‘සත්ත්වයෙක්’, ‘පුද්ගලයෙක්’, ‘කෙනෙක්’, ‘ආත්මයක්’, ‘මම’ කියලා, අපි කියන "කෙනෙක්" නොවේ මේ ඇත්තට ම ඉන්නේ < - කියන අර්ථය මුල් කරගෙන “ශූන්‍යයි” කියලා කියනවා. ඒ අරුතින් බැලුවොත් බුදුදහම ශුන්‍යතාවාදයක්; ඒත් ඇත්තට ම නම් ඒ මුල් ම අරුත යථාර්ථයක් නිසා බුදුදහම “යථාර්ථවාදයක්” හෝ “ස්වභාවිකත්වවාදයක්”.
[“ශුන්‍යතාවාදයක්” කිව්වම මොකුත් ම නෑ - හැම දේම හිස් - හැම දේම හිතේ මිසක් බාහිර කිසිවක් නෑ - වගේ එක එක අදහස් එන්න පුළුවන් වුණත්, ඒ එකක්වත් සත්‍ය නොවේ. එසේ ම මහායාන බුදුදහමෙත් ශුන්‍යතාවාදයක් (ශූන්‍යතා දර්ශනයක්) තියනවා - එය ද අර්ථශූන්‍ය යි.]
ථේරවාද බුදුදහමේ “ශුන්‍යතාවාදය” හෝ “යථාර්ථවාදය” හෝ “ස්වභාවිකත්වවාදය” සරලව ම පහත පරිදි ය.
1. සිතන්නේ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ ‘මම’ හෝ නොවේ; එනමුදු සිතිය හැක - එසේ සිතන/සිතෙන ආකාරය මැනවින් පැහැදිලි කරයි.
2. (ඕනෑම ක්‍රියාවක්) කරන්නේ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ ‘මම’ හෝ නොවේ; එනමුදු ක්‍රියා/වැඩ කළ හැක - එසේ කරන/කෙරෙන ආකාරය මැනවින් පැහැදිලි කරයි.
3. කියන්නේ (කතාකරන්නේ) සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මක් හෝ ‘මම’ හෝ නොවේ; එනමුදු කතාකළ හැක - එසේ කියන/කියවෙන ආකාරය මැනවින් පැහැදිලි කරයි.