තෙල්දෙනිය ඝාතනයට ලක්වූ භෞතචිකිත්සකවරියගේ අතුරුදන් පෙම්වතා සෙවීමට මහජන සහාය පතයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,655
    1
    99,896
    113
    33
    Kalutara
    තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතා වෙස් මාරු කර තරුණියන් රැවටූ විවාහකයෙක් - තට්ට හිසක් සහිත ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රවටලා

    තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී සිරුර හමු වූ භෞත චිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ බව කියන අගේ පෙම්වතා විවාහකයෙකු බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.
    ඔහු 38 හැවිරිදි ගන්නොරුව,මහනොරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මුලින් තොරතුරු අනාවරණය වුවද ඔහුගේ සැබෑ පදිංචිය කුරුණෑගල නාරම්මල ප්‍රදේශය බවට හෙළි වී ඇති බවයි සිදිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ප්‍රදේශය භාර උසස් නිලධාරියෙකු සදහන් කළේ.

    සැකකරු කාන්තාවන් සහ තරුණියන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ මුදල් වංචා සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශ වල පොලිස් ස්ථාන වල පැමිණිලි මෙන්ම අධිකරණ වල නඩු ද පවතිනවා.

    තට්ටය සහිත පුද්ගලයෙක් වන මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවයි අනවරණය වී ඇත්තේ.
    එසේම මොහු පරිගණක මුදෘකාංග ඉංජිනේරුවරයෙකු බවට වාර්තා පළවුවද එය අසත්‍යක් බවයි විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලදාරියා කියා සිටියේ.
    පෙරේදා පස්වරුවේ මෙම භෞත චිකිත්සකවරියගේ මළ සිරුර අදාල මෝටර් රථයක තිබී හමු වූ අතර එය සැකකරු සම්බදතා පවත් වූ කාන්තාවකට අයත් බවටයි හෙළි වී ඇත්තේ.
    ඇගෙන් ද පොලීසිය මේ වන විට ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

    නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක කාමරයක මියගිය තරුණිය සහ සැකකරු පසුගිය 3 වනදා සිට 16 වනදා දක්වා රැදී සිට ඇති අතර භෞත චිකිත්සකවරිය ඝාතනය කර මෙලස මෝටර් රථයේ දමා සැකකරු විසින් තෙල්දෙණිය රෝහලේ රථ ගාල අසලට රැගෙන විත් පලා ගොස් ඇති බවටයි පොලිසිය සක කරන්නේ.

    එමෙන්ම අදාළ තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබෙන බවද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
    සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ සහ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මෙහෙයවීම යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.

    මාත් කොණ්ඩයක් දැම්මම කෙල්ලෝ නම් ඕන තරම්. ඒත් ඉතින් පස්සේ ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවනේ. මොකදට මෙයා ඔය වගේ ප්‍රශ්න අපිට.. 😪
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,295
    6,847
    113
    සැකකරු කාන්තාවන් සහ තරුණියන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ මුදල් වංචා සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශ වල පොලිස් ස්ථාන වල පැමිණිලි මෙන්ම අධිකරණ වල නඩු ද පවතිනවා.
    මූට විරුද්ධව මීට කලින් නීතිය ක්‍රියාත්මක වුණා නම් මේ කෙල්ල බේරෙනවානේ.

    මට නම් හිතෙන්නේ මූට දෙන්න ඕන නිසා ගත්ත ණය හින්දයි, මූගේ ඇත්ත ස්වරූපය අඳුරගෙන හොඳටම මානසිකව වැටිලා (depress වෙලා) තමයි ඇය සියදිවි නසාගෙන තියෙන්නේ. මේක සියදිවි නසාගැනීමක් වුණත්, ඒ ගැහැනියව ඒ තත්ත්වයට ඇදලා දාපු මූට මරණ දඬුවමම දෙන්න ඕනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,185
    66,603

