බදුගෙවන්නා හදුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය තවත් පුද්ගලයින් මිලියන 04ක පමණ පිරිසක් ලබාගෙන නොමැති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මේ වන විට පුද්ගලයින් මිලියන 13කට වැඩි පිරිසක් ටින් අංකය ලබාගෙන ඇති බවයි.
වයස අවුරුදු 18 සම්පූර්ණ වු සියලු පුද්ගලයින් ටින් අංකය ලබාගැනීම අනිවාර්යය කර ඇති අතර ඒ අනුව මෙරට පුද්ගයින් මිලියන 17ක පමණ පිරිසක් ටින් අංකය ලබා ගත යුතු වන බව සඳහන් වනවා.
මේ අතර, 2026 අංක 11 දරන දේශීය අදායම් සංශෝධිත පනත් කෙටුම්පතට අනුව මේ වනවිට විවිධ කාර්යයන් සදහා ටින් අංකය අනිවාර්යය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
ඒ අනුව බැංකු ගිණුම් විවෘත කිරීම, මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීම සහ අලුත් කිරීම, ව්‍යාපාර ලියාපදිංචි කිරීම, සමාගම් කොටස් හුවමාරු කිරීම සහ ක්‍රෙඩිට් කාඩ් පත් ලබා ගැනීම ඇතුළු විවිධ ගණුදෙනු සදහා ටින් අංකය අනිවාර්යය කර තිබෙනවා.
දේශිය අදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ, අදාල පනතට අනුව ටින් අංකය තවදුරටත් රහස්‍ය තොරතුරක් ලෙස නොසලකන බවයි.

කැරි ජෙලස් කාරයො ඉන්නෙ.