අබිරහස් ලෙස මිය ගිය මහා භාණ්ඩාගාර නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,926
    8,765
    113
    Cenon
    cenon.com
    1777618057-police_L.jpg



    සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇති බවය.

    මහා භාණ්ඩාගාරයේ විදෙස් ණය පියවීමකදී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත මහතා ඊයේ සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.

    ඔහුගේ මළසිරුර නිවස ආසන්නයේ තිබී සොයාගෙන තිබූ අතර එය සියදිවි හානි කර ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කරයි.

    සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ දිනයේ සිදු කෙරුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දේහය කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

    source : https://sinhala.adaderana.lk/news/2...භාණ්ඩාගාර-නිලධාරියාගේ-පශ්චාත්-මරණ-පරීක්ෂණය-අද
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,011
    6,428
    113
    East Blue (Goa Kingdom)
    "හෝරාගෙ අම්මගෙන් පේන අහනවා" යනු සිංහල භාෂාවේ එන ප්‍රසිද්ධ ප්‍රස්ථා පිරුළකි.
    අර්ථය:
    යම් කරුණක් ගැන දන්නා, එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුගෙන් හෝ සත්‍යය දන්නා අයකුගෙන් ඒ ගැන විමසීම හෝ උපදෙස් පැතීම.
    • හෝරා: වේලාව, නැකත හෝ යම් කරුණක නිවැරදි තොරතුරු දන්නා තැනැත්තා.
    • හෝරාගෙ අම්මා: එම කරුණ පිළිබඳව සියල්ල දන්නා හඳුනන, පූර්ණ දැනුමක් ඇති තැනැත්තිය.
    භාවිතය:
    යමෙකු යම් විෂයකට උපරිම දක්ෂයකුගෙන් උපදෙස් ලබාගත් විට හෝ ඉතාමත් නිවැරදි තැනින් තොරතුරු සෙවූ විට මෙම පිරුළ යොදයි.
    උදාහරණ:
    "අමාරු ගණිත ගැටලුවක් විසඳන්න ගුරුවරයාගෙන් ඇහුවා වගේ වැඩක්, ඒක හෝරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්."





    AI can make mistakes, so double-check responses

    iWKad22.jpeg