වැඩිදුරටත් කරුණු දක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් "ස්වාමීනී මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දුන් යුද හමුදා බුද්ධි අංශ සාමාජික කලීල් නමැත්තාගේ නිවසට අත් බෝම්බ සහ පිස්තෝලයක් දමා ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතිනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා තමයි එය කිරීමට සූදානම් කරන්නේ. මේ පිටුපස සිටින්නේ යුද හමුදාව බුද්ධි අංශයේ කණ්ඩායමක්. පොලිස් විශේෂ කාර්ය බලකාය භාරව කටයුතු කළ වරුණ ජයසුන්දර නමැති නිලධාරියත් මේකට සම්බන්ධයි. වරුණ ජයසුන්දර මේ කුමන්ත්‍රණයේ සහභාගිකරුවෙක්" යනුවෙන් සඳහන් කළේය.
ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, "මේක බරපතළ තත්ත්වයක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවල ප්‍රමාදයක් තිබෙනවා. නමුත් දැනට සිදු කර තිබෙන විමර්ශන සම්බන්ධයෙන් අධිකරණය සෑහීමට පත්වෙනවා. නමුත් අධිකරණයට සාක්ෂි ලබාදුන් පුද්ගලයකුට යම් බලපෑමක් සිදු වෙලා තිබෙනවා නම් ඒ ගැන අධිකරණය විමසිලිමත් වෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නය මුලින්ම විසඳගන්න අවශ්‍යයි. වරුණ ජයසුන්දර නමැති පුද්ගලයා මේ සාක්ෂිකරුට බලපෑම් කළ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා ද?" යනුවෙන් විමසුවේ ය.
ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා "මේ සම්බන්ධයෙන් ඍජුව ම සාක්ෂි නෑ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා," යනුවෙන් සඳහන් කළේ ය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ, "අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී සියලු පාර්ශව තහවුරු කළ කරුණු ඉදිරිපත් කළ යුතු යි. යුක්තිය ඉටු කිරීම සඳහා එය බෙහෙවින් වැදගත්. මොක ද ඉදිරිපත් වන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුයි. එසේ නොකළහොත් ඉදිරිපත් කරන චෝදනා අසාර්ථක වෙන්න පුළුවන්. එසේ වුවහොත් වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට නොහැකි වෙනවා," යනුවෙන් අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා තහවුරු කළ කරුණු පමණක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.
https://www.bbc.com/sinhala/articles/cd9v41y8gp5o
මුන් සාක්ෂි ඍජු සාක්ෂි තියෙනවා කියල කියන්නේ උන්ට අහන්න ලැබුණු කට කතා. උඹලට මේ වගේ නීතිපතිලා ඉන්න රටක ජීවත් වෙන්න භය නැද්ද? මුන්ට හිතෙන හිතළු අනුව මිනිස්සු අත්අඩංගුවට ගන්නත් හිරේ දාන්නත් පුළුවන්.