වාලම්පුරි නැරඹුවෙමි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,993
    113
    Gotham City
    වාලම්පුරි නැරඹුවෙමි .

    මා වතාවක් ත්‍රෙඩ් එකක් පල කලා ලංකාවෙ මෑත භාගයෙ ගොල්ඩන් පීරියඩ් එකක් ලෙස 2007-2009 කාලය හඳුන්වමින් ,
    එහිදි මන් එක් කරුණක් ලෙස ආපු සිරා ෆිල්ම් දෙකක් ලෙස මචං සහ සිකුරු හතෙ චිත්‍රපට ගැනත් සඳහන් කලා.
    එම ත්‍රෙඩ් එකෙ එක් අයෙකු රිප්ලයි කරලා තිබ්බා වාලම්පුරි ,රාණි ,නෙළුම්කුණ (එම ත්‍රෙඩය පලවන යුගයෙ )
    කියල ෆිල්ම් තුන බලපන් එව්වා පට්ට ආදි වශයෙන් .

    ඉතින් නෙළුම් කුළුන හැර අනික් ෆිල්ම් දෙක බලන්න මට පොඩි විවෙකි ඉඩක් ලැබුණා .

    දැන් මගෙ ඔපිනියන් එක තමා මන් මෙ කියන්නෙ .
    මන් මුලින්ම බැළුවෙ වාලම්පුරි ෆිල්ම් එක .

    එකේ ආරම්භයෙ ලන්කාවෙ රාජ්‍ය නාකයකන්ගෙ වොයිස් කට් වගයක් යනව
    පස්සෙ ඒ වොයිස් කට් වලින් පස්සෙ අත ඇරලා දාපු වගෙ පෙලෙස් එකක තුන්දෙනෙක්ව කණු වල බැඳලා එකෙක් පොල්ලක් තියන් පහර දෙන සොරූපෙන් ඉන්නවා.
    පස්සෙ එකෙක් උගෙ දුක් ගැනවිල්ලක් කියවනව
    ඌ පොඩි කාලෙ ඉඳන් විභාග පාස් නැති එකයි ඌ කළු එකයි කොට එකයි කෙල්ලො ඌට හිනා වෙච්ච එකයි සල්ලි කාර කොල්ලො උගෙන් වැඩ ගත්ත හැටි සහ ඌ අයියල සන්තොස කරන්න ගුටි කාපු එකයි ආදි කතාවක් .
    එතනින් නම් කියවුණෙ අර අපෙ රටෙ වාමංශික දෙශපාලනයට අනුව බහුතරයක් නියොජනය කරන ඊනියා පීඩිත පන්තිය ගැන විය යුතුයි .

    පස්සෙ එතනින් එහට තමා ස්ටෝරි එක පටන් ගන්නෙ .
    ස්ටෝරි එක අනුව ගමක ජීවත් වෙන ඊනිය පීඩිත නිර්ධන පන්තියට අයිති වෙන නාටියක් කරලා ජීවිතය ගැට ගහගන්න්න දඟලන පිරිසක් තම මෙ කතාවෙ කතා නායකයො වෙන්නෙ .
    තමන්ගෙ ජීවිතෙ finance පැත්තෙන් උඩට යන්න නිධනයක් ගොඩ දන්න හදන ට්‍රයි කරනවා ඒක අසාර්ථකයි .
    පස්සෙ එක්තර පුද්ගලයෙක් මාර්ගෙන් සාමි කෙනෙක් ඇවිත් වාලම්පුරි දෙකක් ගැන කියනව සහ ඒක කොටි 4 ක් බැගින් වටින බවත් කියනවා.
    මෙ අය නාට්ටි රඟපාන නළුවො නිස මෙ ගොල්ලො යන්නෙත් එක්තරා විදියකට මවා ගත්ත චරිත වලින් .
    එකෙක් මුදලලි අනික් උන්ගෙ බොඩි කාර්ඩ්ල වගෙ සීඉන් එකක් .
    කොහොම හරි ඒ වාලම්පුරි ඩීල් එක කරන්න යද්දි පොලිසියෙන් වටලනව එක වාලම්පුරියක් පොලිස් භරයට පත්වෙනවා.
    එකක් අතුරුදහන් වෙනවා.
    අන්න ඒ අතුරුදහන් වාලම්පුරිය ගැන තම චිත්‍රපටය පුරාවටම දිවෙන්නෙ.
    විවිධ පාර්ශව විසින් ඒ අතුරුදහන් වූ වාලම්පුරිය හොයන් එනව.
    බොහො අය හිතන්නෙ අර නාට්ටි කණ්ඩායමෙ පීඩිත සෙට් එක හොරකම් කර කියල .
    ඉතිං අර මුලින් ෆිල්ම් එක පටන් ගද්දි දුක කියවපු එකාට අවස්ථා කිහිපයක තාඩන පීඩන එල්ල වෙනව ඒ වාලම්පුරිය අතුරුදහන් වීම නිසා.
    මුල් භාගයෙ ෆිල්ම් එක ඕක තම සිද්ධිය.

