බෝතලේක සීනි දාලා, තියෙන සීනි අැට සේරම එළියට ගත්තට පස්සෙ, එ‍්ක අස්සෙන් තවත් සීනි ගන්ඩ පුළුවන්ද වගේ කතාවක් තමයි අාලෝකයේ වේගයට වඩා වේගෙන් යනවා කියන්නෙ. ඕකෙ අවුල concept එක ලොකුවට ඔලුවට ගිහිල්ලා නැති එක. ඉතින් හිතෙන්නෙ වේග කෝකත් එකයි, වැඩි වෙවී වැඩි වෙවී යන්න පුළුවන් කියලා.ආලෝකේ වේගෙට වඩා හයියෙං යන්ඩ බෑ කියන එක
හැබැයි වේගය වැඩි කරගන්නවා කියන්නෙම චාලක ශක්තිය එ‍් වගේ දෙකේ බලයෙන් වැඩි වෙනවා කියන එක, ශක්තිය ගොඩාක් වැඩි වෙන්න ගත්තට පස්සෙ E=MC^2 විදිහට ස්කන්ධයත් වැඩි වෙන්න පටන් ගන්නවා කියන එක, වේගය වැඩි කරන්න නම් acceleration එකක් වෙන්ඩ අසමතුලිත බලයක් යොදන්න ඕන කියන එක, ස්කන්ධය වැඩි වෙන්න වෙන්න එ‍් බලයත් වැඩි වෙනවා කියන එක ඔලුවට ගන්න ඕන.
අාලෝකයේ වේගය ගන්න අවශ්‍ය ශක්තිය අනන්තයක් කියල අන්න එතකොට බොහොම හොඳට තේරෙනවා.
එකම දේ එ‍් පැත්තෙන් limit එකක් තියෙනවා කියන එක අපේ ඔලුවට ගෝචර නොවෙන කේස් එක තමයි තියෙන්නෙ. එ‍්කයි මම කියන්නෙ නිතරම අනිත් පැත්තෙන් හිතන්න කියලා. බෝතලේක තියෙන දේවල් ටික ඔක්කොම ගත්තට පස්සෙ තවත් මොනවත් ගන්න බෑ වගේ දෙයක් අපේ මොළයට ඊට වඩා හොඳට තේරෙනවා.
0 කියන hard limit එක සහ ගොඩක් දේවල් එ‍් නිසා ඍණ වෙන්ඩ බෑ කියන එක අපිට තේරෙන නිසා එ‍්කම වැඩි පැත්තෙනුත් තියෙන limit එකක් කියල හිතුවොත් තේරුම් ගන්න ලේසියි.