    Pettiyath left karanna athi :baffled: aye itin apartment eke nikan innawaye
     
    • Like
    Reactions: ob_server

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,295
    6,847
    113

    ⭕️
    තෙල්දෙණිය කාන්තා ගාතනයට සම්බන්ධ ගාතකයාගේ පෙර
    Facebook ගිනුමක් ...
    ඔහු පෙර සිටම වසර ගනනාවක් ව්‍යාජ නම් / රැකියා භාවිතා කරමින් අපරාධ වංචා රැසක් සිදුකර ඇති අතර මොහුට නඩු විශාල ප්‍රමාණයක්ද ඇත.. මින් පෙර ගනනාවන් කිහිපයක් මොහු පොලිසියට අසු වුවත් එයින් නසි දඩුවමක් ලැබුනේ නැත.. මොහු සමග වයාජ ලිපි ලේකන visA / passport / airtickets සැදීම සහා වෙනත් දේවල් සඳහා උපකාර කරන ආයතන සේවකයින් නිලධාරීන් සහා තවත් කාන්තා සහ පිරිම් පාර්ශ්වය කන්ඩායමක් සිට්‍යි..
    මොහු මුලින් නුවරඑළිය හෝටලයක් වත්තක් බලා ගත් අයෙක් වන අතර පහත ඇත්තේ එම ජයාරූපය වේ..
    මෙම අපරාධකරුව සොයාගැනීමට සහයෝගය දක්වන්න.. තොරතුරක් ඇතොත් පොලිසිය දැනුවත් කරන්න

    @olu bakka
     
    • Wow
    Reactions: Inigo Montoya

    Hena sodaka look ekak tiyena ekekne decent look ekak aragena
     
    • Like
    Reactions: ob_server

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,222
    22,692
    113

    ⭕️
    තෙල්දෙණිය කාන්තා ගාතනයට සම්බන්ධ ගාතකයාගේ පෙර
    Facebook ගිනුමක් ...
    ඔහු පෙර සිටම වසර ගනනාවක් ව්‍යාජ නම් / රැකියා භාවිතා කරමින් අපරාධ වංචා රැසක් සිදුකර ඇති අතර මොහුට නඩු විශාල ප්‍රමාණයක්ද ඇත.. මින් පෙර ගනනාවන් කිහිපයක් මොහු පොලිසියට අසු වුවත් එයින් නසි දඩුවමක් ලැබුනේ නැත.. මොහු සමග වයාජ ලිපි ලේකන visA / passport / airtickets සැදීම සහා වෙනත් දේවල් සඳහා උපකාර කරන ආයතන සේවකයින් නිලධාරීන් සහා තවත් කාන්තා සහ පිරිම් පාර්ශ්වය කන්ඩායමක් සිට්‍යි..
    මොහු මුලින් නුවරඑළිය හෝටලයක් වත්තක් බලා ගත් අයෙක් වන අතර පහත ඇත්තේ එම ජයාරූපය වේ..
    මෙම අපරාධකරුව සොයාගැනීමට සහයෝගය දක්වන්න.. තොරතුරක් ඇතොත් පොලිසිය දැනුවත් කරන්න

    @olu bakka

    Eka eka welawata eka eka ewa dn kiyanne. Muge padinchi thanma 5,6 k dala tibba eka eka ewaye. Anyway murder nn wenna chance eka aduyi.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,295
    6,847
    113
    දැන් ඌ සොට්ටෙයා ඉන්ජෙක් නෙමෙයිලුද 🤣
    ඉතින් බං ඒ විදිහට තමයි මැරුණ ගෑනු කෙනාට & ගෑනු කෙනාගේ ෆැමිලි එකේ අයට අඳුන්වලා දීලා තියෙන්නේ. සිද්ධියක් වුණාම ඒ සිද්ධියට මුලින්ම සම්බන්ධ අයගෙන් තමයි තොරතුරු ගන්නේ.

    2023

    ------ Post added on Jun 19, 2026 at 8:58 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,361
    8,121

    mata poddak kathawa kiyapanko ketiyen.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,295
    6,847
    113
    දැන් ඌ සොට්ටෙයා ඉන්ජෙක් නෙමෙයිලුද 🤣

    mata poddak kathawa kiyapanko ketiyen.

    කැනඩා යන්න ඔක්කොම ලෑස්තී කියා නුවරඑළියට ශ්‍යාමාව එක්කන් ආ පෙම්වතා හිටපු පෙම්වතීගේත් මුදල් හා වාහන කොල්ලකාලා​

    අනාගතය පිළිබඳ දහසක් සුන්දර සිහින සිතේ දරාගෙන කැනඩාව බලා පියාසර කිරීමට සැරසුණු තරුණියකගේ ජීවිත ගමන, තෙල්දෙණිය දිසා රෝහල් රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක් තුළ අතිශය ඛේදනීය ලෙස නිමාවට පත්ව තිබේ. ඇගේ සීතල වූ මළ සිරුර රථයේ ඉදිරිපස අසුනේ ආරක්ෂිත පටියද පැලඳ සිටියදී සොයා ගැනෙන විටත්, ඇය සිය ජීවිතයටත් වඩා විශ්වාස කළ පෙම්වතා ඇයව මරණයේ අඳුරට තල්ලු කර අතුරුදන්ව සිටියේය.

