වැදි රජුට බඩුව පවරා...වැව ළඟදී මනමේ හැඬුවා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ''ඔයා යන්න මම මෙහෙ ගෝත්‍රිකයෙක් එක්ක ආදරෙන් බැඳිලා මට සමා වෙන්න ස්ටෙෆාන්''


    සංචාරයකට ගිහින් පෙම්වතා අතහැර මසායි ගෝත්‍රිකයෙක් සමග පෙමින් බැඳුන කරෝලාට අවසානයේ මුහුණ දෙන්න වුන පුදුම හිතෙන සිදුවීම..
    ❤️
    🌍

    මිනිස්සු කියනවා ආදරය අන්ධයි කියලා. හැබැයි ඒ අන්ධ ආදරය නිසා තමන්ගේ සුඛෝපභෝගී ජීවිතය, දියුණු රටක තිබුණු ව්‍යාපාරය, තමන්ගේ පවුල මේ හැමදේම අතෑරලා, කැලෑවක් මැද තියෙන මැටි ගෙදරකට යන්න තරම් හයියක් තියෙන ගැහැනියක් ගැන ඔබ අහලා තියෙනවද..?

    අද මම ඔබට කියන්න යන්නේ, මුළු ලෝකයම පුදුම කරපු, කරෝලා සහ ලෙමාලියන් ගේ අමුතුම ආදර කතාව ගැන. මේක මීට වසර කිහිපයකට කලින් ඇත්තටම සිද්ධ වුණු දෙයක්.
    ✨
    කතාව පටන් ගන්නේ කෙන්යාවේ ලස්සන වෙරළ තීරයකින්. කරෝලා කියන්නේ ස්විට්සර්ලන්තයේ ජීවත් වුණු රූමත් තරුණියක්. ඇය තමන්ගේ පෙම්වතා වුණු ස්ටෙෆාන් එක්ක නිවාඩුවක් ගත කරන්න කෙන්යාවට එනවා. නිවාඩුවේ අන්තිම දවසේ ඔවුන් තොටුපළක ගමන් කරද්දී, කරෝලාගේ ඇස ගැටෙන්නේ අමුතුම රූපයක්.
    ඒ තමයි ලෙමාලියන් ඔහු සාම්ප්‍රදායික මසායි ගෝත්‍රික රණශූරයෙක්. රතු පාට රෙදි කඩක් ඇඳගෙන, අතේ හෙල්ලක් දරාගෙන, තේජවන්ත විදිහට හිටපු මේ කළු ජාතික තරුණයා දුටු සැනින් කරෝලාගේ හිත නතර වුණා. ඇයට දැනුණේ මේ මගේ මිනිහා කියන හැඟීම.

    ⚔️
    එදා රෑ කරෝලාගේ පෙම්වතා ස්ටෙෆාන්, ටිකක් අමුතු මිනිහෙක්ගෙන් මත්ද්‍රව්‍ය ගන්න ගිහින් ලොකු කරදරයක වැටෙනවා. හොරු ටිකක් ඔවුන්ව වට කරලා කොල්ලකන්න හදද්දී, හරියට චිත්‍රපටයක වීරයෙක් වගේ එතනට කඩා වදින්නේ ලෙමාලියන් ඔහු ඒ හොරුන්ව පන්නලා දාලා කරෝලාවයි ස්ටෙෆාන්වයි බේරගන්නවා.
    කරෝලාට ඕන වුණේ මේ උදව්වට ලෙමාලියන්ට ස්තූති කරන්න. ඇය ඔහුට පොඩි සංග්‍රහයකට ආරාධනා කළත්, ස්ටෙෆාන් ඒකට විරුද්ධ වෙලා රණ්ඩු වුණා. හැබැයි කරෝලා නතර වුණේ නැහැ. ඇය තනියම ගිහින් ලෙමාලියන් එක්ක කතා කළා, ඔහුත් එක්ක නැටුවා. ඒ මොහොතේ ඔවුන් දෙන්නා අතරේ වචනවලින් විස්තර කරන්න බැරි බැඳීමක් ඇති වුණා.
    🛫
    ඊළඟ දවසේ උදේ ඔවුන්ට ආපහු ස්විට්සර්ලන්තයට යන්න ගුවන් තොටුපළට යන්න තිබුණා. හැමෝම හිතුවේ කරෝලා සාමාන්‍ය විදිහට පිටත් වෙයි කියලා. හැබැයි අන්තිම මොහොතේ ඇය තමන්ගේ තීරණය වෙනස් කළා

