මුලු නැවේම ගල් අගුරු ලැබ් එකට යවන්නෙ නෑ. විද්‍යාත්මක ක්‍රමේකට ගල් අඟුරු සාම්පල් එකක් ලබා ගන්නවා මුලු ශිප්මන්ට් එකම නියෝජනය වෙන ලෙස. මේ සාම්පල් එක කොටස් දෙකකට බෙදනවා. පලමු කොටස තමා ලැබ් එකට ටෙස්ට් කරන්න යවන්නේ. දෙවනි කොටස සීල් කරලා මාස 3ක් තියාගන්නවා - buyer ට ලෝඩ් පෝට් රිපෝට් එක ගැන සැකයක් ඇති වුනොත් වෙනත් ස්වාධීන accredited ලැබ් එකකට දීලා ටෙස්ට් කරවා ගන්න.
    අම්පයර් සාම්පල් වලිං කරන්නේ ඇත්තටම buyer ට ගල් අගුරු සප්ලයර් ගේ ලෝඩ් පෝට් රිපෝට් සැකනම් ඒව ඩබල් චෙක් කරන්න අවස්තාවක් දීම.
    ගල් අගුරු නැවු ගත කිරීම සහ buyer ට යවන ප්‍රෝසෙස් එක අතර තුර හෝ ඉන් පසු, ඒ අම්පයර් සාම්පල් buyer නම්කරන ස්වාධීන accredited ලැබ් එකකට යවා ටෙස්ට් කරලා ගල් අගුරු සප්ලයර් ලෝඩ් පෝට් රිපෝට් එක අවංකව, නිවැරදිව ලබා ගෙන ඇද්ද කියා ඩබල් චෙක් කරන්න බයර්ට ඉඩ දෙන ආරක්ශා ක්‍රියාමාර්ගයක් තමා ලෝඩ්පෝට් අම්පයර් සාම්පල් කියන්නේ.
    තමන්ගේ ජනතාවගේ සල්ලි වලට කෙලින්න ප්ලෑන් නොකරන ඕනෑම රජයක් මේ ලෝඩ් පෝට් අම්පයර් සාම්පල් ටෙස්ට් කරන්න ඉතා උනන්දු වෙනවා.
    මේ වංචාකාර මාලිමා රජයේ ස්ට්‍රැටජි එක තමා ලෝඩ්පෝර්ට් අම්පයර් සාම්පල් පළමු coal නැවු 13 සදහා ටෙස්ට් කිරීම කෙසේ හෝ වැලැක්වීම.
    පළමු ගල් අගුරු නැව ලංකාවට ඇවිත් ඩිස්චාජ් පෝට් රිපෝට් එක ෆේල් වෙල පර්ෆෝමන්ස් වලිනුත් ෆේල් වෙද්දි ලෝඩ් පෝට් අම්පයර් සාම්පල් ටෙස්ට් කරන්න පටන් ගත්තනම් උපරිම නැවු පහක් ලංකාවට එද්දි ට්‍රයිඩෙන්ට් එකේ හොර ලෝඩ් පෝට් රිපෝට් කෙරුවාව expose වෙනවා.
    රටේ මිනිස්සුන්ගේ සල්ලි හොර කොම්පැනියකට මුලු පේමන්ට් එකෙන් 80% ක් ගෙවෙන එක වලකිනවා. පැලවත්තට, අනුරට ඒ 80% ගෙවීමේ කුට්ටිය යන එක වලකිනවා. ඒක වෙන්න දෙන්න අනුරට ඕනෙ වුනේ නෑ. කුට්ටිය අත්‍යාවශ්‍යයි . මිනිස්සුන්ගේ සල්ලි හොර coal කොම්පැනියෙන් හොරකම් කිරීම වැලැක්වීම අනවශ්‍යයි.