    මනුෂ්‍යත්වය සහ ආදරය කෙරෙහි ඇති විශ්වාසය බිඳ දමන මෙම අමානුෂික අපරාධය, හුදෙක් එක් මරණයක් පමණක් නොව, සංවිධානාත්මකව සැලසුම් කරන ලද කුරිරු රැවටීමක අවසන් ප්‍රතිඵලය බව මේ වන විට මනාව පැහැදිලි වී හමාරය.

    මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ මාතර, වැලිගම පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි තිස් හතර හැවිරිදි රත්නායක පතිරගේ ශ්‍යාමා දර්ශනී නමැති තරුණියයි. වසර කිහිපයක සිට අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරියක ලෙස අතිශය ගෞරවනීය රාජකාරියක නිරත වෙමින් සිටි ඇය, රෝගීන්ට සුවය ගෙන දුන් දෑත් සහිත කාරුණික තැනැත්තියකි. මෙම අබිරහස් මරණයට සෘජුවම වගකිව යුතු බවට පොලීසිය දැඩි ලෙස සැක කරන්නේ ඇගේ පෙම්වතා වන ගන්නොරුව ප්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි ටී.එම්.එස්. දිනෙත් දිසානායක නමැති මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. ඔහු විසින් පසුගිය දාහත්වැනිදා සවස තෙල්දෙණිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දෙමින් රථ ගාලේ ඇති මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බව දන්වා තිබීම සිද්ධියේ ඇති අබිරහස් ස්වභාවය තවදුරටත් තීව්‍ර කර තිබේ.

    මියගිය දර්ශනී සිය පෙම්වතාගේ වංචනික වදන් හමුවේ තම මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කර තිබුණේ කිසිදු සැකයකින් තොරවය. කැනඩාවේ ස්ථිර පදිංචියට ගොස් ඔහු සමඟ විවාහ වී නව ජීවිතයක් ආරම්භ කිරීමේ එකම අරමුණින් ඇය පසුගිය තුන්වැනිදා තම ආදරණීය රැකියාවෙන්ද සදහටම සමුගත්තාය. ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිය අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිස්සංක විජේරත්න මහතා වෙත භාර දෙන විටත්, තම අනාගතය පිළිබඳව ඇය තුළ පැවතියේ අපමණ බලාපොරොත්තුවකි. ඇය ඒ වෙනුවෙන් ඥාතීන්ගෙන්, මිතුරන්ගෙන් මෙන්ම බැංකු හා පොලියට මුදල් ලබා දෙන පුද්ගලයන්ගෙන්ද රුපියල් කෝටි එකහමාරකට අධික අතිවිශාල මුදලක් විටින් විට ණයට ගෙන සිය පෙම්වතාට ලබා දී තිබුණි. එහෙත්, අවසානයේදී ඇයට හිමි වූයේ සුන්දර කැනඩා ගමනක් නොව, කිසිවෙකුත් නොමැති පාළු රථ ගාලක කෲර මරණයකි.

    මෙම ඛේදවාචකයේ පසුබිම ඉතා සූක්ෂම ලෙස සැකසුණු වංචාවක ප්‍රතිඵලයකි. මීට මාස කිහිපයකට පෙර ඇරඹි මෙම ප්‍රේම සම්බන්ධතාවයේදී සැකකාර ඉංජිනේරුවරයා ඇයව සම්පූර්ණයෙන්ම රවටා ඇත්තේ මුදල් කොල්ලකෑමේ පැහැදිලි චේතනාවෙනි. කැනඩා ගමන සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව පවසමින් ඔහු දර්ශනීව නුවරඑළියේ පිහිටි සුපිරි හෝටල් කාමරයකට කැඳවාගෙන විත් තිබුණේ එහි මසක පමණ කාලයක් නවාතැන් ගැනීමේ සැලසුමක්ද සහිතවය. අඹුසැමියන් ලෙස පෙනී සිටිමින් ඔවුන් එහි ගත කළද, කැනඩා ගමන දිනෙන් දින ප්‍රමාද වීම හේතුවෙන් දර්ශනී දැඩි මානසික පීඩනයකට ලක්ව සිටියාය. ඒ පිළිබඳව ඇය නිතර නිතර ප්‍රශ්න කිරීම හේතුවෙන් දෙදෙනා අතර නිරන්තර ආරවුල් හටගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත. කැනඩාවට රැගෙන යාමේ කිසිදු සැබෑ අරමුණක් ඔහුට නොතිබූ බව දැන් පැහැදිලි වී තිබේ.

