තවත් ආතල් එකක් අත ලග😂

2osama

Well-known member
  • Oct 25, 2010
    80,983
    72,082
    113
    මාලඹේ

    ජාත්‍යන්තර තේ දින සමුළුවට සහභාගී වීම සඳහා ඇමති සමන්ත චීනය බලා පිටත්ව යයි


    wadiwa-860x615.jpg




    2026 ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් චීනයේදී පැවැත්වෙන ප්‍රධාන තේ දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ (19) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් චීනයේ ගුඅන්ෂි (Guangxi) බලා පිටත් වුණා.

    එහිදී අමාත්‍යවරයා ජාත්‍යන්තර තේ දිනය සමරමින් මැයි 20 සිට 23 දින දක්වා චීනයේ ගුඅන්ෂි (Guangxi) හි නැන්නින් නගරයේදී පැවැත්වෙන ජාත්‍යන්තර තේ දින සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වීමට නියමිතයි.

    ජාත්‍යන්තර තේ දිනය යෙදී ඇති මැයි 21 දින එනම් හෙට (21) දින පැවැත්වෙන මෙම සමුළුවේ ප්‍රධාන උත්සවය අමතමින් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ තේ වල ඇති ගුණාත්මක බව මෙන්ම රසය පිළිබඳව ද ලෝක ප්‍රජාව දැනුවත් කිරීමත් එදා මෙදා තුර ලෝකයේ රසවත්ම තේ ලෙස නම් දරා ඇති “සිලෝන් ටී” වල ඇති සුවිශේෂී බවද අවධාරණය කිරීමට නියමිතයි.

    ගෝලීය වශයෙන් තේ කර්මාන්තයේ සංර්වර්ධනය සංස්කෘතික හුවමාරුව සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රර්වධනය කිරීමේ අරමුණින් 2019 ර්වෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මැයි 21 දින ජාත්‍යන්තර තේ දිනය ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ අනුව 2020 වසරේ සිට සෑම වසරකම චීන කෘෂිකර්‌ම හා ග්‍රාමිය කටයුතු අමාත්‍යාංශය මූලිකව මෙම ප්‍රධාන සැමරුම් උත්සවය අඛණ්ඩව සංවිධානය කරනු ලබයි.

    මෙවර තේ සමුළුවේදී වර්තමාන ගෝලීය තේ කර්‌මාන්තයේ නව ප්‍රවණතා සහ අනාගත සංර්ව ධන සැළසුම් පිළිබඳව පුළුල්ව සාකච්ඡා කිරීමටද නියමිතව තිබෙනවා.

    එමෙන්ම සමුළුවේ ප්‍රධාන උත්සවය පැවැත්වෙන 21 වන දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා චීනයේ කෘෂිකම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය ජං ජු (Zhang Zhu) මහතා සමඟ ද්වි පාර්‌ශවික සාකච්ඡාවක් පැවැත්වීමටත් එහිදී දෙරට අතර තේ කර්‌මාන්තයේ දියුණුව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමටත් නියමිතයි.

    මෙම ජාත්‍යන්තර තේ දින සමුළුව සඳහා අමාත්‍යවරයා සමග කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සමාන්‍යාධීකාරිවරයා මෙන්ම, තේ කර්‌මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයාද සහභාගී වීමට නියමිතයි.

    මේ සඳහා ලෝකයේ තේ නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් වන ශ්‍රී ලංකාව,ඇතුළු තවත් රටවල් කිහිපයක් සහභාගී වීමට නියමිත අතර චීන කෘෂිකර්‌ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ගුඅන්ෂි ජුඅන්ග් ස්වායත්ත (Guangxi Zhuang Autonomous Region) කළාප බලධාරීන් මෙන්ම චීනයේ විවිධ පළාත්, මහනගර සභා සහ ස්වයංපාලන කලාප නියෝජනය කරමින් කෘෂිකම පරිපාලන නිලධාරීහුද රැසක් සහභාගී වන බව දන්වා තිබෙනවා.

    එමෙන්ම ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයින් පුමුඛව තේ සමාගම්වල නියෝජිතයින් සහ තේ ව්‍යාපාරික සංගම්ද ආරාධිතයින් ලෙස මේ සඳහා සහභාගී වීමටයි නියමිතව ඇත්තේ
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,203
    2,348
    113
    මේ පක්කු මොනවද ගෙන ආයෝජන
    “With the entry of large factories, there is competition,” Minister Vidyaratne told parliament. “Last year, by November 2025, the husk of one coconut went to around 22 rupees in some places.

    “With that some local industries cannot engage in this. Where technology is more advanced and mechanization is high they can do it profitably.

    “A number of foreign companies came to set up large industries related to coconut husks. In this context, we did not approve the investors to protect smaller local companies."

    ආයෝජන block කරලා තියෙනවා...

    https://economynext.com/sri-lanka-expands-protectionism-into-fdi-258816/
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,847
    19,984
    113
    Panadura
    සමන්ත (නමට විද්‍යා) රත්න ඇතුළු පොන්න ජෙප්පන් චීනුන් ඉදිරියේ 20 සිට 23 විහිළුවට ලක්වීමට නියමිතයි
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    868
    1,360
    93
    වහාම සමුළු සංවිධායකයින්ට දැනුම් දෙන්න ඕනේ මූට කතාවක් නම් කරන්න දෙන්න එපා කියලා. විශේශයෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්ණ ඇසීම තහනම්.