METRO BUS නම් අැත්තටම සුපිරියක්..😍❤️👍

nul

Well-known member
  • Aug 7, 2017
    3,653
    4,880
    113
    ලංකාවෙ public transport වල සෑහෙන්න අඩුවක් තියෙනවා. ඒක හින්දා දවසට එක මනුස්සයෙක්ගෙ පැය ගාණක් නාස්තිවෙනවා පාරටම. ඒ වගේ ලොකු ප්‍රශ්න විසඳන්න දෙයක් නොකර සුළු පිරිසකට විතරක් ගැලපෙන දෙයක් කරන එකෙන් ලොකු ප්‍රයෝජනයක් නෑ. වැඩිපුර සල්ලි ගෙවලා යන්න බස් දාන්න ආණ්ඩුවක් ඕනිත් නෑ (අනුර සහෝ ඉස්සර හිතපු විදියට) . අපි දැකලා තියෙනවානෙ කලිනුත් ඔය වගේම තිබුණ බස් වලට මොකද වුණේ කියලා. හැබැයි ඉතින් "highway හදන්නෙ ඇඹුල් තියල් ගෙනියන්න" කියන්න තරම් කුහක නෑ නෙ මං 🥱
    කුහක හෑල්ලට හේතුව පැහැදිලියි 😂😂😂😂.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    2007 වගෙත් low floor bus ආවනේ. මේව කොච්චර කාලයක් දුවයිද කියන එක මත තමා success එක depend වෙන්නෙ.කොච්චර කාලයක් loss එක afford කරන්න පුලුවන්ද? මේව Air brake systems නන් හරියට maintain වෙන්න ඕන.
     
    • Like
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,451
    16,663
    113
    🚎🚎ශ්‍රී ලංකාවේ මෙට්‍රෝ බස් විප්ලවය: පොදු ප්‍රවාහනයේ නව මානයක්

    ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ දශක ගණනාවක් තිස්සේ පැවති අවිධිමත් බව සහ මගී අපහසුතා අවසන් කිරීමේ අරමුණින් "Metro Bus" (LMT GO) සේවාව හඳුන්වා දී ඇත. මෙම නවීන Low Floor බස් රථ සේවාව මගින් මගීන්ට ගුණාත්මක, ගරු කටයුතු සහ තාක්ෂණික මෙවලම්වලින් සමන්විත ගමන් අත්දැකීමක් ලබා දීම අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවතින දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස පෞද්ගලික වාහන හිමියන් පොදු ප්‍රවාහනයට ආකර්ෂණය කර ගැනීම මෙහි මූලික අරමුණයි.

    මෙම සේවාවේ කොඳු නාරටිය වන්නේ "LMT GO"*ජංගම දුරකථන යෙදුමයි. බොහෝ දෙනා මෙය "Metro Bus" ලෙස හැඳින්වුවද, ඇප් එකේ නාමය LMT GO ලෙස පැවතීම ආරම්භයේදී යම් ව්‍යාකූලත්වයක් ඇති කළද, එහි ඇති පහසුකම් අතිමහත්ය. මගීන්ට තම ගමනාන්තය සැලසුම් කිරීමට, බස් රථය පවතින ස්ථානය සජීවීව බලා ගැනීමට (Live Tracking) සහ බස් රථය පැමිණෙන වේලාව නිවැරදිව දැන ගැනීමට මෙහිදී හැකියාව ලැබේ. මීට අමතරව, මුදල් භාවිතයෙන් තොරව QR කේතයක් මගින් ගෙවීම් කිරීමේ පහසුකම (E-wallet) නිසා මාරු සල්ලි පිළිබඳ ගැටලුව සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇත.

    මෙට්‍රෝ බස් රථවල ගමන් මාර්ග සැලසුම් කර ඇත්තේ හුදෙක් ලාභය පමණක් අරමුණු කරගෙන නොවේ. බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූ ටවුන් හෝල් සහ ඇස් වාට්ටුව හරහා දිවෙන මාර්ගය ඇත්ත වශයෙන්ම රෝගීන් සහ ආබාධිත පුද්ගලයින්ගේ පහසුව වෙනුවෙන් නිර්මාණය වූවකි. රෝද පුටු භාවිත කරන්නන්ට පවා ස්වාධීනව බස් රථයට ගොඩවිය හැකි පරිදි සකසා ඇති මෙම සේවාව, කොළඹ මහ රෝහල ඇතුළු ප්‍රධාන වෛද්‍ය මධ්‍යස්ථාන ආවරණය කිරීම රජයේ සහ ප්‍රවාහන බලධාරීන්ගේ මානුෂීය මැදිහත්වීමක් ලෙස අගය කළ හැකිය.

