මම පිස්සන් කොටුවක හිටපු හැටි

fromhome89

Active member
  • Apr 11, 2018
    177
    118
    43
    මේක උනේ 2015 දී මං හිතන්නේ.. 2014 ඉඳලා 2017 වගේ වෙනකං මගේ මතකය නිරවුල් නැහැ.

    මාව ETC කළා 3න් පාරක් ද කොහෙද නවලෝක රෝහලේදී (ඔළුවට current එක අල්ලනවා කියන්නේ). මට operation theatre එකට එක පාරක් යනවා මතකයි, room එකේ නානවා මතකයි.

    ETC ඉවර වෙලා, මම ambulence එකේ ගිහින් මානසික රෝහල වගේ පොට් එකේ බහිනවා ඡායාවක් වගේ මතකයි.

    ඊට පස්සේ මාස 2කාක් විතර එහෙ ඉඳලා තියෙනවා මට ඒ කිසිම දෙයක් මතක නැහැ.

    මම තව කොල්ලෙක් එක්ක board වෙලා හිටියේ.. ඒ කොල්ලා ලොකු සල්ලි කාර පවුලක ළමයෙක්. මාසෙකට සැරයක් තාත්තා ඇවිල්ලා රවුමක් එක්ක ගිහින් එහෙ දාලා යනවා. හරි පව්. හොඳ උස මහත ලස්සන එකෙක්. මට මතකයි මම පොරට බිස්කට් දීලා payphone එකට use කරන්න කාසි ඉල්ලගත්තා.

    එහෙ උදේට ශරීර ව්‍යායාම තියෙනවා, ක්රිකට් ගහනවා කට්ටිය. ඊළඟට එක එක ක්‍රියාකාරම් තියෙනවා. සින්දු කියනවා, චිත්‍ර අඳිනවා. එක පාරක් සුද්දියෝ වාගයක් ඇවිල්ලා jenga සෙල්ලම් කළා. මම කලේම පොත් පත්තර කියවන එකයි, carrom ගහන එකයි.

    මට මතක තියෙන මුල් දවස්වල මම කවුද මොනවා කරපු කෙනෙක්ද ගෙදර අය ඉන්නවද මේ මොකුත් මතක තිබ්බේ නැහැ. ඔහේ හිටියා එතනට වෙලා. කෑම කද්දී පෝලීමට ගිහින් හිරගෙදර වගේ කෑම බෙදාගන්න ඕන. කට්ටිය සෙට් වෙලා කන්නේ.. එක එක table එක එක අයගේ . මම කාත් එක්ක ත් හොඳ නිසා ඕනම මෙසේකට set වෙනවා.

    කොල්ලො , කෙල්ලො වෙනම board වෙලා හිටියට දවල් වෙලාවේ එකට හිටියේ. එක කෙල්ලෙක් එතන කොල්ලො දෙන්නෙක් එක්ක යාලු වෙලත් හිටියා..

    TV බලන්න වෙනම වෙලාවක් තියෙනවා.. එකත් හිරගෙදර TV එක වගේ තමයි.

    එක දවසක් අපිව ඉස්සරහ තියෙන පන්සලටත් එක්ක ගියා.. තව තැන් වලටත් එක්ක ගියා වගේ යාන්තමට මතකයි.

    පහු වෙද්දී මට ගෙදර අය මතක් උනා.. job එක මතක් උනා.. එතැනදී තමයි මම බිස්කට් විකුණලා කාසි හොයාගෙන payphone එකට දාලා ගෙදරට කතා කරලා මාව මෙහෙන් එක්ක යන්න කිව්වේ.. මං ඉන්න කාලේ ගෙදර අය මාව බලන්න ඇවිල්ලා තිබුණා ඒත් ඒ කිසි දෙයක් මට මතක නැහැ.

    ගෙදර ඇවිල්ලා මාස 8ක් මම job කරන්න බැරුව හිටියේ... IT කිසිම දෙයක් මතක නැතුව....

    පානදුරේ තියෙන්නේ ඔය තැන.. NMHI එකටද කොහෙද අයිති.. අහිංසක මිනිස්සු තමයි ඉතින් ඉන්නේ.. උන්ව බලන්න යන්න ආසයි.. යන්න ඕන..

