TIN අංකය තවමත් මිලියන 4ක් ලබාගෙන නැහැ – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,681
    46,048
    113
    SzCz1ag.jpeg


    බදුගෙවන්නා හදුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය තවත් පුද්ගලයින් මිලියන 04ක පමණ පිරිසක් ලබාගෙන නොමැති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

    එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මේ වන විට පුද්ගලයින් මිලියන 13කට වැඩි පිරිසක් ටින් අංකය ලබාගෙන ඇති බවයි.

    වයස අවුරුදු 18 සම්පූර්ණ වු සියලු පුද්ගලයින් ටින් අංකය ලබාගැනීම අනිවාර්යය කර ඇති අතර ඒ අනුව මෙරට පුද්ගයින් මිලියන 17ක පමණ පිරිසක් ටින් අංකය ලබා ගත යුතු වන බව සඳහන් වනවා.

    මේ අතර, 2026 අංක 11 දරන දේශීය අදායම් සංශෝධිත පනත් කෙටුම්පතට අනුව මේ වනවිට විවිධ කාර්යයන් සදහා ටින් අංකය අනිවාර්යය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

    ඒ අනුව බැංකු ගිණුම් විවෘත කිරීම, මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීම සහ අලුත් කිරීම, ව්‍යාපාර ලියාපදිංචි කිරීම, සමාගම් කොටස් හුවමාරු කිරීම සහ ක්‍රෙඩිට් කාඩ් පත් ලබා ගැනීම ඇතුළු විවිධ ගණුදෙනු සදහා ටින් අංකය අනිවාර්යය කර තිබෙනවා.

    දේශිය අදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ, අදාල පනතට අනුව ටින් අංකය තවදුරටත් රහස්‍ය තොරතුරක් ලෙස නොසලකන බවයි.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,750
    5,711
    113
    Tin no එක වැඩ කරන company එකට දෙන්න කියලා චක්‍රලේඛය ක් ගහලා නේද? Tin certificate ඒකේ කොපියක් ඉල්ලනවා. කොහෙන්ද බන් ගන්නේ ඒක?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,710
    12,834
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොලේ අමාරු කාරයෝ ඉන්න ඩිපාර්ට්මන්ට් එකක්

    NIC කට 18 වැඩි ඔක්කොටොම එකවුන්ට් එකක්ඇරියා නම් හරි නේ. කොහොමත් උන් කැමති කැමති උන්ට අරින එකේ. අනිත් උන් කොටසකට බලෙන් ඇරලා කොටසකට ස්වේච්චාවෙන් ගන්න ඕනා කියන්නේ නැතිව

    මෙච්චරකල් ලංකාවේ දෙපාර්තුමේන්තු බොහෝ පුද්ගලික ආයතන දිනේ පාවිච්චි කලේ ddmmyyyy හෝ ddmmyyyy, දැන් මුන් අලුත් ඉන්වොයිස් ෆොර්මැට් කියල mmddyyyy ඕනා ලු.

    ඉන්වොයිස් අන්කේ ඔනාලු digit 40ක් ද මන්දා දිග එකක්

    ඇමරිකාවේ උන්ට තාම බැරිඋනා මෙට්‍රික් ක්‍රමේට 100% මාරු වෙන්න ඉම්පීරියල් ක්‍රමෙන්.
    ඒ උන්ට බැරි නිසා නෙමේ ඊට වඩා ලේසියි දැන් තියන එක පවත්වාගන්න.
    කිලෝමීටර් හදුන්වාදීලා උන් පාරවල් වල දුර කියන්නේ හැතැප්ම වලින්.
    අපේ උන්ට ඕනා අවුරුදු 5න 5පහ වෙනස් කරන්න
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,896
    34,233
    113
    ටැක්ස් ඔෆිස් එකට නොයා මුලුමනින්ම online හරහා TIN එක ගන්න පුලුවන්ද? verify කරන්න හරි මොන හරි මගුලකට ටැක්ස් ඔෆිස් එකට යන්න වෙනවද? TIN එක ගත්ත උන් කියපල්ලකෝ
     
    • Like
    Reactions: Inigo Montoya

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,014
    8,273
    113
    Chilaw
    ඕකුන් මලාට phone එකක් answer කරන්නේ නෑ... Email දැම්මත් එච්චරයි. මිනිස්සු නිවාඩු දාගෙන ගිහින් තැපගන ඉන්න ඕනි ඒවා දැනගන්න. :sneaky:
    අඩුම තරමේ tin බලෙන් reg කරපු ඒවා ID numbers ගහලවත් බලාගන්න හදන්න ඕනි. :dull:
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,032
    7,079
    113
    Narcissistic Sociopath Manipulator
    මං නුවර IRD එකට ගිහිං ඒකෙ ඉන්න නාකියා සද්දයක් දැම්මා. අන්තිමේට අහනවා ගන්න යන වාහනෙ මොකක්ද කියලා මම කිවුව LC එකක් කියලා. :lol: කැරි ජෙලස් කාරයො ඉන්නෙ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,014
    8,273
    113
    Chilaw
    ටැක්ස් ඔෆිස් එකට නොයා මුලුමනින්ම online හරහා TIN එක ගන්න පුලුවන්ද? verify කරන්න හරි මොන හරි මගුලකට ටැක්ස් ඔෆිස් එකට යන්න වෙනවද? TIN එක ගත්ත උන් කියපල්ලකෝ
    ගොඩක් උන්ව system වැටිලා තියෙන්නේ. ටින් එක දැනගන්න යන්නම ඕනි. :dull:
     