    සාම්ප්‍රදායික බස් රථ මෙන් නොව, මෙට්‍රෝ බස් රථ සෑම බස් නැවතුමකම හෝ සෑම හන්දියකම නතර නොකරයි. මෙය "සීමිත නැවතුම්" (Limited Stops) සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අතර එමගින් ගමන් කාලය විශාල වශයෙන් ඉතිරි කර ගත හැකිය. බස් රථයේ මගීන් පස් දෙනෙකු සිටියද නියමිත වේලාවට බස් රථය ධාවනය ආරම්භ කිරීම මෙහි ඇති සුවිශේෂී ගුණාංගයකි. සෙනඟ පුරවන තුරු බස් නැවතුම්වල කාලය නාස්ති නොකරන නිසා, රැකියා සඳහා යන පිරිස්වලට සහ ව්‍යාපාරිකයින්ට මෙය වඩාත් විශ්වාසදායක සේවාවක් බවට පත්ව ඇත.

    ශ්‍රී ලංකාවේ මාර්ග තදබදය අවම කිරීමට නම් මගියාට අවශ්‍ය වන්නේ කරුණු දෙකකි: එනම් ගමනේ සුවපහසුව සහ ගමනට ගතවන කාලය අවම වීමයි. වායුසමනය කළ (A/C), පිරිසිදු මෙන්ම ආරක්ෂිත මෙට්‍රෝ බස් රථය මෙම අවශ්‍යතා දෙකම සපුරාලයි. වත්මන් නියමු ව්‍යාපෘතිය (Pilot Project) සාර්ථක වීමට නම්, බස් රථ සංඛ්‍යාව වැඩි කරමින් විනාඩි 10ක් වැනි කෙටි කාලසීමාවක් තුළ බස් රථයක් ලබා ගැනීමට පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය වේ. ජනතාව මෙම නවීන ක්‍රමවේදයට හුරු වන තෙක් අඛණ්ඩව මෙම සේවාව පවත්වාගෙන යාම බලධාරීන් සතු වගකීමකි.
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,420
    16,619
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒත් මීට කලින් low floor බස් ලංකාවෙ තිබුණෙ නෑ වගේ මේක මාර මෙව්වා එකක් කියලා hype කරලා සෑහෙන්න post ගාණක් social media වල දකිද්දි එන මට ආපු reaction එක තමයි comment කරේ.
    this is not just a low-floor bus bn, this has facilities for disabled passengers which is first time in sri lanka.
    at least have a proper look at the bus before criticizing.

    2007 වගෙත් low floor bus ආවනේ. මේව කොච්චර කාලයක් දුවයිද කියන එක මත තමා success එක depend වෙන්නෙ. කොච්චර කාලයක් loss එක afford කරන්න පුලුවන්ද? මේව Air brake systems නන් හරියට maintain වෙන්න ඕන.
    this is not just a low-floor bus bn, this is has facilities for disabled passengers which is first time in sri lanka.
    they should think about marketing and planning, & they should improve the number of busses soon.
    ------ Post added on Apr 25, 2026 at 9:05 PM
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,322
    22,799
    113
    Oof 🙄 මාත් දැනගන්න ඕනි දායක සභාවට අපහස නොකර ඉන්න.

    Robotaxi, EV කියන්නෙ අලුත් දෙයක්. මේකෙත් payment system එක අලුත්, ඒක මිනිස්සුන්ට පුරුදු කරන්න vlog කරන එකේ කිසි අවුලක් නෑ.

    ඒත් මීට කලින් low floor බස් ලංකාවෙ තිබුණෙ නෑ වගේ මේක මාර මෙව්වා එකක් කියලා hype කරලා සෑහෙන්න post ගාණක් social media වල දකිද්දි එන මට ආපු reaction එක තමයි comment කරේ. ඒක කුහක කම වෙන්නත් පුලුවන්, ආණ්ඩුවල media show එපා වෙලා වෙන්නත් පුලුවන්.

    ලංකාවෙ public transport වල සෑහෙන්න අඩුවක් තියෙනවා. ඒක හින්දා දවසට එක මනුස්සයෙක්ගෙ පැය ගාණක් නාස්තිවෙනවා පාරටම. ඒ වගේ ලොකු ප්‍රශ්න විසඳන්න දෙයක් නොකර සුළු පිරිසකට විතරක් ගැලපෙන දෙයක් කරන එකෙන් ලොකු ප්‍රයෝජනයක් නෑ. වැඩිපුර සල්ලි ගෙවලා යන්න බස් දාන්න ආණ්ඩුවක් ඕනිත් නෑ (අනුර සහෝ ඉස්සර හිතපු විදියට) . අපි දැකලා තියෙනවානෙ කලිනුත් ඔය වගේම තිබුණ බස් වලට මොකද වුණේ කියලා. හැබැයි ඉතින් "highway හදන්නෙ ඇඹුල් තියල් ගෙනියන්න" කියන්න තරම් කුහක නෑ නෙ මං 🥱

    Lesson learned. ලංකාවෙ ලොරි චැසි බස් පික්කොන්ට මුකුත් කියන්නත් හොඳ නෑ, low floor බස් පික්කොන්ට මුකුත් කියන්නත් හොඳ නෑ. Thanks ✌
    අහ් මේ තැරි දාර බයියෙක්නෙ.
    එහෙනන් කමක් නෑ carry on.
     
