mata meka karanna puluwan wage,buisness loku knowledge ekak ne ban.me side ekata tikak asai
Please Note
ඕවට තියෙන්නෙ short shelf life එකක්. ඒවගේම market එකේ short expiry or manufacture date එක පරණ වෙද්දි විකුනගන්න බෑ. එතකොට product එක move කරගන්න තියෙන්නෙ narrow window එකක්.
ex.
mfg 2026-05-09 and exp 2027-11-09 product එක අඩුම 2026-11-01 ට කලින් මූව් කරගන්න ඕනෙ. ඔයාට උනු කැවුම් වගේ products හම්බෙන්නෙ නෑනෙ. එකට එද්දිත් මාස 3-4ක් ගිහින් බැරි උනොත් දෙන්න හරි අමාරුයි. කිරි සම්බන්ද product වලට මේක ලොකුවටම තියෙනව. ගන්නෙ නෑ ලේසියෙන්. සමහරු රස වෙනස් කියනව. සමහරු ඇතුලෙ කැටි ගැහිල කියනව. සමහරු බොන්න කල් මදි කියනව. ඕව තර්ක කර කර විකුනන්න බෑ. එයාල අකමැති නම් දෙන්න බෑ.
එතකොට ඔයාගෙ ප්‍රඩක්ට් එක return දෙන්න බැරි නම් expiry වලට වෙනම profit calculate කරගන්න. return දෙනව කියන්නෙත් පට්ට වාතයක්. කම්පැනි නම් return කරන්නෙ වෙනම සෙට් එකක් උන්ව අල්ලගන්න පට්ට අමාරුයි, ඒකට එන්නෙත් වෙනම product එකක් බිල් වලින් අඩු කරන්නෙ නෑ. සමහර කම්පැනි ඒ product එකමයි එන්නෙ. එතකොට ඒක ආයිත් expire වෙනව. තව කම්පැනි අවුරුද්දට එකපාරයි return ගන්නෙ. ඒක මිස් උනොත් ආයිත් ගන්නෙම නෑ.
ඔන්න ඔය හේතු නිසා තමා ඕව විකුනන උන් වැඩිහරියක් හොරු වෙලා තියෙන්නෙ. උන් හොරු නෙමෙ සිස්ටම් එක උන්ව හොරු කරල.