    මට ඉතින් අමුතු කික් එකක් තිබ්බෙ නැහැ .
    පොඩි ඒකකරි බවක් දැනුනා.\
    පස්සෙ ෆිල්ම් එක එක සිද්ධියක සලූන් එකක ඒ නාටි සෙට් එක කත වෙවි ඉන්නව වාලම්පුරිය ගැන .
    අන්න එතන තම මට කික් වෙන තැන සෙට් උනෙ.
    ඒ නාට්ටි කණ්ඩායමෙම හිටිය එකෙක් ගොනියක් ගෙනත් අර අතුරුදහන් වෙච්ච වාලම්පුරිය එලියට ගන්නව .
    අනික් සාමජිකයො මේ ගැන දැනගන්නෙත් එතකොටයි .
    පස්සෙ ඒතැන් පටන් කතාව ඒ වාලම්පුරිය විකුණන්න හදන සීන් එක.
    එකට අර මුලින් ඩීල් එක වටලපු පොලිසියෙ ලොක්කෙකුත් සෙට් වෙනව. ඌටත් ඔනි එකෙන් කොටහක්,ඒ වගෙම අර වාලම්පුරිය පස්සෙ එන ප්‍රභල දෙශපලකයෙකුත් ඉනව.
    පස්සෙ කොහොමෙන් කොහොම හරි මෙක විකුණන එක එකපාර ලෙසි දෙකුත් නෙමෙයි
    බයර් කෙනෙක් හොයගන්නත් එපැයි.
    පස්සෙ පොලිස් කාරයා විසින් අර නාටි කණ්ඩායමට වාලම්පුරිය ගැන කියපු සාමි ව ගෙන්වනවා.
    සාමි දන්න තැනක් තියෙනව අරකයි මෙකයි කියනව .
    මෙතනින් නාට්ටි සෙට් එකට සැක හිතෙනව සීන් එක ගැන .
    උන්ව පොලිසියෙ එක අන්දනව කියල උන් හිතනව .
    උනුත් යටින් ප්ලැන් කරනව පොලිසියෙ එකටත් අරින්න .
    කොහොම හරි මෙ වාලම්පුරි ඩීල් එක කරන්නෙ එක තර කාන්තාවක් හරහ .
    කාන්තාවට ඉන්නෙ දිල්හානි ඒකනායක.
    ඒ කාන්තාව දන්න බයර්ස් ල තම ගන්න එන්නෙ .
    කොහොම හරි එක තැනකදි ඩීල් එක හරියනව.
    ඩීල් එක කරන්නෙ නාට්ටි සෙට් එකෙ දෙන්නෙකුයි ඩිල්හානි.