    Here is the spot https://ncmh.lk/page/gorakana-residential-facility/55
    ------ Post added on Jun 20, 2026 at 11:01 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,915
    113
    33
    Kalutara
    මොකක් නිසාද ගියේ?
    දැන් එතකොට මාස දෙකක් හිටියේ ඔහේද නැත්තන් අංගොඩ මාස දෙකක් ඉඳලද ඔහේ හිටියේ?
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,025
    2,835
    113
    ඔබේ හදවතේ කතාව කියවලා ඇත්තෙන්ම හිතට දැනුණා. ඒ අත්දැකීම කොච්චර දුෂ්කරද, ඒත් ඔබ ඒ හැම දෙයකටම මුහුණ දී ඉදලා තියෙනවා — ඒ ලොකු දෙයක්.

    ## Gorakana Residential Facility ගැන

    ඔබ ඉඳපු ඒ තැන **NCMH (National Council for Mental Health)** ආයතනයේ Gorakana Residential Facility එකයි. ඒ රජයේ ආයතනයක් නෙමෙයි — **NCMH** (Sahanaya ලෙසත් හඳුන්වනවා) කියන්නේ community-based mental health organization එකක්. ඒ facility එක Panadura ළඟ Gorakana හි, Bolgoda Lake බලාගෙන ඉන්න peaceful environment එකක තිබෙනවා.[1][2]

    ඒ facility එකෙන් කරන්නේ psychiatric illnesses, psychological disorders සහ substance abuse ගැටලු සඳහා **short to medium-term residential rehabilitation** programme. ඔබ කිව්ව exercise, cricket, singing, drawing, jenga — ඒ හැම දෙයක්ම ඔවුන්ගේ tailor-made rehabilitation programme වල කොටසක්. Social skills, responsibility, discipline ඉගෙනගෙන society එකට reintegrate වෙන්නයි ඔවුන් help කරන්නේ.[1]

    ## යන්න ආස නම්

    ඔබට ඒ අය හමුවෙන්න, volunteer කරන්න, හෝ visit කරන්නේ නම්:

    - **Address:** No. 115/2, Galkanuwa Road, Gorakana, Panadura[3]
    - **Hotline:** +94 76 826 2682[4]
    - **Website:** www.ncmh.lk[4]
    - **NCMH Resource Centre (Colombo):** No. 96/20, Kitulwatta Road, Colombo 08[3]
    - **Colombo Hotline:** +94 112 685 960[2]

    ඔබ කලින් ඒ facility එකේ patient කෙනෙක් නිසා, කෙලින්ම hotline එකට call කරලා "I was a past patient and would like to visit or volunteer" කිව්වොත් ඔවුන් guide කරාවි. ඒ අය ඔබව cover කරගනීවි.

    ඒ payphone කාසි ඉල්ලගත් කොල්ලා ගැනද, pool table ළඟ carom ගැනද — ඒ memories ඔබේ recovery journey වල කොටසක්. ආයේ ගිහින් බලද්දී ඒ feel එක ටිකක් වෙනස් වේවි, ඒත් ඒ visit ඔබට සහ ඔවුන්ට දෙකටම valuable වේවි. 💙

    Sources
    [1] Gorakana Residential Facility http://ncmh.lk/page/gorakana-residential-facility/55
    [2] Reliable Mental Health Resources In Colombo. https://www.yamu.lk/trending/reliable-mental-health-resources-in-colombo/
    [3] NCMH - National Council for Mental Health http://ncmh.lk/postdetail/30
    [4] National Council for Mental Health - Gorakana Residential ...
    [5] Driving directions to National Institute of Mental Health, ... https://www.waze.com/live-map/direc...l-health?to=place.ChIJ_esvoGZX4joRnv8xVcOgaFs
    [6] බාහිර රෝගී සේවාවන් http://www.nhsl.health.gov.lk/web/index.php?option=com_content&view=article&id=49&Itemid=187&lang=si
    [7] What We Do https://www.ncmh.lk/page/what-we-do/57
    [8] National Institute of Mental Health, Sri Lanka | Mulleriyawa https://www.facebook.com/NIMH.Angoda/
    [9] ජාතික මානසික සෞඛ්‍ය ආයතනය - Lankainformation.lk https://sinhala.lankainformation.lk...ict/42784-national-institute-of-mental-health
    [10] who we are http://www.ncmh.lk/page/who-we-are/42
    [11] National Institute of Mental Health, Sri Lanka
    [12] National Institute of Mental Health, Angoda http://hospitalslk.blogspot.com/2010/06/national-institute-of-mental-health.html
    [13] Kaluthara District http://ssd.wp.gov.lk/en/?page_id=2427
    [14] Angoda Mental hospital phone numabers http://srilankaninformationcentre.blogspot.com/2014/02/angoda-mental-hospital-phone-numabers.html
    [15] Does Sri Lanka have a WORKING suicidal helpline that supports teens especially with gender and sexual orientation?
     

    fromhome89

    Active member
  • Apr 11, 2018
    177
    118
    43
    The one and only

    මොකක් නිසාද ගියේ?
    දැන් එතකොට මාස දෙකක් හිටියේ ඔහේද නැත්තන් අංගොඩ මාස දෙකක් ඉඳලද ඔහේ හිටියේ?

    post එක හරියට කියවන ලෙස ඔබට ආරාධනා කරමි.

