NSBM Green University මොනවද බන් උගන්වන්නේ. අයියෝ .මේකේ ඉන්න කෙල්ලෝ නම් හෝ කොල්ලෝ නම්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,432
    10,107
    113
    44
    Living in an Atom

    IT උපාධිය සහ රැකියා වෙළඳපොලේ යථාර්ථය: රැල්ලට යන සිසුන්ට සහ දෙමව්පියන්ට විවෘත සටහනක්


    Untitled.jpg


    අද අපේ ලංකාවේ කාර්යාලයට අලුතින් Interns ලා බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ (Interviews) කිහිපයක් පැවැත්වුවා. මේ අත්දැකීමෙන් පසුව අද අපේ රටේ IT ක්ෂේත්‍රය සහ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව පවතින සැබෑ තත්ත්වය ගැන සටහනක් තබන්නට මට සිතුණා.

    සහතික තිබුණට ප්‍රායෝගික දැනුම කෝ?

    සම්මුඛ පරීක්ෂණයට පැමිණි බොහෝ දෙනෙක් NSBM Green University වැනි අධ්‍යාපන ආයතනවල වල දෙවන වසරේ දෙවන අර්ධයේ (Second year, second semester) ඉගෙනුම ලබන සිසුන්. නමුත් කනගාටුවට කරුණ නම්, ඉන් බහුතරයකට අවම තරමේ මූලික HTML ගැනවත් ප්‍රායෝගික දැනුමක් නොමැති වීමයි. පොඩි HTML code එකක්වත් දන්නේ නැහැ. අනේ මන්ද මේ අධ්‍යාපන ආයතනවලින් ළමයින්ට උගන්වන්නේ මොනවද කියලා. එක්කෙනෙක් කියනවා මම HTML දන්නේ නැතිලු එයා ඉගන ගත්තේ Java සහ Python ලු. නමුත්, ඒ Java සහ Python ඉතා සරල ප්‍රායෝගික ප්‍රශ්නයක් ඇසූ විට එයට පිළිතුරු දීමට ඔවුන් අපොහොසත්.

    රැල්ලට IT කිරීම සහ දෙමව්පියන්ගේ මුදල්

    බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ IT (Information Technology) කියන්නේ ලේසියෙන් සල්ලි මවන්න පුළුවන් මැජික් එකක් කියලා. මේ නිසාම තමන්ට ඇත්තටම හැකියාවක්, ආශාවක් හෝ උනන්දුවක් නැති වුණත් හුදෙක් රැල්ලට IT උපාධි කරන්න සිසුන් පෙළඹිලා තියෙනවා. දෙමව්පියනුත් තමන්ගේ දහඩිය මහන්සියෙන් හම්බකරන විශාල මුදලක් වියදම් කරලා දරුවන්ව මේ පාඨමාලා වලට යොමු කරනවා. කොහොමහරි කටපාඩම් කරලා විභාග පාස් කරගෙන උපාධිය ගත්තත්, ප්‍රායෝගික දැනුමක් නැති නිසා කර්මාන්තය තුළ ඔවුන්ට රැකියාවක් සොයාගැනීම ඉතා අසීරුයි. තමන්ට ඇත්තටම හැකියාවක් ඇති, තමන් ආශා කරන වෙනත් විෂයපථයකින් ඉදිරියට ගියා නම් මීට වඩා සාර්ථක වෙන්න ඔවුන්ට අවස්ථාව තිබුණා.

    අධ්‍යාපන ආයතන වල වගකීම

    මේ තත්ත්වයට අපේ රටේ බොහෝ උසස් අධ්‍යාපන ආයතනත් වගකිව යුතුයි. අද වන විට ඇතැම් ජනප්‍රිය පෞද්ගලික විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන (NSBM, SLIIT වැනි) මුදල් පසුපස හඹා යන ව්‍යාපාර බවට පත්වෙලා දෝ කියා සැකයක් මතු වෙනවා. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ තොග වශයෙන් සිසුන් බඳවාගෙන මුදල් ඉපයීම මිසක්, කර්මාන්තයට ගැළපෙන (Industry-ready) ගුණාත්මක වෘත්තිකයන් බිහිකිරීම නොවෙයි. මේ නිසා සෑම වසරකම විශාල සිසුන් ප්‍රමාණයක් එලියට ආවත්, සැබෑ නිපුණතාවයක් ඇති ගුණාත්මක සිසුන් ඉන්නේ ඉතාමත් අල්ප ප්‍රමාණයක්.