    පස්සෙ ඒ ඩීල් එක කරන්න එන උන් නාට්ටි සෙට් එකෙ උන්වයි ඩිල්හානිටයි තුවක්කු පෙන්වල උන්ගෙ කට අතපය බැඳල වාලම්පුරිය අරන් පනිනන්ව.
    පස්සෙ ඒක අර පොලිසියෙ එක දිල්හනි එක්ක එක්කහු වෙල කරපු සෙට් අප් එකක් .

    පස්සෙ ඒ පොලිසියෙ එකයි දිල්හනි වලපුරිය විකුණන්න යද්දි එක ෆයිබර් වලින් හදපු හොර එකක් බව හෙලි වෙනව.
    නාට්ටි සෙට් එක හොර වාලම්පුරියක් හදල .
    ඇත්ත එක උන් හංගල .

    පස්සෙ නාට්ටි සෙට් එක ගමට යනව.
    එ සෙට් එකෙක් එකෙක්ගෙ අතෙ තම වලම්පුරිය තිබ්බෙ ඌ එකත් අරන් හොරෙන් පැනල ගිහින් .
    අන්න ඊට පස්සෙ අර පොලිස් බුව ඇවිත් අර නාට්ටි සෙට් එකෙ ඉතුරු උන් ටිකව අත ඇරලා දාපු ප්ලේස් එකක් වගෙ තැනක බැඳල වද දෙන්න ගන්නව වාලම්පුරිය ගැන අහාල.
    අන්න ඒ කෑල්ලෙන් කොටසක් තම අර ෆිල්ම් එක පටන් ගද්දිම පෙන්නුවෙ.
    කොහොම හරි අන්තිමට අර නාට්ටි සෙට් එකෙ වාලම්පුරිය උස්සපු එකා දිල්හානි එක්ක එක්කහු වෙල ඒක විකුණන්න හදනව .

    පස්සෙ එතනට පොලිසියෙන් ඇවිත් වටලනව ඒ අතර අර නාට්ටි සෙට් එකෙ එකා පනිනව හොරෙන් පැනල ඌ ගමට එනව වාලම්පුරියත් එක්ක
    ඒ ගමට එද්දි අර උගෙ නාට්ටි සෙට් එකෙ ඉතිරි උන් නාටියක් කර කර ඉන්නව ගමෙ උන්ට .

    ඕක තමා කතාව .

    මට හිතුණ දේ නම් මෙකයි .
    මෙක එක් තරා විදියක අර අපෙ උන් ස්ටොරි හොඳයි කියලා බලන මලයාලම් ෆිල්ම් වල ආභාෂය ටිකක් තිබිලා තියෙනවා .
    පොඩි මලයාලම් වයිබ් එකක් තෙරෙනවා .
    මෙක රිලීස් වෙච්ච කාලෙ දීපු හයිප් එකෙ තරම් දෙයක් නම් මන් දැක්කෙ නැහැ .
    අර වාලම්පුරිය විකුණ ගන්න හදන කතන්දරෙ නිර්ධන පන්තිය සහ ධනපති පන්තිය අතර ගැටුමත් ලාවට පෙන්වනවා.
    බන්දුලාගෙ ටෙනිසන්ලාගෙ අර ගොන් කොමිටල් ෆිල්ම් ඒ වගෙම රජකතා බණ කතා ෆිල්ම්ස් එව්වත් එක්ක බලද්දි නම් මෙක සිරා.
    හැබැයි මචං වගෙ ෆිල්ම් එකෙ ලෙවල් එකෙන් නම් තියන්න අමාරුයි .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,993
    113
    Gotham City
    Itin hondaida?
    මෙහෙම කියන්නම්
    එ පොර කියපු විදියෙන් හා එ අනික් උන් කියපු එව්වයෙන් සහ සොෂල් මීඩියාවලින් දීපු හයිප් එක ෆිල්ම් එකෙ දැක්කෙ නැහැ.
    සින්හලෙන් හදපු මලයාලම් ෆිල්ම් එකක් වගෙ .
    අර රෑ දැනියෙල් දවල් මිගෙල් ජුන්ඩයි ගුන්ඩයි කවුද බොලෙ ඇලිස් අලිපැටියො ඔයයි මමයි තනි තටුවෙන් පියාඹන්න වගෙ ෆිල්ම් සහ අර රජ කතා බණකතා වලට සාපෙක්ෂව යම් මට්ටමක තිබ්බා.

