හෙට උදේට අපි ආප්ප උයනව

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,276
    1
    31,935
    113
    - උඩරට -
    Australia Kitchen GIF by MasterChefAU
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,424
    2,201
    113
    ඒ ගැන සිතමින් තව ටිකකින් නිදා ගන්නව

    ආප්පයි සීනියි මරු ඈ....

    මේ වගේ කිසි වැඩක් නොකර ආප්පයක් ගැන විතරක් හිත හිත නිදාගන්න තිබ්බ නම් කොච්චර සෝක් ද 🤌
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,457
    6,083
    113
    නංගියි මස්සිනායි එනවා කියලා අම්මා උදේ පාන්දරම ලෑස්ති වෙලා තිබුණේ සුපිරි ආප්ප පාරක් දාන්න. හැබැයි ඉතින් අපේ අම්මා ආප්ප හදන්න ගියාම කුස්සිය හරියට යුද පිටියක් වගේ. මම ඉතින් සාලෙට වෙලා ඉන්නකොට කුස්සියෙන් එනවා මාර සුවඳක්. මස්සිනාත් ඉතින් සාලේ සෝෆා එක උඩ ලෙෆ්ට් වෙලා සද්දෙට ගොරව ගොරව නිදි. මම හෙමින් සැරේ කුස්සියට රිංගුවා සයිස් එක බලන්න අම්මා එතන තාච්චි දෙකක් ලිපේ තියන් මාර ගේමක හිටියේ. හැබැයි පළවෙනි ආප්ප දෙක තුනම තාච්චියට ඇලිලා, කෑලි කෑලි කැඩිලා, හරියට අලි කාපු බෝල වගේ වෙලා තිබුණේ.
    අම්මා: "මේ බලපන් අනුරාධ, මේ අලුත් තාච්චියේ හැටි. ආප්පේ ගැලවිලා එන්නේ නෑනේ!"

    මම: "අම්මේ, ඕකට තෙල් පොඩ්ඩක් ගාලා, බිත්තර කටුවකින් පිහදාලා ගන්න." (මම ඉතින් යුටියුබ් එකෙන් බලපු උපදෙසක් දුන්නා )
    අම්මා: "උඹ මට උගන්නන්න එන්නැතුව ප
    ලයන් යන්න! මම උඹලව හැදුවේ මේ තාච්චි වලින් තමයි!"
    මට ඉතින් මල පැනලා ආයෙත් කාමරයට ආවා. හැබැයි ඔන්න ටික වෙලාවකින් අම්මා වැඩේ අල්ලගත්තා. ඊටපස්සේ ආපු ආප්ප ටික නම් පිස්සු හැදෙනවා. වටේ කරස් ගාලා හැපෙන රන්වන් පාට සිරාම ආප්ප!
    ඔන්න නංගියි මස්සිනායි ඇහැරිලා මේසෙට ආවා. අම්මා මුලින්ම හැදුවේ ලොකු බිත්තර ආප්පයක්. මම ඉතින් ඒකට කෙල හල හල, "මේක මට" කියලා පිඟාන අදින්න හැදුවා විතරයි...
    අම්මා මගේ අතට සැර පාරක් ගහලා, "ඕක මස්සිනාට! උඹට සාමාන්‍ය ආප්පයක් දෙන්නම්" කිව්වා.

    මස්සිනා ඉතින් හෙන ලොකු සීන් එකෙන්, "අනේ අම්මේ මට බිත්තර ආප්ප එපා, කොලෙස්ටරෝල්" කියලා ටෝක් එකක් දුන්නා

    හැබැයි අම්මා "නෑ පුතා, මේක කන්න" කියලා පෙරැත්ත කරලා දුන්න ගමන් මූ ඒක කටවල් දෙකට ඉවර කළා! මට හිතුණා මූට කොලෙස්ටරෝල් නෙවෙයි තියෙන්නේ බඩජාරිකම කියලා

    අන්තිමට ඉතින් අම්මා හදපු සැර කට ගැස්ම ලුණු මිරිසයි, සීනි දාපු පැණි ආප්පයි එක්ක මම ආප්ප 6ක් විතර එක දිගට බැස්සුවා. මස්සිනාත් කට පිහදාන ගමන්, "අම්මා හදන ආප්ප නම් වෙන කොහේවත් නෑ" කියලා අම්මට අයිස් පාරක් ගැහුවා. (ඒකෙන් වුණේ මට තව ආප්පයක් කන්න තිබුණු ඉඩ නැති වුණු එක!)
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,354
    1
    59,715
    113
    Mother Earth

    ටික වෙලාවක් යනකොට මස්සිනා පස්ස අල්ලන් සාලෙ මැද්දෙන් දුවන්න ගත්තා. මම බැලුවා අවුරුදුත් ඉවරයි ගම වටේ දුවන තරඟ දැන් තියෙන්න විදිහක් නෑනේ කියලා. එක පාරටම මස්සිනා "බුදු අම්මෝ මගේ බඩ රිදෙනවෝ" ගාගෙන එළියෙ තියෙන ලැට් එකට දිව්වා. මස්සිනාට බඩේ අමාරුවක්. සාලෙ මැද්දෙ මස්සිනාගෙ කක්කි ජූස් වැටිලා ඒවට මැස්සො වහනවා. මටත් හෙනම අප්පිරියාවක් ආවා. කාපු ආප්ප ටිකත් වමනෙ යන්න වගේ. නංගි කට අල්ලන් හිනා වෙනවා එයාට හිනාව නවත්ත ගන්න බැරුව. අම්මා ආප්ප හැන්දකුත් අතේ තියාගෙන ඉනට අත්දෙක ගහන් මස්සිනාගෙ මේ නාඩගම බලන් ඉන්නවා සාලෙ මැද ඉඳන්. මටත් හිතා ගන්න බෑ මේ මොන නවනිංගිරාවක්ද කියලා. 🤷‍♂️
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    875
    1
    1,769
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ආප්ප 5 ක් කෑව
    බිත්තර ආප්පෙකුත් කෑව
    බඩු ඉතුරුද? අපි ගමනක් ගිහින් එන ගමන් කටුවාපිපිටිය පැත්තෙන් එන්නෙ.

    ඉතුරු ආප්ප තියේනම් දීපන්කො.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,457
    6,083
    113
    ආප්ප 5 ක් කෑව
    බිත්තර ආප්පෙකුත් කෑව
    But you said before.....

    අන්තිමට ඉතින් අම්මා හදපු සැර කට ගැස්ම ලුණු මිරිසයි, සීනි දාපු පැණි ආප්පයි එක්ක මම ආප්ප 6ක් විතර එක දිගට බැස්සුවා
     
    • Haha
    Reactions: Candid-B