    "මම යන්නේ නැහැ ස්ටෙෆාන්, මට මෙහෙ ඉන්න ඕනේ... මට සමා වෙන්න මම ලෙමාලියන් එක්ක ආදරෙන් බැඳිලා.. "


    ඇගේ පෙම්වතා කෝපයෙන් සහ වේදනාවෙන් ඇයව දාලා යද්දී, කරෝලා තමන්ගේ ගමන් මලුත් අරගෙන ආපහු හැරුණේ ලෙමාලියන්ව හොයාගෙන. ඒත් ලෙමාලියන් ඒ වෙද්දී තමන්ගේ ගම්මානයට ගිහින් ඉවරයි.

    🏜️
    කරෝලා දන්නේ නැහැ ඔහු කොහේද ඉන්නේ කියලා. ඇය කෙන්යාවේ තැන් තැන්වල ඇවිදලා, අන්තිමේදී එලිසබෙත් කියලා විදේශීය කාන්තාවක් මුණගැහෙනවා. එලිසබෙත් ඇයට අනතුරු ඇඟෙව්වා

    "කරෝලා, මේක ඔයා හිතනවා වගේ ලස්සන හීනයක් නෙවෙයි. එහේ ලයිට් නැහැ, වතුර නැහැ, කෑම නැහැ. ඔයාට ඒ ගෝත්‍රික ජීවිතේට හුරු වෙන්න බැරි වෙයි."
    හැබැයි ආදරයෙන් උමතු වුණු කරෝලා ඒ කිසිම දෙයක් ඇහුවේ නැහැ. දවස් දහයක් බලාගෙන හිටියට පස්සේ ලෙමාලියන් ඇයව හොයාගෙන ආවා. ඔවුන්ගේ බැඳීම ආයෙත් අලුත් වුණා. ඔහු ඇයව තමන්ගේ ගමට එක්කගෙන ගියා.
    🐐
    කරෝලා ගමට ගියාම දැක්ක දේවල් වලින් ඇය මවතී වුණා. ලෙමාලියන් ඇතුළු පිරිස එළු ලේ පානය කළා. ජීවත් වුනේ ගොම සහ මැටිවලින් හදපු පුංචි පැල්පත්. ඔන්ගේ සම්ප්‍රදායට අනුව ප්‍රසිද්ධියේ ආදරය පෙන්වීම තහනම්. ගැහැනුන් හැමවෙලේම පිරිමින්ට යටත්ව ඉන්න ඕනේ.
    මේ හැමදේම මැද කරෝලාට මැලේරියාව හැදුණා. ඇය මරණාසන්නව ඉද්දී ලෙමාලියන් ඉතාමත් ආදරයෙන් ඇයව බලාගත්තා. ඒ ආදරය නිසාම ඇය තීරණය කළා තමන්ගේ රටේ තිබුණු ව්‍යාපාරය වහලා දාලා, ස්විට්සර්ලන්තයේ සැප සම්පත් අතෑරලා, සම්පූර්ණයෙන්ම කෙන්යාවේ පදිංචි වෙන්න.
    💍
    ඔවුන් මසායි චාරිත්‍ර වාරිත්‍ර මැද විවාහ වුණා. කරෝලා උත්සාහ කළා ඒ ගමේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න. ඇය එතන කෑම කඩයක් පටන් ගත්තා. හැබැයි ඒක ඒ ගමේ සම්ප්‍රදායට විරුද්ධ දෙයක්. මොකද ගැහැනියක් ව්‍යාපාර කිරීම ඔවුන් අනුමත කළේ නැහැ.
    මේ අතරේ කරෝලාට තවත් දරුණු අත්දැකීමකට මුහුණ දෙන්න වුණා. ඒ තමයි කුඩා ගැහැණු ළමයින්ගේ චර්මච්ඡේදනය කිරීමේ චාරිත්‍රය (FGM). ඇය ඒක නතර කරන්න හැදුවත්, ලෙමාලියන් කිව්වේ මේක අපේ සම්ප්‍රදාය, ඔයාට ඒක වෙනස් කරන්න බැහැ කියලා.