    • Like
    Reactions: NRTG and zid2021

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    පුලුවන්නම් රටේ මතයක් හදපල්ල ආන්ඩුවට කියන්න ඔය බස් එකට තියෙන ඇප් එක වගේ තව ආන්ඩුව ඩිජිටලයිස් කරන්න යන දේවල්වලට අදාල ඇප්ස්, බැංකු ඇප් සහ OSM බේස් කරල හදපු ලංකාවේ සම්පූර්න්ණ පබ්ලික් විස්තර තියෙන මැප් ඇප් එකක් වගේ සිලෙක්ටඩ් ඇප් සෙට් එකකට ලංකාවේ ඉන්ටර්නෙට් දෙන දේශීය අයීස්පී ගොවියන්ට (ටනලින් කරන්න බැරි විදියට හදලා) ඩේටා නොමිලේ දදෙන්න කියලා..
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,420
    16,619
    113
    Malfoy Manor, Wiltshire, England.
    තිබ්බා බන් ctb

    diabetes access තිබුනදනම් දන්නෑ low floor තිබ්බා
    disability access ewa thibune na.
    low-floor thibba gotabaya e kale damma "micro bus" apith hariyata use kala.
    "disability access" bus service ekak "first in sri lanka" introduce kale meken
     
    • Like
    Reactions: NRTG and msan

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,243
    36,112
    113
    මැදමහනුවර
    disability access ewa thibune na.
    low-floor thibba gotabaya e kale damma "micro bus" apith hariyata use kala.
    "disability access" bus service ekak "first in sri lanka" introduce kale meken
    diabetes access තියෙන්න ඇති බන් ඒවයිත්. අර තහඩුව දාන්න විතරනෙ තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,420
    16,619
    113
    Malfoy Manor, Wiltshire, England.
    diabetes access තියෙන්න ඇති බන් ඒවයිත්. අර තහඩුව දාන්න විතරනෙ තියෙන්නෙ
    na, ewaye wheel chair eka athulata aran lock karanna ba, okkoma seats thiyenne.
    me bus eke mada main large door eken wheel chair eka athulata aran e issrahama window area eke wheel chair eka place karala lock karanna puluwan.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,027
    5,210
    113
    Oof 🙄 මාත් දැනගන්න ඕනි දායක සභාවට අපහස නොකර ඉන්න.

    Robotaxi, EV කියන්නෙ අලුත් දෙයක්. මේකෙත් payment system එක අලුත්, ඒක මිනිස්සුන්ට පුරුදු කරන්න vlog කරන එකේ කිසි අවුලක් නෑ.

    ඒත් මීට කලින් low floor බස් ලංකාවෙ තිබුණෙ නෑ වගේ මේක මාර මෙව්වා එකක් කියලා hype කරලා සෑහෙන්න post ගාණක් social media වල දකිද්දි එන මට ආපු reaction එක තමයි comment කරේ. ඒක කුහක කම වෙන්නත් පුලුවන්, ආණ්ඩුවල media show එපා වෙලා වෙන්නත් පුලුවන්.

    ලංකාවෙ public transport වල සෑහෙන්න අඩුවක් තියෙනවා. ඒක හින්දා දවසට එක මනුස්සයෙක්ගෙ පැය ගාණක් නාස්තිවෙනවා පාරටම. ඒ වගේ ලොකු ප්‍රශ්න විසඳන්න දෙයක් නොකර සුළු පිරිසකට විතරක් ගැලපෙන දෙයක් කරන එකෙන් ලොකු ප්‍රයෝජනයක් නෑ. වැඩිපුර සල්ලි ගෙවලා යන්න බස් දාන්න ආණ්ඩුවක් ඕනිත් නෑ (අනුර සහෝ ඉස්සර හිතපු විදියට) . අපි දැකලා තියෙනවානෙ කලිනුත් ඔය වගේම තිබුණ බස් වලට මොකද වුණේ කියලා. හැබැයි ඉතින් "highway හදන්නෙ ඇඹුල් තියල් ගෙනියන්න" කියන්න තරම් කුහක නෑ නෙ මං 🥱

