ඩොලරයේ ඉහළයාම ගැන ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි..🔴⚠️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,283
    45,251
    113
    රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම සිදුවුවහොත් ඉන්ධන මිල, විදුලිය සහ ජල බිල්පත් ගාස්තු මෙන්ම භාණ්ඩ මිලද ඉදිරියේදී ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පැවසුවේ පද්ධතියේ ඇති ඩොලර් මහ බැංකුව මිල දී ගැනීම හා රුපියල් පද්ධතිය වැඩිපුර තිබීම හේතුවෙන් ඩොලර්වලට ඇති ඉල්ලුම වැඩිවීම මෙසේ රුපියල අවප්‍රමාණය වීමට හේතු වී ඇති බවය.

    එමෙන්ම ලෝකයේ ඇති භූ දේශපාලන තත්ත්වය නිසා සංචාරක කර්මාන්තයෙන් පෙර ලෙස ඩොලර් නොලැබීම සහ අපනයනයට ඇති වී ඇති බලපෑම හේතුවෙන් පද්ධතියට එන ඩොලර් ප්‍රමාණය අඩු වීමද මේ සඳහා බලපා ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    රුපියල මෙසේ දිගින් දිගටම අවප්‍රමාණය වුවහොත් ඛනිජ තෙල්වලට ප්‍රබල බලපෑමක් ඇති විය හැකි අතර ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යා හැකි බවද ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා,

    ''පෙට්‍රල්, ඩීසල් මිලට බලපෑමක් වෙන්න පුළුවන්.. මොකද ආනයනය කරන්නේ අපි ඩොලර්වලින් නිසා රුපියල්වලට නැවත පරිවර්තනය කරලා තමා මිල තීරණය වෙන්නේ.. ඒ කියන්නේ රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ ඒ හා සමානවම අපේ ඉන්ධනවල මිල ඉහළ යනවා.. තෙල්වල මිල ඉහළ යනවා කියන්නේ ඒ හරහා උද්ධමනය ඉහළ යනවා.. ඒත් එක්කම විදුලි බිල, ජල බිල, භාණ්ඩවල මිල ඉහළ යනවා''

    මේ අතර 2023 දෙසැම්බර් 22 වැනි දිනෙන් පසු අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම විකුණුම් මිල අද වාර්තා වී ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ අමෙරිකානු ඩොලරයක අද (15) විකුණුම් මිල රුපියල් 331.15 ක් වන බවය.

    ඊයේ දිනයේදීත් අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.92ක් දක්වා ඉහළ ගියේය..

     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,758
    113
    36
    ධනානාත් කියන පොන්නයා කවදා ද බං ආර්ථික විශ්ලේෂක උනේ

    ඌ මුලින් ආණ්ඩුවට හීන් නූලෙන් ගහලා පොඩි black mail පාරක් දාලා කොන්ත්‍රාත් එකක් අරන් වගේ පොන්න ලපය ගෙන්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,283
    45,251
    113
    ධනානාත් කියන පොන්නයා කවදා ද බං ආර්ථික විශ්ලේෂක උනේ

    ඌ මුලින් ආණ්ඩුවට හීන් නූලෙන් ගහලා පොඩි black mail පාරක් දාලා කොන්ත්‍රාත් එකක් අරන් වගේ පොන්න ලපය ගෙන්