අංගුත්තර නිකාය
සත්තක නිපාතෝ
7.1.2.5. උදකූපම පුග්ගල සුත්තං
7.1.2.5. දිය උපමා කොට පුද්ගලයා ගැන වදාළ දෙසුම
(සාවත්ථිනිදානං)
සැවැත් නුවර දී ය …..
සත්තිමේ භික්ඛවේ උදකූපමා පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ සත්ත:
මහණෙනි, මේ සත් වැදෑරුම් දිය උපමා කොට ගත් පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සත් දෙනෙක් ද යත්;
ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ සකිං නිමුග්ගෝ නිමුග්ගෝව හෝති. ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා නිමුජ්ජති. ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා ඨිතෝ හෝති. ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා විපස්සති, විලෝකේති. ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පතරති. ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පතිගාධප්පත්තෝ හෝති. ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා තිණ්ණෝ හෝති පාරගතෝ ථලේ තිට්ඨති බ්‍රාහ්මණෝ.
මහණෙනි, මෙහිලා එක් පුද්ගලයෙක් වරක් දියෙහි ගිලුණේ, ගිලුණේ ම වෙයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී නැවත යටට ගිලෙයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී සිටින්නේ වෙයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී හොඳින් බලයි, හාත්පස වටපිට බලයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී එතෙර බලා පිහිනා යයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී පිහිට ඇති තැනට පැමිණියේ වෙයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී පිහිනා එතෙරට ගියේ, පරතෙරට ගියේ, ගොඩබිම සිටියේ, බ්‍රාහ්මණයා වෙයි.
(1) කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ සකිං නිමුග්ගෝ නිමුග්ගෝව හෝති: ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ සමන්නාගතෝ හෝති ඒකන්ත කාළකේහි අකුසලේහි ධම්මේහි. ඒවං ඛෝ භික්ඛවේ පුග්ගලෝ සකිං නිමුග්ගෝ නිමුග්ගෝව හෝති.
1. මහණෙනි, පුද්ගලයෙක් එක් වරක් දියේ ගිලුනොත් ගිලුණේ ම වන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඒකාන්ත කළු පැහැයෙන් යුතු අකුසල ධර්මයෙන් සමන්විත වූයේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා එක් වරක් දියේ ගිලුනොත් ගිලුණේ ම වෙයි.
(2) කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා නිමුජ්ජති: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජති “සාධු සද්ධා කුසලේසු ධම්මේසු, සාධු හිරි ....(පෙ).... සාධු ඔත්තප්පං ....(පෙ).... සාධු විරියං ....(පෙ).... සාධු පඤ්ඤා කුසලේසු ධම්මේසූ”ති තස්ස සා සද්ධා නේව තිට්ඨති, නෝ වඩ්ඪති, හායතේව. තස්ස සා හිරි ....(පෙ).... තස්ස තං ඔත්තප්පං ....(පෙ).... තස්ස තං විරියං ....(පෙ).... තස්ස සා පඤ්ඤා නේව තිට්ඨති, නෝ වඩ්ඪති, හායතේව. ඒවං ඛෝ භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා නිමුජ්ජති.
2. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී යළි ගිලෙන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. නමුත් ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොපවතියි. නොවැඩෙයි. පිරිහී යන්නේ ම ය. ඔහුගේ ඒ පවට ඇති ලැජ්ජාව ….(පෙ)…. පවට ඇති භය ….(පෙ)…. වීරිය ….(පෙ)…. ඔහුගේ ඒ ප්‍රඥාව නොපවතියි. නොවැඩෙයි. පිරිහී යන්නේ ම ය. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට පැමිණියේ නමුත් යළි ගිලෙන්නේ වෙයි.
(3) කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා ඨිතෝ හෝති: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජති “සාධු සද්ධා කුසලේසු ධම්මේසු, සාධු හිරි ....(පෙ).... සාධු ඔත්තප්පං ....(පෙ).... සාධු විරියං ....(පෙ).... සාධු පඤ්ඤා කුසලේසු ධම්මේසූ”ති. තස්ස සා සද්ධා නේව හායති, නෝ වඩ්ඪති, ඨිතා හෝති. තස්ස සා හිරි ....(පෙ).... තස්ස තං ඔත්තප්පං ....(පෙ).... තස්ස තං විරියං ....(පෙ).... තස්ස සා පඤ්ඤා නේව හායති, නෝ වඩ්ඪති, ඨිතා හෝති. ඒවං ඛෝ භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා ඨිතෝ හෝති.
3. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී සිටින්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොපිරිහෙයි. නොවැඩෙයි. සිටියා ම වෙයි. ඔහුගේ ඒ පවට ඇති ලැජ්ජාව ….(පෙ)…. පවට ඇති භය ….(පෙ)…. වීරිය ….(පෙ)…. ඔහුගේ ඒ ප්‍රඥාව නොපිරිහෙයි. නොවැඩෙයි. සිටියා ම වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට පැමිණියේ සිටියේ වෙයි.