    මානසික හා ශාරීරික ලෙස දැඩි පීඩනයකට පත්ව සිටි දර්ශනී, පසුගිය දහතුන් වැනිදා සිය වැඩිමල් සහෝදරයා වන ආර්.පී.එස්. සමන්ත කුමාර මහතාට දුරකතනයෙන් කතා කරමින් තමන් දැඩි ලෙස අසනීපයෙන් පසුවන බවත්, පැමිණ තමන්ව බලන ලෙසත් බැගෑපත්ව ඉල්ලා සිටියාය. එම ඇමතුමෙන් පසු ඇගේ දුරකතනය ක්‍රියා විරහිත විය. කලබලයට පත් වූ සහෝදරයා වහාම නුවරඑළියට ගොස් ඇය නැවතී සිටි බව කියන හෝටලය සොයා ගියද, ඒ වන විටත් ඇය එහි නොසිටියාය. කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි වූ තැන ඔහු නුවරඑළිය මූලස්ථාන පොලීසියට සිය නැඟණිය අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. සහෝදරයා ඇය සොයා එන විටත් ප්‍රමාද වැඩි වූ අතර, ඇගේ ඛේදනීය ඉරණම ඒ වන විටත් ලියැවී අවසන්ය.

    පොලිස් විමර්ශන සහ සීසීටීවී දර්ශන ඔස්සේ අනාවරණය වන තොරතුරු සිතට ගෙන එන්නේ මහත් ත්‍රාසයකි. අතුරුදන්වීම පිළිබඳව පොලීසිය කළ සොයාබැලීමේදී හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කෙරිණි. එහිදී, පසුගිය දහසය වැනිදා රාත්‍රී නවයයි හතළිස් පහත්, දහයයි හතළිස් පහත් අතර කාලය තුළ, සැකකරු විසින් දර්ශනීව ඉතා අපහසුවෙන් වත්තම් කරගෙන හෝටලයෙන් පිටතට රැගෙන විත් මෝටර් රථයට නංවාගන්නා අයුරු කැමරා කාචවල සටහන්ව තිබී ඇත. ඒ වන විටත් ඇය ඝාතනය කර හෝ දැඩි ලෙස සිහිසුන් කර සිටින්නට ඇති බවට නිලධාරීහු සැක කරති. තම බිරිඳට හදිසි අසනීප තත්ත්වයක් ඇති වූ බව හෝටල් සේවකයන්ට පවසමින් ඔහු එතැනින් පිටව ගොස් ඇත්තේ හෝටලයේ සියලු බිල්පත්ද කලින්ම ගෙවා දැමීමෙන් අනතුරුවය.

    අදාළ තොරතුර මත ක්‍රියාත්මක වූ තෙල්දෙණිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්. චන්ද්‍රපාල මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක් රෝහල් රථ ගාලට ගොස් සැකකටයුතු මෝටර් රථය පරීක්ෂා කළහ. එහි දොරවල් සියල්ලම අගුළු දමා තිබූ බැවින්, නිලධාරීන්ට රථයේ ඉදිරිපස දොරක් කඩා ඇතුළු වීමට සිදුවිය. එහිදී ඉදිරිපස අසුන මඳක් පහත් කර, ආරක්ෂිත පටියද පැලඳ සිටි දර්ශනීගේ නිසල සිරුර ඔවුන්ට දැකගැනීමට හැකි විය. මූලික පරීක්ෂණයේදී ඇගේ ගෙල සිර කර ඇති බවට සලකුණු පෙනෙන්නට තිබීමෙන්, මෙය අතිශය සැලසුම් සහගත ඝාතනයක් බවට පොලීසියේ සැකය තවදුරටත් තහවුරු විණි. සැකකරු නුවරඑළියේ සිට මහ රෑ මෙම මළ සිරුරද රැගෙන තෙල්දෙණිය දක්වා පැමිණ ඇති බව දැන් තහවුරු වී තිබේ.