    💔
    කාලයත් එක්ක කරෝලාගේ සාර්ථකත්වය ලෙමාලියන්ට දරාගන්න බැරි වුණා. ඔහු හිතුවේ ඇය කඩයට එන පිරිමින් එක්ක අනියම් සම්බන්ධකම් පවත්වනවා කියලා. අධික ලෙස ඊර්ෂ්‍යාවෙන් පෙළුණු ලෙමාලියන් සහ කරෝලා අතර හැමදාම රණ්ඩු ඇති වුණා.

    කරෝලා ලස්සන දියණියකට උපත දුන්නා. ලෙමාලියන් තමන්ගේ පෙනුම පවා වෙනස් කරගත්තා නූතන මිනිසෙක් වෙන්න හිතාගෙන. ඒත් ඔවුන්ගේ සිතිවිලි අතර තිබුණු පරතරය අඩු වුණේ නැහැ. කරෝලා උත්සාහ කළේ ජීවිතය දියුණු කරගන්න, ලෙමාලියන් උත්සාහ කළේ සම්ප්‍රදාය ඇතුළේ හිරවෙන්න.
    ✈️
    අන්තිමේදී කරෝලා තේරුම් ගත්තා ආදරය විතරක් ජීවත් වෙන්න මදි කියලා. තමන්ගේ දියණියගේ අනාගතය වෙනුවෙන් සහ තමන්ගේ නිදහස වෙනුවෙන් ඇය ආයෙත් ස්විට්සර්ලන්තයට යන්න තීරණය කළා.

    තමන් පණ වගේ ආදරය කරපු, ඒ වෙනුවෙන් මුළු ලෝකයම අතෑරපු ලෙමාලියන්ව සහ ඒ මැටි ගෙදර අතෑරලා කරෝලා ආපහු ගියා. ලෙමාලියන් දුකෙන් වුණත් ඒකට ඉඩ දුන්නා, මොකද ඇය ආයෙත් එන්නේ නැති බව ඔහු හදවතින්ම දැනගෙන හිටියා.

    🧐
    ආදරය කියන්නේ පිස්සුවක් හැඟීම්වලට විතරක් ඉඩ දීලා ගන්න තීරණ හැමදාම සාර්ථක වෙන්නේ නැහැ.

    ලෝක දෙකක ජීවත් වෙන දෙන්නෙක් එකතු වෙද්දී, ආදරයට වඩා අවබෝධය සහ එකඟතාවය වැදගත් වෙනවා.
    කරෝලා කියන්නේ තමන්ගේ සතුට වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාරගන්න පුළුවන් සහ අවශ්‍ය තැනදී තීරණාත්මකව සමුගන්න පුළුවන් ශක්තිමත් ගැහැනියක්.
    අද කරෝලා ස්විට්සර්ලන්තයේ ජීවත් වෙනවා. ඇය තමන්ගේ මේ අත්දැකීම ඇසුරින්
    The White Masai නමින් පොතක් ලිව්වා,
    පස්සේ ඒක ලෝකප්‍රකට චිත්‍රපටයක් වුණා.
    🌍



    May be an image of one or more people, temple and text






     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    ඕකෙන් ගන්න තියෙන පාඩම තමයි පුලුවන් තරම් පින්දහම් කරපල්ලා කියන එක. පහුවෙලා හරි පඩිසන් දෙනවා.

    දැක්කනේ කෙන්යාවේ කැලේක එලු හුජ්ජ බොන ගෝත්‍රිකයෙක් වෙලා හිටියත් සුදු kimbak හොයන් ඇවිත් හම්බවෙන්න තරං පිනක් තිබිලා. 🤭
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,658
    2,474
    113
    43
    Wakanda
    ඕකෙන් ගන්න තියෙන පාඩම තමයි පුලුවන් තරම් පින්දහම් කරපල්ලා කියන එක. පහුවෙලා හරි පඩිසන් දෙනවා.

    දැක්කනේ කෙන්යාවේ කැලේක එලු හුජ්ජ බොන ගෝත්‍රිකයෙක් වෙලා හිටියත් සුදු kimbak හොයන් ඇවිත් හම්බවෙන්න තරං පිනක් තිබිලා. 🤭
    නැත්තන් මුරකුටියකට වෙලා අම්ම දිහා බල බල අතේ ගගහ ඉන්න වෙන්නෙ ජීවිතේට දැකලවත් නැති හොර දේශපාලුවන්ගෙ පුකවල් හෝද හෝද
     
    • Haha
    Reactions: shenat