    එත් මචං ෆිල්ම් එකෙ කොලිටියට කිට්ටුවෙන්න බැහැ

    wadak ne,thathwika ne acting
    Ow ehema awulakuth thibbaa tikak overacting samaharak than wala
    ------ Post added on Jun 3, 2026 at 11:33 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,482
    113
    වාලම්පුරිවත් නෙළුම් කුළුණ වත් මටනන් ලොකුවට සෙට් නෑ. හැබැයි සමහරු නන් නෙළුම් කුළුණ මාස්ටර්පීස් ලෙවල් දානව.

    හොඳ ස්ටෝරියක් තියෙන ලඟදි ආපු එකක් ඕනෙනන් ආයු බලපන්. ඒකනන් හොඳ ලෙවල් එකක තියෙනව.

    සින්දුවක් අහන් රිලැක්ස් එකේ සරල කතාවක් බලන්න ක්ලැරන්ස් හොඳයි.

    තව ඇල්බොරාදා හොඳයි ඒ ටයිප් එකට කැමති නන්. මේක අශෝක හඳගමගෙ එකක්. English එකක්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,294
    7,772
    113
    වාලම්පුරිවත් නෙළුම් කුළුණ වත් මටනන් ලොකුවට සෙට් නෑ. හැබැයි සමහරු නන් නෙළුම් කුළුණ මාස්ටර්පීස් ලෙවල් දානව.

    හොඳ ස්ටෝරියක් තියෙන ලඟදි ආපු එකක් ඕනෙනන් ආයු බලපන්. ඒකනන් හොඳ ලෙවල් එකක තියෙනව.

    සින්දුවක් අහන් රිලැක්ස් එකේ සරල කතාවක් බලන්න ක්ලැරන්ස් හොඳයි.

    තව ඇල්බොරාදා හොඳයි ඒ ටයිප් එකට කැමති නන්. මේක අශෝක හඳගමගෙ එකක්. English එකක්.
    ඇල්බොරාදා terenne nane..kauru hari liyapu review ekak tyenwada?

    walampuri nam patta

    nelum kuluna nam wedak ne

    ayu balanna beri una
     
    • Love
    Reactions: BruceWayne92

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,649
    17,549
    113
    ලංකාවේ උන්ට තාම ලංකාවේ ethos මතු වෙන විදියට කතාවක් කියාගන්න තේරෙන්නේ නෑ බන්.

    වාලම්පුරි බලන කොට දැනෙන්නේ සිංහලෙන් හදපු දෙමල ෆිල්ම් එකක් බලනවා වගේ.

    ඒකේ ඉන්න චරිත, උන් හැසිරෙන විදිය, කතා බහ කරන විදිය තියා plot එක උනත් දෙමල ගතියක් තියෙන්නේ
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,993
    113
    Gotham City
    ලංකාවේ උන්ට තාම ලංකාවේ ethos මතු වෙන විදියට කතාවක් කියාගන්න තේරෙන්නේ නෑ බන්.

    වාලම්පුරි බලන කොට දැනෙන්නේ සිංහලෙන් හදපු දෙමල ෆිල්ම් එකක් බලනවා වගේ.

