ගල් අඟුරු කොමිසමට යනවද? නැද්ද?
පසුගිය මැයි 01 වන දින ටිල්වින් සිල්වා මහතා විසින් ගල් අඟුරු වංචා පිළිබඳ සෙවීමට පත් කර ඇති ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන ආරම්භ වීමටත් පෙර, එහි තීන්දු ප්‍රකාශ කිරීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ස්වාධීන අධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීයභාවයද බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. මෙය ප්රජාතන්ත්රවාදය අගයන සමාජයක, රටේ අධිකරණයට සහ නීතියට සිදු කළ අනිසි බලපෑමක් බව අවධාරණය කරමි.
මහජන නියෝජිතත්වයක් නොමැති ටිල්වින් සිල්වාගේ උවමනාවන් වෙනුවෙන් සාක්ෂි දීමට අප කිසිසේත් සූදානම් නැත. එහෙත් ස්වාධීන කොමිෂන් සභාවක් හමුවේ පෙනී සිටීමේ කිසිදු ගැටලුවක් අපට නොමැති බව ප්‍රකාශ කරමු.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්, අධිකරණ විනිසුරුවරුන්ගේ ආත්ම ගෞරවයට හා ස්වාධීනත්වයටත් අභියෝග කරමින් අධිකරණයට අපහාස කළ ටිල්වින් සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. නීතියේ ආධිපත්‍යය හා ස්වාධීනත්වය තහවුරු කිරීම සැමගේ ප්රමුඛ වගකීමක් ලෙස සලකමු.
අපගේ ප්‍රකාශයන් විකෘති කර වාර්තා කරන Newsfirst.lk මාධ්‍ය කලාව අශිෂ්ටයි, අශෝබනයි.