    ඒ නිසා පළමු නැවු දහතුනේ ලෝඩ් පෝට් අම්පයර් සාම්පල් ටෙස්ට් al taqqiya එක හෙවත් රවටන කලාව දමා ටෙස්ට් නොක2 ර තබා ගැනීමට අක්‍රම් ඉල්ලියාස් ගේ සිට නජිත් ඉන්දිකගේ සිට ජනා අනුර ගේ පටන් සියළු දෙනා

    ගල් අගුරු නැවු 13 සදහා පැටවුම් අංගනයේදී ගත් load port අම්පයර් සාම්පල් 13 නම තාමත් පැටවුම් අංගනයේ සුරක්ෂිතව සීල් කරලා තිබෙනවා (සොරි අපේ සල්ලි වලට කෙලලා ට්‍රයිඩෙන්ට් එකට සල්ලි හම්බ කරලා දෙන්න බලාගෙන ඉන්න අපේ රජය පළමු අම්පයර් සාම්පල් එක ටෙස්ට් නොකරම එක්ස්පයර් වෙන්න දුන්න) . පළමු ගල් අඟුරු නැවු 13 හි ලෝඩ්පෝට් රිපෝට් අපිට මාර සැකයි නේ දැන්. ඒක නිසා අපි අනිවා මේ පළමු coal නැවු 13ට අදාල ලෝඩ් පෝට් අම්පයර් සාම්පල් කෙසේ හෝ ස්වාධීන accredited ගල් අගුරු විශ්ලේශක ලැබ් එකටට යවා ටෙස්ට් කරන්න ඕන.
    නමුත් අක්‍රම් ඉල්ලියාස් no confidence motion කතාවේදී කියන්නේ පළමු coal නැවු දහතුනෙන් පසුව එන නැවු සඳහා (from 14th shipment onwards) ලෝඩ් පෝට් අම්පයර් සාම්පල් ටෙස්ට්කරන බවයි .
    ඒක සමාන වෙන්නේ පෙබරවාරියේ වෙච්ච හොරකමක් ගැන හොයන්න මාර්තු මාසේ cctv දර්ශන පරීක්ශා කිරීමටයි.
    හිතන්න අක්‍රම් ඉල්ලියාස් ඔබේ ගෙදර security in charge. ඔබේ ගෙදර හොරකම වෙන්නේ පෙබරවාරි මාසේ. අක්‍රම් ඉල්ලියාස් වහාම ඔබේ පෙබරවාරි cctv දර්ශන සඟවා, මාර්තු cctv footage පරීක්ශා කරන බව ඔබට දස අතේ දිවුරනවා. එවිට ඔබ අක්‍රම් ඉල්ලියාස් ගැන සිතන්නේ කෙසේද?
    එවැනිම විදියට මුල් coal shipment 13 ක පාඩුව සහ වංචාව හොයන්න 14 වන ශිප්මන්ට් එකේ සිට ලෝඩ් පෝට් third umpire සාම්පල් චෙක් කිරීමට ඔබට පොරොන්දු වෙන අක්‍රම් ඉල්ලියාස් ගැනත් සිතන්න.




    The buyer (LCC) may appoint another independent surveyor, acceptable to the seller, “who shall be permitted to supervise the sampling” at the load port.
    Two authorised representatives of the buyer shall be permitted to supervise the sampling and analysis process at the load port on a random basis, approximately one visit in every five shipments, to be facilitated by the seller.
    Furthermore, the testing of a second sample (2nd Part) shall be carried out, when necessary, by an accredited independent surveyor appointed by the buyer at the Port of Loading on a random basis, and the seller shall facilitate this process
    දැන් ඔය පළමු සහ දෙවනි ඉංග්‍රීසි පැරග්‍රාෆ් වල තියන ආරක්ශක පියවර අනුගමනය කරන්න පරක්කු වැඩී නේ.
    පළමු ගල් අගුරු නැවු 13 ට අදාල සාම්පල් ගනිද්දී හොර ට්‍රයිඩෙන්ට් එක ලංකාවෙ මිනිස්සුන්ගේ ස්ල්ලි වලට කෙලින්න, නියමිත විද්‍යාත්මක ක්‍රමෙන් බැහැරව හොරට සාම්පල් ගන්න එක වලක්වන්න, ලංකාව නොමිනේට් කරන ස්වාධීන ගල් අගුරු තක්සේරුකරුවෙක් ඒ ක්‍රියාවලිය මොනිටර් කරන්න දාන්න ඕන කියල ගිවිසුමේම තියනවා තමා. ඒත් අපේම රජය අපෙන්ම හොරකම් කරන්න බලාගෙන ඒ safeguard එක යෙදීමෙන් වැළකී හිටියනේ. අපිට දැන් පළමු නැවු 13නේ ලෝඩ් පෝට් සාම්ප්ලිං සුපර්වයිස් කරන්න පුලුවං ඉතිං කාල තරණය කරල තමා. ඒ නිසා ඉහිරුණු ගල් අගුරු වලට නාඬා අපි ඒ සේෆ්ගාර්ඩ් එක අමතක කරමුකො.