    ක්ෂේත්‍රයට එන්න ඉන්න අයට පණිවිඩයක්

    IT ක්ෂේත්‍රය කියන්නේ නිරන්තරයෙන් අලුත් වන, මහන්සි වී වැඩ කළ යුතු තැනක්. විශේෂයෙන්ම වෘත්තීය ජීවිතයේ මුල් අවදියේදී දිව රෑ නොබලා, ඉමහත් කැපවීමෙන් වැඩ කරන්නට ශක්තියක් සහ මානසිකත්වයක් තිබිය යුතුමයි. ඒ සඳහා ඔබ කරන දේ ගැන සැබෑ ආශාවක් (Passion) සහ උනන්දුවක් තිබීම අත්‍යවශ්‍යයි. ඔබත් IT ක්ෂේත්‍රයට පිවිසෙන්නට බලාපොරොත්තු වන කෙනෙක් නම්, හුදෙක් රැල්ලට හෝ මුදල් පරමාර්ථයෙන් පමණක් මේ තීරණය ගන්න එපා. උපාධි සහතිකයට වඩා, ඔබේ ප්‍රායෝගික හැකියාව (Practical Skills) සහ තාක්ෂණය සමඟ යාවත්කාලීන වීමේ හැකියාව අද රැකියා වෙළඳපොලේ වටිනාම සාධකය බව සිහි තබා ගන්න.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,875
    13,563
    113
    Issara nam wena deyak karaganna bari wunama acting or beauty field ekata giya.
    Dan un yanne IT.
    Habai IT wala demand eka adu wenne naha. Hoda brains koheth demand.

    What is a hoda brain ? A brain that can think innovatively. Not a routine check girawa type brain.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,447
    8,418
    113
    kandy
    ඔයා දැන් කියන්නේ ප්‍රයිවට් uni වල විතරයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ කියලද ?
    දැන් එන හැම එකාම ඔහොම තමයි . state වල උන් ඔයිට හපන් .
    ඔක්කොම උන් AI coders ලා .

    python script එකක් හරියට ලියන්න එකෙක් දන්නේ නෑ
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    661
    813
    93
    University ඉස්කෝලෙ වගේ බලෙන් වාඩි කරවලා උගනන්න ඕනා තැනක් නෙමෙයි නේ.
    දක්ෂය self learn කරලා extra knowledge ගන්නවා. Normal එකා subject යන්ත්නම් ගොඩ දානවා.
    දුර්වලයා drop out වෙනවා.
    ඒව ඉතින් exam වලින් filter out වෙන්න ඕන.
    Drop out කරන්න ඕනා මීහරකට merit දෙනවා නම් එක නම් uni එකේ වැරැද්ද.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,432
    10,107
    113
    44
    Living in an Atom
    University ඉස්කෝලෙ වගේ බලෙන් වාඩි කරවලා උගනන්න ඕනා තැනක් නෙමෙයි නේ.
    දක්ෂය self learn කරලා extra knowledge ගන්නවා. Normal එකා subject යන්ත්නම් ගොඩ දානවා.
    දුර්වලයා drop out වෙනවා.
    ඒව ඉතින් exam වලින් filter out වෙන්න ඕන.
    Drop out කරන්න ඕනා මීහරකට merit දෙනවා නම් එක නම් uni එකේ වැරැද්ද.
    ඔව් එකත් ඇත්ත. ඒත් පහසුවෙන් පාස් කරනවා. ගොඩක් තදට assignment බලල අසමත් කරනකොට අලුත් ළමයි එන්නේ නැහැ.
     