(4) කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා විපස්සති, විලෝකේති: ඉධ පන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජති “සාධු සද්ධා කුසලේසු ධම්මේසු, සාධු හිරි ....(පෙ).... සාධු ඔත්තප්පං ....(පෙ).... සාධු විරියං ....(පෙ).... සාධු පඤ්ඤා කුසලේසු ධම්මේසූ”ති. සෝ තිණ්ණං සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නෝ හෝති අවිනිපාතධම්මෝ නියතෝ සම්බෝධිපරායනෝ. ඒවං ඛෝ භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා විපස්සති. විලෝකේති.
4. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී හොඳින් බලන්නේ, හාත්පස වටපිට බලන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. හේ ත්‍රිවිධ සංයෝජනයන් ගෙවා දැමීමෙන් සෝවාන් වූයේ වෙයි. අපායට නොවැටෙන ස්වභාව ඇත්තේ, ස්ථිරව ම නිවන අවබෝධ කරන්නේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට පැමිණියේ, හොඳින් බලන්නේ, හාත්පස වටපිට බලන්නේ වෙයි.
(5) කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පතරති: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජති “සාධු සද්ධා කුසලේසු ධම්මේසු, සාධු හිරි ....(පෙ).... සාධු ඔත්තප්පං ....(පෙ).... සාධු විරියං ....(පෙ).... සාධු පඤ්ඤා කුසලේසු ධම්මේසූ”ති. සෝ තිණ්ණං සංයෝජනානං පරික්ඛයා රාගදෝසමෝහානං තනුත්තා සකදාගාමී හෝති. සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරෝති. ඒවං ඛෝ භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පතරති.
5. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී එතෙර බලා පිහිනා යන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. හේ ත්‍රිවිධ සංයෝජනයන් ගෙවා දැමීමෙන්, රාග ද්වේෂ මෝහ තුනී බවට පත්වීමෙන් සකදාගාමී වූයේ වෙයි. මෙලොවට එක් වරක් ම අවුත් දුක් කෙළවර කරන්නේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට මතු වී එතෙර බලා පිහිනා යන්නේ වෙයි.
(6) කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පතිගාධප්පත්තෝ හෝති: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජති “සාධු සද්ධා කුසලේසු ධම්මේසු, සාධු හිරි ....(පෙ).... සාධු ඔත්තප්පං ....(පෙ).... සාධු විරියං ....(පෙ).... සාධු පඤ්ඤා කුසලේසු ධම්මේසූ”ති. සෝ පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකා. ඒවං ඛෝ භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පතිගාධප්පත්තෝ හෝති.
6. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී පිහිට ඇති තැනට පැමිණෙන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. හේ පංච ඕරම්භාගීය සංයෝජනයන් ගෙවා දමා සුද්ධාවාස බඹලොව ඕපපාතික ව උපදින්නේ වෙයි. ඒ ලොවින් නැවත මෙලොවට හැරී නොඑන ස්වභාවයෙන් යුතුව එහි පිරිනිවන් පාන්නේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට මතු වී පිහිට ඇති තැනට පැමිණියේ වෙයි.
(7) කථඤ්ච භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා තිණ්ණෝ හෝති පාරගතෝ ථලේ තිට්ඨති බ්‍රාහ්මණෝ: ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජති “සාධු සද්ධා කුසලේසු ධම්මේසු, සාධු හිරි ....(පෙ).... සාධු ඔත්තප්පං ....(පෙ).... සාධු විරියං ....(පෙ).... සාධු පඤ්ඤා කුසලේසු ධම්මේසූ”ති. සෝ ආසවානං ඛයා අනාසවං චේතෝ විමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඒවං ඛෝ භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා තිණ්ණෝ හෝති පාරගතෝ ථලේ තිට්ඨති බ්‍රාහ්මණෝ.
7. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී පිහිනා එතෙරට ගියේ, පරතෙරට ගියේ, ගොඩබිම සිටියේ, බ්‍රාහ්මණයා වන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. හේ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වසන්නේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට මතු වී පිහිනා එතෙරට ගියේ, පරතෙරට ගියේ, ගොඩබිම සිටියේ, බ්‍රාහ්මණයා වෙයි.
ඉමේ ඛෝ භික්ඛවේ සත්ත උදකූපමා පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති.
මහණෙනි, මේ සත් වැදෑරුම් දිය උපමා කොට ගත් පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
උදකූපම පුග්ගල සූත්‍රය නිමා විය.
https://tripitaka.online/sutta/10702
------
Post added on Apr 19, 2026 at 8:14 PM