අඩෝ මේ සිද්දියටනම් පට්ටටම දුක හිතුනා - මඩකලපුවේ හෝටල් කාමරයක ඛේදවාචකයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,498
    72,531
    113

    මඩකලපුවේ හෝටල් කාමරයක ඛේදවාචකයක්​


    මඩකලපුව ප්‍රදේශයේ හෝටල් කාමරයක හටගත් ගින්නක දුමාරය ආග්‍රහණය වීමෙන්, එකම පවුලේ දරුවන් දෙදෙනෙකු අද (27) ජීවිතක්ෂයට පත්ව තිබේ.


    මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 3ක පිරිමි දරුවෙකු සහ අවුරුදු 5ක ගැහැණු දරුවෙක්ය.


    මියගිය දරුවන්ගේ මව පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මඩකලපුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.


    බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම දරුවන් දෙදෙනා, තම පියා සමග මව බැලීම සඳහා පැමිණි අවස්ථාවේ මෙලෙස හෝටලයේ තාවකාලිකව නැවතී සිට තිබේ.


    එලෙස සිටියදී පියා විසින් දරුවන් දෙදෙනා කාමරය තුළ තබා, එහි දොර අගුළු දමා පිටතට ගොස් ඇත.


    එම අවස්ථාවේදී දරුවන් දෙදෙනා ලයිටරයක් ආධාරයෙන් සෙල්ලම් කරමින් සිට ඇති අතර, එහිදී ඇඳන් දෙකක් තිබූ එම කාමරයේ එක් ඇඳකට හදිසියේම ගිනි ඇවිලී තිබේ.


    ගින්නෙන් බියට පත් වූ කුඩා දරුවන් දෙදෙනා ගිනි නොගත් අනෙක් ඇඳ යටට රිංගා සැඟවී තිබේ.



    හෝටල් කාමරයෙන් අධික ලෙස දුමක් පිටවනු දුටු හෝටල් සේවකයින් සහ අවට සිටි පිරිස් වහා ක්‍රියාත්මක වී කාමරයේ දොර කඩා ඇතුළු වී ඇත.


    ඒ වන විටත් අධික දුමාරය හේතුවෙන් දරුවන් දෙදෙනා ඇඳ යට සිහිසුන්ව වැතිර සිට ඇති අතර, වහාම ඔවුන්ව රෝහල්ගත කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් දරුවන් ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තා වේ.


    සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


    https://sinhala.adaderana.lk/news/226202
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,801
    16,933
    113
    Kottawa
    Sad No Way GIF by Apple Music
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,400
    22,901
    113
    දොරවල් එලියෙන් ලොක් කරත් නැතත් ඇතුලෙන් අරින්න පුලුවන් වෙන්න ඕනෙ කියල නීතියක් තියෙනව නේද?
     
    • Sad
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,498
    72,531
    113
    දොරවල් එලියෙන් ලොක් කරත් නැතත් ඇතුලෙන් අරින්න පුලුවන් වෙන්න ඕනෙ කියල නීතියක් තියෙනව නේද?
    අවුරුදු 3 5 බන් වයස, උන්ට ඔවා තේරෙන්නෙ නෑනේ.

    යකෝ, පපුව රිදෙන්න ගත්ත. :(
    අඩො උන්ගෙ හිත්වල ඇතිවෙච්ච බය ගැන හිතපන්, අම්මේ අම්මේ කියලා කෑගහන්න ඇති, බැරිම තැන අනිත් ඇඳ යට රිංගන්න ඇති බේරෙයි කියලා හිතලා :( :(