    • Like
    Reactions: Inigo Montoya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,710
    12,834
    113
    ලංකාවේ.. ලංකාවේ
    ටැක්ස් ඔෆිස් එකට නොයා මුලුමනින්ම online හරහා TIN එක ගන්න පුලුවන්ද? verify කරන්න හරි මොන හරි මගුලකට ටැක්ස් ඔෆිස් එකට යන්න වෙනවද? TIN එක ගත්ත උන් කියපල්ලකෝ
    යන්න නම් ඕනා නෑ ඔන්ලයින් දැම්මා නම් හරි. ආවේ නැත්තන් ගියොත් ලේසියි.
    ආච්චිගේ රෙද්ද නමයි, NIC එකයි, address එකයි, ස්පවුස් ගේත් ඒ විස්තර ටිකයි දාලා database එකක් හදාගන්න විදින දුකක්, දෙන වදයක්
     
    • Like
    Reactions: Inigo Montoya

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,136
    2,346
    113
    මුන්ට පිස්සු , බදු ගහනව හතර වටේට ,කරපු ලබ්බක් නෑ , අන්තිමට හැකර් ල ගත්ත කියල ටික ටික භාන්ඩාගාරෙ හිස් වෙනව.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,992
    11,373
    113
    35
    Spain
    ටැක්ස් ඔෆිස් එකට නොයා මුලුමනින්ම online හරහා TIN එක ගන්න පුලුවන්ද? verify කරන්න හරි මොන හරි මගුලකට ටැක්ස් ඔෆිස් එකට යන්න වෙනවද? TIN එක ගත්ත උන් කියපල්ලකෝ
    උඹට ඔෆීස් එකට ගිහින් උන්ට ටින් අක්නක ගන්න ඕන කිව්වම උන් අයිඩෙන්ටි කාඩ් අංකය දාල බලනවා රෙජිස්ටර්ද නැද්ද කියල. රෙජිස්ටර් නැත්නම් එකට වෙනම ෆෝම් එකක් පුරවන්න ඕන, නැත්නම් තොරතුරු දැනගැනීම සඳහා තව ෆෝම් එකක් පුරවන්න ඕන. එක දීල අංකය ගන්න පුළුවන්. රෙජිස්ටර් වෙලා නැත්නම් දවස් 5කින් අංකය ගන්න පුළුවන්. රෙජිස්ටර් වෙලා නම් එවෙලේම අංකය ගන්න පුළුවන්
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,014
    8,273
    113
    Chilaw
    යන්න නම් ඕනා නෑ ඔන්ලයින් දැම්මා නම් හරි. ආවේ නැත්තන් ගියොත් ලේසියි.
    ආච්චිගේ රෙද්ද නමයි, NIC එකයි, address එකයි, ස්පවුස් ගේත් ඒ විස්තර ටිකයි දාලා database එකක් හදාගන්න විදින දුකක්, දෙන වදයක්
    කලින් බන් ID එක ගැහුවම tin එක පෙන්නුවනේ application form එකේම. දැන් ඒකත් අයින් කරලා.

    ඔක්කොම උන් දැන් phone line එක කන්න හදනවා ඒක දැනගන්න. ඔක්කොමට ඇවිත් ගන්න කියලා කියලා උන්ටත් එපා වෙලා වෙන්නැති phone ගන්නෙත් නැත්තේ
     
    • Like
    Reactions: senewimala1988

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,710
    12,834
    113
    ලංකාවේ.. ලංකාවේ
    කලින් බන් ID එක ගැහුවම tin එක පෙන්නුවනේ application form එකේම. දැන් ඒකත් අයින් කරලා.

    ඔක්කොම උන් දැන් phone line එක කන්න හදනවා ඒක දැනගන්න. ඔක්කොමට ඇවිත් ගන්න කියලා කියලා උන්ටත් එපා වෙලා වෙන්නැති phone ගන්නෙත් නැත්තේ
    "මොලේ අමාරු කාරයෝ ඉන්න ඩිපාර්ට්මන්ට් එකක්" කිව්වේ ඕවටත් එක්ක තමා බන්
    ක්‍රමේ තව තවත් අනන එක තමා මුන්ගේ ක්‍රමේ.
    හොයාගන්න තිබ්බ එක අයින් කරලා අලුත් ෆෝරම් එකක් දාලා එකේ එන්නේ තියනවද නැද්ද කියන එක විතරයි. දැන් මාස 7-8ක් වත් ඇති එක කරලා
     

    TrashPanda

    Junior member
  • Feb 23, 2026
    61
    52
    18
    මම online submit කරපු තොරතුරුවලට TIN no ගන්න බැරි උනා. දැන් අවුරුදු එකහමාරක් වත් ඇති. ඔය අතර 2025 April වල manually register කරගෙන තිබුණා IRD regional office එක හරහා. TIN no හැදිල මමවත් දන්නෑ. පැය බාගෙක විතර call waiting ඉඳලා ඒක දැන ගත්තා ගිය සතියේ physically visit නොකර, waiting time එක Dialog හා සමයි.

    එදාම මේල් එකක් දැම්මා email address attach කරන්න. තාම reply . නම් නැහැ. ඒක හරි ගියොත් online pin request කරන්න පුළුවන් වෙයි