අඩෝ දුක හිතුනා ඒකට 😢😢

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,279
    74,717
    113
    තාත්තාගේ මොහොතක නින්දක් බිලිගත් මාස 2 1/2ක සිඟිති ජීවිතය
    මාස දෙක හමාරක් වයසැති බිළිඳියක්, පියා අතින් ගිලිහී බිම වැටීමෙන් සිදුවූ බරපතල හිසෙහි තැලීමක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. රාත්‍රී වැඩ මුරය නිමවා පැමිණ සිටි පියා, හඬමින් සිටි දරුවා නලවමින් ඇවිදින අතරතුර ඇතිවූ අධික නිදිමත හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවත්, එහිදී දරුවා සිමෙන්ති පොළොවේ වැදී හිසට හානි සිදුවී ඇති බවත් අනාවරණය වී තිබේ. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගොස් ඇති අතර, හිසෙහි දකුණු පස ඇතිවූ තැලීමක් නිසා මොළයට රුධිරය වහනය වී ලේ කැටියක් හිරවීම මරණයට හේතුව බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු විය.
    විමර්ශනය සහ නීතිමය පියවර සිද්ධිය වූ අවස්ථාවේදී ඇතිවූ බිය හේතුවෙන් දරුවාගේ දෙමාපියන් විසින් අනතුර පිළිබඳ තොරතුරු මුලින් වසන් කර තිබුණද, වෛද්‍ය වාර්තා සහ පොලිස් විමර්ශන හමුවේ සත්‍යය හෙළිදරව් කර ගැනීමට හැකි විය. පසුව පියා විසින් පොලිසිය වෙත සිදුකළ පාපොච්චාරණයකදී, තමාට නින්ද යාමෙන් දරුවා අතින් ගිලිහී වැටුණු බව පිළිගෙන ඇත. මෙම නොසැලකිලිමත් ක්‍රියාව හේතුවෙන් දරුවාගේ මරණය සිදුවීම සම්බන්ධයෙන් අදාළ පියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,859
    13,223
    113
    35
    Spain
    ඔහොම දෙයක් වුනාම වසන් කරන්න යන්න හොඳ නැහැ. ප්‍රතිකාර ප්‍රමාද වෙනවා. එකම මරණයට හේතු වෙන්නත් පුළුවන්. දරුවාට නිවන්සුව පතමි.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    ඕකට ඉතින් ආපහු උසාවීයෙන් දඩුවමක් දෙන්න කියලා ඉතුරු වෙලා තියනවයි. ලැබෙන්න තියන ලොකුම දඩුවම් ලැබිලා ඉවරයි. ඔය වගේ වැරදි වලට හිරේ දානවා නම් ලංකාව තාම කොටි එක්ක යුද්ධ කරනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,717
    113
    ඒ තාත්ත ජිවිත කාලෙම දුක් වෙයි.
    අඩෝ ඒක තමා බන් මටත් හිතුනේ, නිකන් හිතපන් ජීවිතේ ගැටගහන්න පොඩි එකාගෙ ආනගතේ ගොඩනගන්න කියලා කටු කාල නයිට් ගහල ගෙදර ඇවිත් පොඩි එකාව නලවනකොට මහන්සියත් එක්ක නින්දගිහින් මෙහෙම දෙයක් උනාම :no::no:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    IMG_3361.jpeg
     
    • Like
    Reactions: Inigo Montoya

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,105
    9,941
    113
    podi eka cot eke nidaganne nathi hinda lagakadi idan bed ekma danawa. me lagadi mata hodata tired wela ninda gihin tibbe. tika welawakin wife mata hayyen ekak gahuwama mama nagitta. baladdi podi eka mage agata yata wela dagalala tiyenawa. noolen berune. :sorry:
     
    • Wow
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,717
    113
    podi eka cot eke nidaganne nathi hinda lagakadi idan bed ekma danawa. me lagadi mata hodata tired wela ninda gihin tibbe. tika welawakin wife mata hayyen ekak gahuwama mama nagitta. baladdi podi eka mage agata yata wela dagalala tiyenawa. noolen berune. :sorry:
    පරිසමින් බලාගනින් බන්, පොඩි උන් ඉන්න උන් තමා ඉතින් ඕක තේරෙන්නෙ. මටත් මතකනෙ පොඩි කාලේ අතේ තියන් හිටපු විදිය. පට්ට බයෙන් තියන් හිටියෙ බෙල්ලෝ එහෙම ගැස්සෙයි කියල.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඇබෝෂන් ලිගලයිස් කලා නම් ලංකාවේ අය ලමයි හදන්නෙ නෑ.