    • Like
    Reactions: SK29

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    ඔයා දැන් කියන්නේ ප්‍රයිවට් uni වල විතරයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ කියලද ?
    දැන් එන හැම එකාම ඔහොම තමයි . state වල උන් ඔයිට හපන් .
    ඔක්කොම උන් AI coders ලා .

    python script එකක් හරියට ලියන්න එකෙක් දන්නේ නෑ
    උන්ට ලොකු වැරද්දක් කියන්නත් බෑ.
    දැන් අපේ company එකේ promote කරන්නේ full development flow එක Ai use කරන්න. Boilerplate code, ටිකක් අමාරු logics, documention වගේ දේවල් හැර full flow එකම Ai දුන්නම වැඩ කරන්න පට්ට කම්මැලි.

    අරූ code එක generate කරන කම් ඔහේ බලන් ඉන්නවා. ඊට පස්සේ review කරනවා.

    ඉස්සර logic එකක් ගොඩ දාල feature එකක් හැදුවා ම පට්ට සැටිස් එක්ක තියෙන්නේ. දැන් නිකන් මොක්ක්ද වගේ.
     

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    448
    289
    63
    ඇත්තටම ඕව මතක තියන් වැඩක් නෑ තමයි AI තියෙද්දි..කැම්පස් ලමයින්ගෙ නෙවෙයි අවුල උන් මොකටද හැම එකම කලින් වගේ මතක තියන් තොපි නාකි වගේ දුක් විදින්නෙ දැන් ai තියෙද්දි
     
    • Haha
    • Like
    Reactions: clumsyhulk and SK29

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,036
    15,418
    113
    ජනගහනය වැඩියි

    සේරම Automate වෙද්දී ජනගහනය අඩු කරන්න වෙනවා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,875
    13,563
    113
    interview ekakta giyath bn gobba prashna ne ahanne.research karla solution ekak denna chance ekak na ne.
    It just means that the interviewers haven't been trained properly. Which is a separate topic to discuss. Just because you are a subject matter expert, it does not mean that you can evaluate a person's capacity within a short period of time.
    Ekane dan interview rounds 3+ wage thiyenne.

    ඇත්තටම ඕව මතක තියන් වැඩක් නෑ තමයි AI තියෙද්දි..කැම්පස් ලමයින්ගෙ නෙවෙයි අවුල උන් මොකටද හැම එකම කලින් වගේ මතක තියන් තොපි නාකි වගේ දුක් විදින්නෙ දැන් ai තියෙද්දි
    Meteryak and motarayak athara wenasa notherena mahaththayek obathuma.
    ------ Post added on Jun 20, 2026 at 7:19 AM
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,460
    7,918
    113
    ඇත්තටම ඕව මතක තියන් වැඩක් නෑ තමයි AI තියෙද්දි..කැම්පස් ලමයින්ගෙ නෙවෙයි අවුල උන් මොකටද හැම එකම කලින් වගේ මතක තියන් තොපි නාකි වගේ දුක් විදින්නෙ දැන් ai තියෙද්දි
    me nam definitely IT industry eke inna ekek nemei

    කෝස් එකේ සිලබස් එකේ නැති දේවල් ඉන්ටවිව් එකේදී අහන්න එපා

    Shocked Come On GIF by The Democrats
    HTML?
    Obama Reaction GIF

    ------ Post added on Jun 20, 2026 at 8:45 AM
     
    • Haha
    Reactions: topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,679
    48,959
    113
    සේදවත්ත
    ඉස්සරහට උන්‍ටවීව් කරන අය සහ කැන්ඩිඩේට්ලගේ පට්ට නොලේජ් ගැප් එකක් එනවා සහ හිතන විදියේ . එකේ කස කරයෝ තමා ඔය. ඉන්ඩස්ට්‍රි එකේ ඉනේ පරණ බටන් එකේ ඉදන් කෝඩ් කරපු උත්තමයෝ උන්ට මේ අලුත් html දන් නැති උන් දිරවන් නෑ.
     
    • Like
    Reactions: nihada minisek