    මීටත් වඩා පුදුම සහගත කරුණ වන්නේ දර්ශනීගේ සිරුර ප්‍රවාහනය කිරීමට සැකකරු යොදාගෙන තිබූ අංක තහඩු සහිත මෝටර් රථයේ සැබෑ අයිතියයි. රථයේ හිමිකාරිත්වය පිළිබඳව සිදුකළ විමර්ශනයේදී එය අම්පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් එකක් බව හෙළි විය. ඇය වෙන කිසිවෙකුත් නොව, මෙම සැකකාර ඉංජිනේරුවරයාගේ හිටපු පෙම්වතියකි. ඔහු එම පෙම්වතියද සම්පූර්ණයෙන්ම රවටා, මුදල් මෙන්ම මෙම මෝටර් රථයද වංචනික ලෙස ලබාගෙන ඇති බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඇය විසින්ම අනාවරණය කර ඇත. එකම සැලසුමකින් තරුණියන් කිහිප දෙනෙකුම ඔහුගේ මායම් දැලේ පැටලී ඇති බවත්, මියගිය දර්ශනීගේ වැලිගම පිහිටි මහගෙදරට පවා මොහු වරින් වර පැමිණ පවුලේ අයගේද දැඩි විශ්වාසයක් දිනාගෙන සිටි අයෙකු බවත් මින් මනාව ගම්‍ය වේ.

    අපරාධය සිදු වූ බවට සැක කෙරෙන නුවරඑළියේ හෝටල් කාමරය දැඩි පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබූ තට්ටු ඇඳක් මත රුධිරය තැවරුණු ඇඳ ඇතිරිල්ලක් හමුවීමෙන් ඝාතනයේ ස්වභාවය පිළිබඳව බරපතළ ඉඟි සපයයි. මෙම මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය තෙල්දෙණිය දිසා රෝහලේ දිස්ත්‍රික් අධිකරණ විශේෂඥ වෛද්‍ය කේ.බී.යූ.කේ. බණ්ඩාර මහත්මිය විසින් පවත්වනු ලැබූ අතර, එහිදී විවෘත තීන්දුවක් ලබා දී ඇත. බොහෝ දුරට මෙම මරණය සියදිවි හානි කරගැනීමක් සේ ඇඟවීමට සැකකරු උත්සාහ කර ඇති බවක් පෙනෙන්නට තිබුණද, සැබෑ හේතුව විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ. ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා විසින් සිදුකරන ලදී.

    මෙම කුරිරු අපරාධය සිදුකළ බවට සැකකෙරෙන දිනෙත් දිසානායක නමැත්තා මේ වන විටත් නීතියේ රැහැනින් මිදී පලාගොස් සිටියි. ඔහුගේ ජංගම දුරකතනය අවසන් වරට ක්‍රියාත්මක වී ඇත්තේ මාතලේ ප්‍රදේශයේදී බවට සංඥා කුලුනු ඔස්සේ තහවුරු වී ඇති නමුත්, මේ වන විට ඔහු අතුරුදන්ව සිටින්නේ කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකරමිනි. ඔහු විදෙස්ගත වීමට ඉඩ ඇති බැවින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙතද ඒ පිළිබඳව විශේෂ දැනුම් දීමක් කර තිබේ. මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර - මාතලේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත, තෙල්දෙණිය සහ නුවරඑළිය පොලීසි ඒකාබද්ධව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත. සැකකරුගේ ඡායාරූපද මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර, ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් නුවරඑළිය සහකාර පොලිස් අධිකාරීවරයාගේ 071-8591096 හෝ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ 071-8591097 යන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. දර්ශනීගේ ජීවිතයේ අවසන් හෝරාවන් කිහිපය තුළ හෝටල් කාමරයේ සිදුවූයේ කුමක්ද යන්න තවමත් සමාජය හමුවේ ඇත්තේ නොවිසඳුණු අබිරහසක් ලෙසිනි.

    අසීමිත ආදරය සහ විශ්වාසය යනු ජීවිතයක සුන්දරම හැඟීම් වුවද, එම විශ්වාසයම අවසානයේ තමන්ගේම ගෙල සිරකරන මරණයේ කුරිරු තොණ්ඩුව බවට පත්වීම සමාජයටම ඉතිරි කරන්නේ කඳුළක් පමණක් නොව, කවදාවත් නොමැකෙන බිහිසුණු අනතුරු ඇඟවීමකි.

    https://www.gossiplankanews.com/202...robbed-the-ex-girlfriends-money-and-cars.html
     
    අප්පට සිරි. දැන් තමයි සීන් එක මිටර් උනේ. පට්ට පව් කෙල්ල. සොඩ්ට්වෙයාර් කිව්ව ගමන් කෙල්ලෝ රැවටෙන සීන් එක මූ දැනගෙන තියෙනවා. මූ කැරියා බලපන් පනපිටින් නම් අල්ලගන්න බැරිවෙයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,418
    6,263
    113
    Galaha
    ආරන්චියක් තියෙයි මූ විග් එකක් දාල ඉන්න තට්ටයෙක් කියල ඇත්තද? බැඳපු එකෙක් කියලත් කියනවා. :unsure:
     
    • Like
    Reactions: Inigo Montoya