කොලබ කැම්පස් එකටත් ලැජ්ජයි - හැකරයා සල්ලි ටික තියාගෙන ඉඳිවි මේන් කියලා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඩිජිටල්කරණ ක්‍රියාවලියේදී සයිබර් ප්‍රහාර එල්ල වීම සාමාන්‍ය ලක්ෂණයක් වුවද, මෑතකදී වාර්තා වූ මූල්‍ය වංචාව කොපමණ කාලයක සිට සිදුවූවක්ද යන්න පිළිබඳව දැනට සිදු කෙරෙන පරීක්ෂණවලින් සම්පූර්ණ විස්තරයක් අනාවරණය කරගත හැකි වනු ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.


    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස සිද්ධියට කිසිවකු සම්බන්ධ දැයි සහ එය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ඉදිරියේදී නිවැරදිව දැනගත හැකි වනු ඇත.

    අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙය සෘජුවම ඩිජිටල් පද්ධතියක් හැක් කිරීමට වඩා, ජාත්‍යන්තර සමාගමකට අනුරූපී වන පරිදි සමාන ඩොමේන් නාමයක් සහ ඊමේල් ලිපින භාවිතා කරමින් සිදුකළ නොමඟ යැවීමක් බවයි.

    අදාළ ආයතනයේ නිලධාරීන් එම වෙනස හඳුනා නොගැනීම හේතුවෙන් මෙම ගැටලුව හටගෙන ඇති බවට විශ්වාස කරන බවත්, මෙයට ආයතනය තුළ පුද්ගලයන්ගේ සම්බන්ධයක් තිබේද යන්න පරීක්ෂණවලින් තහවුරු විය යුතු බවත් ඔහු පැවසීය.

    මෙම මුදල් බැංකු පද්ධතිය හරහා හුවමාරු වී ඇති බැවින් මුදල් බැර වූ ස්ථානය පිළිබඳව නිවැරදි ඩිජිටල් සලකුණු පවතින බවත්, ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව එම මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා රජයේ ඩිජිටල් පද්ධති පැය 24 පුරාම නිරීක්ෂණය කෙරෙන ජාතික ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවත්, දැනට ආයතන 12ක් ඒ හා සම්බන්ධ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව එම මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.


    හැකා ඉන්නෙ උතුරු කොරියාවෙනම් මොකද කරන්නෙ! මෙහෙ මාට්ටු උනා නොර්ත් කොරියන් උන් වෙන රටවලින් පීසි රෙන්ට් එකට අරන් එ එ රටවලින් හොර ඩොකියුමන්ට් හදල / ඇමසොන් - ගූගල් වගෙ පත කම්පැනි වල රිමොට් ජොබ් කරපු සීන් ගොඩක්!

    මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා රජයේ ඩිජිටල් පද්ධති පැය 24 පුරාම නිරීක්ෂණය කෙරෙන ජාතික ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවත්, දැනට ආයතන 12ක් ඒ හා සම්බන්ධ කර ඇති බවත් ඔහු සඳහන් කළේය. -ආන්ඩුව මිනිස්සුන්ගෙ වැඩ ගැන හොරෙන් බලන් ඉන්නවා කියල නොකිය කියන්නෙ මෙහෙමයි!
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,186
    29,849
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිල් ජංගි ත්‍රස්තවාදී අතින් අරං උකෙන් තියාගෙන දැන් කියනවා ඇරියේ නෑ ලු🤣 ඇස්ලෝං බට, මෝල්ගස් බස්සගත්ත තරමට ඩොලර් නතිං ඕකුන්ට.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    ඇතුලේ උන්ගේ ගේමක් අනිවාර්යෙන්. උන්ගේ පඩි වලින් පාඩුව අය කරන්න ඕන.
     
    • Haha
    Reactions: Inigo Montoya

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    Do not deviate the issue ..... Hacker is not the issue . Hackers had breached many a bank including a relatively new Bank and they informed this but no such fund transfers.
    Who paid this money and through what platform . Money cannot be paid without banking channels eg SWIFT, TT
    So the account needs to be verified ? If not all including Chief Finance Officer (Secretary to Treasury/ Finance ) are accountable? So how come Sec to Finance /Treasury appoint a committee to investigate ? this is similar to Shani and Ravi investigating Easter Bomb?
    Sri Lanka is funny country. We may bankrupt again at this rate. AKD and his NPP supporters are in the process of .....
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,622
    2,395
    113
    43
    Wakanda
    ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව එම මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.


    හැකා ඉන්නෙ උතුරු කොරියාවෙනම් මොකද කරන්නෙ! මෙහෙ මාට්ටු උනා නොර්ත් කොරියන් උන් වෙන රටවලින් පීසි රෙන්ට් එකට අරන් එ එ රටවලින් හොර ඩොකියුමන්ට් හදල / ඇමසොන් - ගූගල් වගෙ පත කම්පැනි වල රිමොට් ජොබ් කරපු සීන් ගොඩක්!

    මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා රජයේ ඩිජිටල් පද්ධති පැය 24 පුරාම නිරීක්ෂණය කෙරෙන ජාතික ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවත්, දැනට ආයතන 12ක් ඒ හා සම්බන්ධ කර ඇති බවත් ඔහු සඳහන් කළේය. -ආන්ඩුව මිනිස්සුන්ගෙ වැඩ ගැන හොරෙන් බලන් ඉන්නවා කියල නොකිය කියන්නෙ මෙහෙමයි!

    උතුරු කොරියාවෙ ඉන්ටනෙට් නෑනෙ බං
    අනික ආන්ඩුවට හොරෙන් උන්ට ඕව කරන්ඩ බෑ. පවුල් පිටින් මරන්නෙ පොඩි දේටත්
     

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    උතුරු කොරියාවෙ ඉන්ටනෙට් නෑනෙ බං
    අනික ආන්ඩුවට හොරෙන් උන්ට ඕව කරන්ඩ බෑ. පවුල් පිටින් මරන්නෙ පොඩි දේටත්
    ලෝකේ ගොඩක් Hack වල පිටිපස්සේ ඉන්නෙ North Korean Hacker ල තමයි.

    උන්ගෙ ආණ්ඩුවෙන් අවුලක් නෑ West වලට Attack කරන එකට
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,222
    4,041
    113
    ඒ මේහ්...මම තමයි හර්ශ ද සිල්වා කියන්නෙ 😂අර නිව්ස් වලට එහෙමත් පෙන්නන්නෙ

     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    උතුරු කොරියාවෙ ඉන්ටනෙට් නෑනෙ බං
    අනික ආන්ඩුවට හොරෙන් උන්ට ඕව කරන්ඩ බෑ. පවුල් පිටින් මරන්නෙ පොඩි දේටත්

    තොට මොන්ගල්ද? ගූගල්කරපම් ලාසරස් ගුරුප් ( lazarus group) කියල! උතුරු කොරියාවෙ හොදට ඉන්ටර්නෙට් තියෙනවා! ෆුල් හයි ස්පීඩ් එවා!

    උන්ගෙ ආන්ඩුවෙන් තමයි හැක් කොරන්නෙ! කිම්ට රොකට් හදන්න සල්ලි මදි උනාම එක එක ජාවාරම් වෙනවා! 2025 අවුරුද්දට ඩොලර් බිලියන 2ක වගෙ ක්‍රිප්ටො හැක් කරා උන්!
     

    Similar threads