    ඒකේ ඉන්න චරිත, උන් හැසිරෙන විදිය, කතා බහ කරන විදිය තියා plot එක උනත් දෙමල ගතියක් තියෙන්නේ
    Tamil or Malayalam vibe eka thama therune matanam .
    Deepu hype eka tharam nam set naha mata nam

    වාලම්පුරිවත් නෙළුම් කුළුණ වත් මටනන් ලොකුවට සෙට් නෑ. හැබැයි සමහරු නන් නෙළුම් කුළුණ මාස්ටර්පීස් ලෙවල් දානව.

    හොඳ ස්ටෝරියක් තියෙන ලඟදි ආපු එකක් ඕනෙනන් ආයු බලපන්. ඒකනන් හොඳ ලෙවල් එකක තියෙනව.

    සින්දුවක් අහන් රිලැක්ස් එකේ සරල කතාවක් බලන්න ක්ලැරන්ස් හොඳයි.

    තව ඇල්බොරාදා හොඳයි ඒ ටයිප් එකට කැමති නන්. මේක අශෝක හඳගමගෙ එකක්. English එකක්.
    Balamu next time uba kiwwa movies tika balala review ekak dannam
    ------ Post added on Jun 4, 2026 at 1:00 AM
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,854
    4,318
    113
    Sri Lanka
    ඔව්. මමත් හිතපු තරම් ආස උනේ නෑ ෆිල්ම් එකට. හැබැයි හෝල් වලට මිනිස්සු ආපු ෆිල්ම් එකක්. එහෙම ඒවා ආවොත් තමා ඉස්සරහටත් හොඳ ෆිල්ම්ස් හැදෙන්නෙ.

    මන් තාම ෆාදර් බැලුවෙ නෑ. ගොඩාක් උන් කියනවා හොදයි කියලා. මාරියා බැලුවා. ඒක නම් මට සෙට්. වෙනස් ස්ටෝරි එකක්. ප්‍රියන්ත සිරිකුමාර ඉන්න නිසා බලන්නම හිතුනා. උගෙ ඇක්ටින් නම් සුපිරි.
     
    • Love
    Reactions: BruceWayne92

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,393
    16,570
    113
    සින්හලෙන් හදපු මලයාලම් ෆිල්ම් එකක් වගෙ .
    වාලම්පුරි බලන කොට දැනෙන්නේ සිංහලෙන් හදපු දෙමල ෆිල්ම් එකක් බලනවා වගේ.

    ඒකේ ඉන්න චරිත, උන් හැසිරෙන විදිය, කතා බහ කරන විදිය තියා plot එක උනත් දෙමල ගතියක් තියෙන්නේ
    Tamil or Malayalam vibe eka thama therune matanam .
    Ai ban lankawe inna gon wesige puthala India we parawal ain wala rena adu kule kari demallunge culture eka lankawe films walata gawa ganne? Unge ponna acting anukaranaya karanne?
     
    • Love
    Reactions: BruceWayne92

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,247
    45,151
    113
    වාලම්පුරි කියලා ලංකාවේ පරණ ෆිල්ම් ඵකකුත් තියෙනවා නේද..විජය කුමාරතුංගලු ඉන්නෙ ඒකේ.. පොතකුත් තියෙනවා..ඒ පොතේ විදිහටම තමයි ෆිල්ම් ඵක කරලා තියෙන්නේ..මෙන්න මේ පොත..

    walampuri-fcover-sri-lanka.jpg


    https://www.imdb.com/title/tt36636774/



     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,993
    113
    Gotham City
    වාලම්පුරි කියලා ලංකාවේ පරණ ෆිල්ම් ඵකකුත් තියෙනවා නේද..විජය කුමාරතුංගලු ඉන්නෙ ඒකේ.. පොතකුත් තියෙනවා..ඒ පොතේ විදිහටම තමයි ෆිල්ම් ඵක කරලා තියෙන්නේ..මෙන්න මේ පොත..

    walampuri-fcover-sri-lanka.jpg


    https://www.imdb.com/title/tt36636774/




    Affa ehemada ?
    Balanna oni
     
    • Love
    Reactions: Bitter Truth