මං පොලිස් පෝස්ට් එක ගාවට ගියා. තරු ගහගත්තු අයියෙක් එක්ක චුට්ටක් කතා කළා. ඊට පස්සේ මීටර් සීයක් විතර ඉස්සරහට ආව. කොල්ලෙක් ඉන්නව ත්‍රි වීලර් එහෙකට ඇන තියාගෙන !
"උඹ කොහෙද?" ඌ මගෙන් අහනව. මූණ පුරා කොල්ලාගේ හිම මිදිලා. ෆුහ් ! සීතල වල සැර !
"කුරුණෑගල" මං යටහත් පහත්ව උත්තර දුන්නා. මාත් හිටියේ බස් එක මිස් වෙලාය කියලා ස්ට්‍රෙස් එකේ !
"ජොයින්ට් පාරක්වත් ගන්නවද?" මූ මගෙන් අහනව. මං හිනා වුණා. ආයේත් ඔළුව පැත්තකට නමලා එහෙම "මං කරන්නේ නෑ මල්ලි" කිව්වා. ඌගේ මූණ නිකං වට්ටක්කා බෑය වගේ. මං මේ රටේ එවුන්ට එච්චරටම බෝරිං කියලා දැනගත්තේ අදයි.
"රුපියල් සීයක් දියං" ට හුඩු මූ මගෙන් කප්පං ඉල්ලපි. මගේ කට හොඳ නෑනේ ඉතිං. කොඳු දිග ඇරුණා. ඔළුව කෙලිං වුණා. ඔළුව වහගෙන ඉන්න ජැකට් එකේ උඩ කොටහ පහළට දැම්මා.
"මං කුරුණෑගල.. ඒත් කුරුණෑගල හාවෝ ඉන්නව තමයි. ඒත් කකුල් දෙකේ එවුන් මෙහේ මෙහෙම බහින්නේ නෑ.." මං කිව්වා.
මූ දැන් මුෂ්ටිය අමෝරාගෙන ඉස්සරහට එනව. බොක්සින් වළල්ලේ දස්කං කියලා, මං දෙයත් දිගු කළා. වැළඳ ගන්ඩ ! වෙන මක්කටෙයි. කොල්ලා බිත්තියේ ! වටේ එවුං එතැනට පාත් වෙද්දී මං වී අහුලන්න මාගලට ආපු කොබෙයියා වගේ තටු ගැහුවා.
මං බලාගෙන පොලිස් පෝස්ට් එකේ අය ඇවිදින් ඌව අරගෙන යනව. මං බස් එකට ගොඩ වුණා.
කුරුණෑගල එවුන්ගෙන් සල්ලි ගලවන්න ඕන තගෙන් නෙමෙයි. කන්න නෑ කියහල්ලා. සුරුට්ටුවක් බොන්න ඕනේ කියහල්ලා. එතැකොට අපි දෙනව. තියෙන තුට්ටු දෙකම දීලා පයින්ම හරි ගමනාන්තයට ගාටනව. ඒත් බලහත්කාරයෙන් ගලවන්න ආවෝත් රෝම කූපයක් ගලවන්ඩ දෙන්නේ නෑ.
අපිට කොහෙත් එකයි ඩෝ !
කොහෙත් එකයි කියද්දි මතක් වුණේ, "මට කොහෙත් එකයි බං" කියලා ඉස්කෝලයක් පවා මාරු කරලා වෙන එහෙකට යන්න වෙච්ච අතීත වලිමය ජීවිතයක් තියෙනව නේ.
ඒක නෙමෙයි, ඉස්සර වගේ නෙමෙයි නේද ඕයි. ඉස්සරනම් අපි වගේ කොල්ලන්ට වද දෙන්නේ පාරේ ඉන්න ගෑණු..
"මල්ලි යං ද? අතේ තියෙන ගානක් දෙන්න" කියලා වද දුන්නේ අක්කිලා. එක්කෝ ඇන්ටිලා. දවසක් මාව කොටුව බෝ ගහ ගාවින් උස්සගෙන දුවන්න හැදුවා. මං දුවලා තමයි පතිවත රැක ගත්තේ..
දැන් මේ හිම බැඳිච්ච එවුන්ගෙන් නේ බං බේරෙන්න බැරි !