අපේ පිය පාර්ශවයෙන් සීය නැති උනේ ගිය අවෘද්දේ 94ක් ද කොහෙද
හොල්මන් කතා නම් දන්නේ නෑ.. ඇහුවම හොල්මන් වෙන කතා නම් තියෙනවා
දවසක් අලුතෙන්ම shotgun එකක් ලැබිලා, වට පිට බලද්දී කුඹුරේ හරකෙක් ඉන්නවා දැකලා ඌට තියලා test කරන්න තුවක්කුව
එක මිනිහෙක් මරලා තියෙන්නේ, කකුල් දෙක අස්සේ බෙල්ල හිර කරලා
වයස 80 ගණන් වලදී ඇස් වල අමාරු ඇවිල්ලා බෙහෙත් අරන් දුන්නාට බෙහෙත් දාලා නෑ මුරණ්ඩු කමට. පස්සේ පොට්ට උනහම බයිසිකල් එකේ යන්න බැරි නිසා තල්ලු කරගෙන පාරේ ගිහින් තියෙනවා
ඇඟ පුරාම පච්ච, තඩි නයෙක් පපුවේ හිටියා කොටලා
මම අන්තිමට දැක්ක දවසේ ලෙමන් ජින් බාගයක් දුන්නා තියාගෙන බොන්න කියලා.. පැය බාගෙන් අමුවෙන් ම ගහලා, මට මේවා මදි කිව්වා..
මම 12 වසරේදී වගේ පොර මාව කපන්න ආවා දැලි පිහියකින්.. කහ පාට case එකක් තිබ්බා එකක්, තාම මතකයි
කොහොමහරි අමු තිරිසනෙක්. හික්කඩුවේ, පිංකන්ද කියන ගමේ, සනි අයියා (අමරසිරි) කියලා ඇහුවා නම් මෙතන කියන්න බැරි කතා ටිකත් අහගන්න පුළුවන්.