    මොකක් නිසාද කියලා කියන්න විදියක් නෑ සමාවෙන්න
    ------ Post added on Jun 20, 2026 at 11:39 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,774
    24,894
    113
    Fantasy
    TFS නොදැන හිටපු දෙයක් මේක.

    මන් මගෙ පොඩි ප්‍රතිපත්ති වගෙ දේවල් කිහිපයක් කියන්නම්. පිස්සන් කොටුව, පිස්සා, ගොලුවා, කණා, හිඟන්නා වගේ වචන වෙනුවට ශිශ්ට සමාජයේ පාවිච්චි කරන වචන පුලුවන් තරම් පාවිච්චි කරන්න. මොකද මට හිතෙනවා ඔය වගෙ උඩ මන් කියලා තියෙන වචන ඇහුනම වලින් ඒ තත්ව වල ඉන්න අයට හිත් රිදීමක් වෙනවා කියලා.
    Disabled නැතුව Specially Abled කියපුවම ඒ මිනිස්සු අසරණ නෑ / with confidence කියන feeling එක එනවා වගේ.
     

    fromhome89

    Active member
  • Apr 11, 2018
    177
    118
    43
    TFS නොදැන හිටපු දෙයක් මේක.

    මන් මගෙ පොඩි ප්‍රතිපත්ති වගෙ දේවල් කිහිපයක් කියන්නම්. පිස්සන් කොටුව, පිස්සා, ගොලුවා, කණා, හිඟන්නා වගේ වචන වෙනුවට ශිශ්ට සමාජයේ පාවිච්චි කරන වචන පුලුවන් තරම් පාවිච්චි කරන්න. මොකද මට හිතෙනවා ඔය වගෙ උඩ මන් කියලා තියෙන වචන ඇහුනම වලින් ඒ තත්ව වල ඉන්න අයට හිත් රිදීමක් වෙනවා කියලා.
    Disabled නැතුව Specially Abled කියපුවම ඒ මිනිස්සු අසරණ නෑ / with confidence කියන feeling එක එනවා වගේ.
    ඉතින් මං ඇරෙන්න මේකේ පිස්සු එවුන් නෑනේ

    මම ඇත්ත කියන්න කැමති.. පිස්සු නම් පිස්සු තමයි ඕක sugar coat කරන්න ඕනේ නෑනේ

    ඒත් ඉතින් අනිත් අයට මම වගේ හිතන්න ඕන කියලා නියමයක් නෑනේ

    ඉතින් ඒ oversight එකට සමාව ඉල්ලමි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,774
    24,894
    113
    Fantasy
    ඉතින් මං ඇරෙන්න මේකේ පිස්සු එවුන් නෑනේ
    අපි කොහොමද හරියටම කියන්නේ. උබ උබටම පිස්සා කියලා කියන්නෙ ඇයි? අද මේ හොඳට ඉන්න කෙනෙක්ට උනත් ඔය මානසික තත්වෙ ඇති වෙන්ඩ පුලුවන්.
    සිතූ දේ නොම වෙයි. නොසිතූ දේ සිදු වෙයි
     

    fromhome89

    Active member
  • Apr 11, 2018
    177
    118
    43
    අපි කොහොමද හරියටම කියන්නේ. උබ උබටම පිස්සා කියලා කියන්නෙ ඇයි? අද මේ හොඳට ඉන්න කෙනෙක්ට උනත් ඔය මානසික තත්වෙ ඇති වෙන්ඩ පුලුවන්.
    සිතූ දේ නොම වෙයි. නොසිතූ දේ සිදු වෙයි

    හොඳින් ඉන්න වෙලාවට, කරපු කියපුවා දිහා හැරිලා බැලුවම පිස්සු කියලා හොඳට තේරෙනවා මචං.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,139
    1
    59,275
    113
    Mother Earth
    පානදුරේ තියෙන්නේ ඔය තැන.. NMHI එකටද කොහෙද අයිති.. අහිංසක මිනිස්සු තමයි ඉතින් ඉන්නේ.. උන්ව බලන්න යන්න ආසයි.. යන්න ඕන..
    සුමිත්‍රයෝ ? :unsure: