ඒ මොකක්ද බන් ඒ කිවුවෙ? බලෙන් consume කරවන්නෙ ඇයි?

පුලුවන් තරන් energy පාවිච්චිය අඩු කරවන්න නෙ ඕනෙ.
Grid එකේ අවුලක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ සමහර වෙලාවට generate වෙන තරම් power එකක් රටේ මිනිස්සු පාවිච්චි කරන් නෑ.
මේක සමහර වෙලාවට සමස්තයක් විදිහට වගේම පොඩි පොඩි timeframe ඇතුලෙත් වෙන්න පුලුවන්.
ඒත් පද්ධතියක් ස්තාවර වෙන්න හැමතිස්සෙම එවලෙ generate වෙන power එකයි consume වෙන power එකයි සමාන වෙන්න ඕනෙ.
මේක දැනට කරන්නෙ control center එකකින් consumption එක බල බල power stations ඔන් ඕෆ් කරනව realtime.
ඒත් සෝලාර් වගේ ඒවා (විශේෂයෙන් ගෙවල් වල වහලවල් වල ගහල තියෙන ඒවා) එහෙම on off කරන්න බෑ CEB එකට.
එතකොට පද්ධතිය unstable වෙනව.
අර ගොඩක් consumption එක අඩු දවසට CEB එක මාධ්‍ය නිවේදන දාලා solar disconnect කරල තියන්න කියල විශේෂයෙන් කියන්නෙ ඒකයි.
දැන් ලංකාව මෙහෙම unstable නොවී හයි කරන්න පුලුවන් උපරිම solar ප්‍රමාණෙ පද්ධතියට දීලා තියෙන්නෙ. මීට වඩා වැඩි උනොත් නිතරම පද්ධතිය බිඳ වැටෙන්න ගන්නව.
ඒක හින්ද තමයි solar වලට අලුතෙන් unit එකකට ගෙවන ගානත් අඩු කරේ. අලුතෙන් on grid solar ගහන එක අඩු කරන්න.
ඔන්න ඔය generation සහ consumption අතර වෙනස balance කරන්න තමයි pumped storage පාවිච්චි කරන්නෙ.
වැඩි පුර generate වෙන power එකෙන් වතුර pump කරනව උඩ ජලාශෙකට. Generation එක මදි වෙලාවට ආපහු වතුර පල්ලෙහට ගෙනල්ල turbine හරහා විදුලිය ආපහු දෙනව grid එකට.
මේකෙදි මේක පාවිච්චි වෙන්නෙ battery එකක් විදිහට. එහෙම නැතුව මේකෙන් අලුතෙන් power එකක් හැදෙන්නෙ නෑ.
මේකෙ ජලාශෙ ගබඩා වෙන්නෙ වෙන ක්‍රමේකින් හදපු අතිරික්ත ශක්තිය.