ඔතන තියන ප්‍රශ්ණය තමා කොතනින්ද ඕක නවත්වන්නෙ කියන එක. මහාපරිණිබ්බාන සූත්‍රය පසුකාලීනයි, මහාසතිපට්ඨාන සූත්‍රයෙ සච්ච පබ්බය පසුකාලීනයි, දසුත්තර සූත්‍රය පසුකාලීනයි, අභිධර්මය පසුකාලීන යි, අටුවාව වැඩක් නැහැ ටීකා වැඩක් නැහැ විසුද්දිමග්ගය වැඩක් නැහැ....යනාදී විදිහට කියනකොට කෝකද පසු කෝකද මුල් කියලා වෙන්කරගන්න ගියහම ලොකු අවුලක් ඇතිවෙන්නෙ.
දැනට අහල තියන පරිදි ඔය "early buddhism" කියන සංකල්පය දැන් scholarsල භවිතා නොකෙරෙන දෙයක්. දැන් ඒ වෙනුවට භාවිත කරනවා කියන්නෙ "ථේරවාද බුදුදහම" එහෙමත් නැතිනම් "මහාවිහාර බුදුදහම". ඔය early කෑල්ල එන්න එක හේතුවක් කියනවා Oriental ආද්‍යාත්මික දැණුම හොයාගෙන ආපු Occidental උගතුන් උපකල්පනය කරලා තිබුණා යම් කිසි pristine මූලයක් තිබිය යුතුයි, ඒක හොයාගන්න ඕනෙ කියලා. නමුත් ඒක නිරර්ථක ක්‍රියාවක් කියලා තමා දැනට දන්නෙ. මොකද ගැටළුව එහෙම නැති එක නෙමෙයි පැහැදිලිව එහෙම මූලයක් සියළු සැක හැර පෙන්වන්න හැකියාවක් නැහැ අද වෙනකොට. ඒ වෙනුවට මෙන්න තියනවා මෙන්න මේ විදිහට ලියවිලා තියෙනවා කියලා හැමෝටම අත්දකින්න කියවන්න අධ්‍යනය කරන්න පුළුවන් පරිදි රැකිලා තියන සම්පූර්ණ ත්‍රිපිටකයක් අටුවා ටීකා ටිප්පනි වලින් යුතු මූලය තමා ථේරවාදය එහෙමත් නැතිනම් මහාවිහාර සම්ප්‍රදාය.
මේක කියන ග්‍රින්තන්ඩර් උනත් කියවන්න වඩාත් ප්‍රිය කරන්නෙ කටුකුරුන්දෙ ඥානනන්ද ආදී අටුවා ටීකාව අභිධර්මය දෙස විවේචනාත්මකව බලමින් ලියපු කියපු භික්ෂූන් තමා. නමුත් ග්‍රීන්තන්ඩර් follow කරන්නෙ අපේ සාම්ප්‍රදායික මහාවිහාර අර්ථකත වලින් පෝෂණය වුණු මාහාසී සම්ප්‍රදාය.