මාත් මගේ නාඩි බලලා තියනව මචන්.පරිච්චේද 4ක් වගේ බැලුවෙ ආය යන්නත් හිතයි ඉතුරු ටික අහගන්න,උබේ ප්‍රශ්නෙට උත්තරේ මේක..ඒක වෙන්නෙ මෙහෙමයි..ඕක ලියන ඉසිවරයා කියනවනෙ උබ මෙන්න මේ අහවල් වයසෙදි තමයි නාඩි කියවගන්න එන්නෙ කියලා..එතකොට ඊට කලින් ඒව ටික හරියටම කියවෙනවා මොකද ඒ ටික ඒ වෙද්දි (නාඩි කියන මොහොත වෙද්දි) වෙලා ඉවර නිසා.
හැබැයි එතනින් ඉදිරිය කර්ම ගණුදෙනු වගේම උබ ගන්න තීරණ එක්ක වෙනස් වෙන්න පුලුවන් ටිකක්.. ඒකයි ඒ ටික ඒ විදියට කියන්නෙ.
මම නාඩි බලන්න ගියෙත් ඒ දවස්වල නිකන් ඔය ගැණ තිබුණ කුතුහලේට.. මන් දන්න එකෙක් ඉන්නව උගෙ අම්මගෙ නම පොරගෙ උප්පැන්නෙ අකුරක් වැරදියි.. හිතමන්කො "කමනි" කියලා..උප්පැන්නෙ තියෙන්නෙ "රමනි"වගෙ මොකක් හරි..ඕක උන හැටි මගෙන් අහන්න එපා මන් දන් නෑ.. හැබැයි නාඩි බලද්දි පොරගෙ අම්මගෙ නම හරියටම කියනවා උප්පැන්නෙ වැරදිය තියන නම නෙමෙයි කියවෙන්නෙ..
භෞතික ලෝකෙන් එහා දේවල් විශ්වාස නොකර උන්ට ඒව් අපැහැදිලි කරන්න අමාරුයි..
අනික නාඩි ලියවෙන්නෙ මන්ගල කරුණු වගයක් එක්ක ඉපදුන උන්ට විතරයි කියල එක රිසි කෙනෙක් කියල තියනවා.. සමහර උන්ව හරවලා එවන්නෙ ඒකයි. උන්ට නාඩි ලියවිලා නෑ,, ඔය සමහර උන් ගේමට වගෙ හිටපන්කො ඕක මන් ගිහින් බලාගන්න කියල යද්දි උන්වත් හරවලා එවනවා මොකද උග්‍ර භෞතික වාදීන්ට ඒවයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි නිසා උන් ගැන නාඩිවල් ලියවෙන් නෑ