    RIP Kiddo
     

    nidarsha91

    Well-known member
  • පරිසමින් බලාගනින් බන්, පොඩි උන් ඉන්න උන් තමා ඉතින් ඕක තේරෙන්නෙ. මටත් මතකනෙ පොඩි කාලේ අතේ තියන් හිටපු විදිය. පට්ට බයෙන් තියන් හිටියෙ බෙල්ලෝ එහෙම ගැස්සෙයි කියල.
    උඹ ගැන සතුටුයි ලොක්කා 🫡 උඹලට හරියන්න ඕන පැලෙන්න 🕊️
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    367
    332
    63
    ගෙදර
    පරිසමින් බලාගනින් බන්, පොඩි උන් ඉන්න උන් තමා ඉතින් ඕක තේරෙන්නෙ. මටත් මතකනෙ පොඩි කාලේ අතේ තියන් හිටපු විදිය. පට්ට බයෙන් තියන් හිටියෙ බෙල්ලෝ එහෙම ගැස්සෙයි කියල.
    අම්මො පොඩිකාලේ මාර විදියට පරිස්සම් කරගන්න ඔනේ, බබාට මස හතක් වගේ, පොඩි එකා නින්දෙන් පෙරලෙන්වා, තියන තැන නිවෙයි ටික වෙලාවක් ගියාම ඉන්නේ, එ කාලේට මචන් අම්මලා තාත්තලා පට්ට කට්ටක් කන්නේ ඉතින්, හරියකට නින්දක් එහෙම නෑ ඉතින්, තියෙන මහන්සියටම විනාඩියෙන් දෙකෙන් නින්ද යනවා, කොහොම හරි එක දවසක් අපි දෙන්නා නැගිටිනකොට පොඩි එකා බෙඩ් එකේ නෑ, අම්මටසිරි වෙන්න උතුර දකුණ මාරු වෙලා අපි වත්ත වටෙම මේ කිරි බොන දන ගාන්නේවත් නැති පොඩි එකාව හොයනවා කියපන්කො, ගෙදර විනඩි 10ක් යනකොට කෙලින්ම එක මල ගෙයක් වගේ, විනාඩි 15ක් විතර හොයද්දි මචන් කාමරෙන් ඇහෙනවා පොඩි එකා අඩනවා, ගිහින් බලද්දි මචන් අපි හැමොටම හිනා, හැබැයි දරුවා බෙරිලා තියෙන්නේ නුලෙන්, මෙකා කොහොම හරි පෙරලිලා පෙරලිලා බෙඩ් එකෙන් වැටිලා, බෙඩ් එකයි බිත්තියයි අතර තියනෙවා මචන් පොඩි ඉඩක්, එක අතරින් තමයි දරුවා වටිලා තියන්නේ,වෙලාව කියන්නේ නෙට් එක බෙඩ් එකට යට කරපු නිසා දරැවා නෙට් එකට හිර වෙලා බිමට සෙන්ටිමිටර 2ක් 3ක් උඩින් හිර වෙලා තිබිලා එහෙම්ම නින්ද ගිහින්, උදේ ගෙදර අයගෙ සද්දෙට තමයි ඇහැරිලා තියෙන්නේ, අම්මෝ එදාට පස්සේ මාරම පරිස්සමෙන් අවදානෙන් කාගේ දරුවෙක් එක්ක උනත් කටයුතු කරන්නේ
     
    • Wow
    • Like
    Reactions: tharakaf and Giant

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    783
    113
    මේක ගැහැනු කෙනෙක්ගෙ අතින් උනානම් ඔච්චර දුර දිග යන්නැ සමාජයෙන් පවුලෙන් නිතීයෙන් සමාව ලැබෙයි.
    පිරිමියෙක්ගෙන් උන නිසා නෝ චාන්ස් 😭