    දෙවනි ඉංග්‍රීසි පැරග්‍රාෆ් එකේ තියෙන්නෙ ලංකාවෙ බලය ලත් නියෝජිතයො දෙන්නෙක්ට පැටවුම් අංගනේදී හෙවත් load port එකේදී ගල් අගුරු සාම්ප්ලිං සහ විශ්ලේෂණය කිරීම නිරීක්ෂණය ක්රන්න සෑම නැවු පහකට වරක් අහඹු ලෙස අවස්තාව දිය යුතුයි කියලනේ..අපේම රජය අපිටම කෙලින්න සහ ට්‍රයිඩෙන්ට් එකට හොර කරන්න චාන්ස් එක දෙන්න ඕනෙ නිසා ඒ ආරක්ශක පියවරත් හැලුව නේ. දැන් ඉතින් ලංකාවෙ බලයලත් නියෝජිතයො දෙන්නෙක් පළමු නැවු 13හි load port සාම්පල් කරනය සහ විශ්ලේෂණය නිරීක්ෂණය කරන්න යවන්න නම් කාලතරණ මැශිමක් තියෙන්න ඕන නේ. ඒ නිසා ඒකත් අත් අරිමු.
    නමුත් ඔය තුන් වෙනි ඉංග්‍රීසි චේදෙ බලන්න. ඒක කරන්න කාල තරණය කරන්න අවශ්‍ය නැහැ.
     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,796
    7,725
    113
    කොහොමත් ඊ ළඟ ඡන්දෙන් කතාව වෙනස් කරලා දෙන්න ඕන මෙයාලට කෙහෙළියගේ සැප ලැබෙන්නේ.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    මූ ඇගට නොදැනි පච කියනවා Bid bond එක එහෙම නැත්නම් ලංසු බැඳුම්කරය කියන්නේ ටෙන්ඩරයක් දාන වෙලාවේ ලංසුකරු දාන ඇපයක්.ඒකෙන් කියන්නේ “මම මේ ටෙන්ඩරේ සීරියස් කරනවා , මැදින් ඉවත් වෙන්නෙ නැහැ” කියලා.මේක සාමාන්‍යයෙන් බැංකුවක් දෙන ඇපයක් එහෙම නැතිව සල්ලි දෙන්නෙ නැ bidderta ලන්සුව හම්බවෙලා ඇග්රිමෙන්ට් සයින් නොකලොත් හරි සයින් කරලා මට supply කරන්න බැ කිව්වොත් හරි අදාල බැන්කුව end userට සල්ලි දෙනවා මේක දින 90–120ක් වගේ කෙටි කාලයක්ට වලංගුයි. මේ ලංසු බැඳුම්කරය ගුණාත්මක භාණ්ඩ නැති වුණා කියලා claim කරන්න බෑ.ඒකේ භාවිතය තියෙන්නේ ටෙන්ඩර් දාන අවස්ථාවට විතරයි කොන්ත්‍රාත්තුව අත්සන් කළාට පස්සේ ලංසු බැඳුම්කරය අවසන්.එතනින් පස්සේ බලපාන්නේ කාර්ය සාධන බැඳුම්කරය ( Performance Bond),ශ්‍රී ලංකාවේ, කාර්ය සාධන බැඳුම්කරයක් සාමාන්‍යයෙන් මුළු කොන්ත්‍රාත්තු වටිනාකමෙන් 5% සිට 10% දක්වා තමයි ගන්නෙ .

    ලංසු බැඳුම්කරය (Bid Bond) “ලංසුව සීරියස් කියලා දෙන ඇපයක්”

    කාර්ය සාධන බැඳුම්කරය ( Performance Bond) “වැඩ හරියට කරයි කියලා දෙන ඇපයක්”