    Lesson learned. ලංකාවෙ ලොරි චැසි බස් පික්කොන්ට මුකුත් කියන්නත් හොඳ නෑ, low floor බස් පික්කොන්ට මුකුත් කියන්නත් හොඳ නෑ. Thanks ✌
    මුලින්ම කියන්න ඕන ඕවට කියන්නෙ low floor bus නෙමේ. City bus. Low floor එක මේ gov එකෙන් දාපු මෝඩ නමක් හරියට බලන් නැතුව. පතුල පහත්? එහෙම කියන්න පුළුවන්ද. City bus කියල කිවුවහම හරි. ඕන තැනට search කරල බැලුවහම city bus කියල තමා තියෙන්නෙ.

    මීට කලින් city bus තියෙන්න ඇති ගෙනාපුව පොඩ්ඩක්. ඒත් ඒක project එකක් උනේ නෑ. දැන් තියන lorry chassis අයින් කරල fully city bus වෙන්න යන. ඉස්සර තිබ්බට ඒක ඔහේ සාමාන්‍ය විදිහට තිබිල නැතුව ගියා මිසක් ඒක විශේශයක් උනේ නෑ. දැන් ලෝකෙ වෙනස් communication technology ඔක්කොම වෙනස් මොනවහරි දෙයක් දැක්ක ගමන් ඒක share වෙලා දැනගන්නව. කලින් තිබ්බ city bus වලට වඩා මේක වෙනස් technology පැත්‍තෙන් payments ගන්න විදිහ ඒක ලංකාවට අලුත්. ඉතින් ඒව මිනිස්සු experience කරන්න ආසයි.ඊට පස්සෙ ඒව share කරනව. ඒකෙ ආයෙ අමුතුවෙන් මෝඩ මිනිස්සු විදිහට දකින්න ඕන වෙන්නෙ නෑ.

    සරලව මම මේකෙ payments වෙන්නෙ කොහොමද් මේකෙ app එක මොකද්ද යන්නෙ කොහොමද කියල හරියට දැනගත්තෙ ඔය කියන මෝඩ vlog කරන උන්ගෙන් තමා.
    Public transport වල අඩුවක් තියනව කියල ලංකාව වගේ රටකට එක පාර බස් 1000ක් ගෙන්නල ඒක දැන් තියන lorry chassis වලට exchange කරන්න බෑ ඒක step by step වෙන්න ඕන. අඩුම තරමෙ ඒක start කරල හරි තියනව. අඩු ගානෙ මුලින්ම ඒක පටන් ගත්තහම තමා ඕකෙ තියන අවුල් ටික ටික ටික හරි හදාගන්න පුළුවන් වෙන්නෙ. වැඩිපුර සල්ලි දීල හරි අඩු ගාණෙ පටන් අරන් තියනව. අඩුවෙන් normal bus ගන්න ගාණට යන්න පුළුවන් විදිත් තියනව. ඒව ඉස්සරහට ගේන බස් වලින් වෙනස් කරගන්න ඔන.
    ආහ් thread එක පොඩ්ඩ පොඩ්ඩ කියවගෙන ඇවිල්ල තමා මම reply එක type කලේ. මගට එනකොටනෙ මේ කෑල්ල දැක්කෙ. "වැඩිපුර සල්ලි ගෙවලා යන්න බස් දාන්න ආණ්ඩුවක් ඕනිත් නෑ"
    මේවගෙ පොඩි දෙයක්වත් තේරුන් ගන්න බැරි මනුස්සයෙක්ට පැය ගාණක් කොටල මගෙ නිදියන කාලෙ නාස්ති කරගන්නෙ මොකටද බන් මම 😂
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,322
    22,799
    113
    2007 disability access thiyen bus service thibbe koheda?

    Mandela effect එක මුන්ට වෙලා තියෙන්නේ
    උන් ඔය කියවන්නෙ සුනාමි ආධාර විදිහට නිකන් හම්බෙච්ච low floor bus ටික ගැන. ඕවත් සාමාන්‍ය CTB විදිහටම අනිත් බස් එක්ක රූට් එකේ දිවෙව්ව මිසක් එහෙම වෙනම Metro Service එකක් විදිහට තිබ්බෙ නෑ. AC තිබ්බෙත් නෑ. ටික කාලෙකින් ඒවා නැතුව ගියා. මම හිතන්නෙ නිකන් හම්බුන හින්ද ගත්තට රෙපයාර් එකක්වත් කරගන්න විදිහක් රජයට තිබ්බෙ නෑ. පස්සෙ ඕවා දන්න විදිහට හයිවේ දිවුව.
    හයිවේ දුවන්න කිසිසේත්ම සුදුසු නෑ මේ බස්.