මේක උනේ 2015 දී මං හිතන්නේ.. 2014 ඉඳලා 2017 වගේ වෙනකං මගේ මතකය නිරවුල් නැහැ.
මාව ETC කළා 3න් පාරක් ද කොහෙද නවලෝක රෝහලේදී (ඔළුවට current එක අල්ලනවා කියන්නේ). මට operation theatre එකට එක පාරක් යනවා මතකයි, room එකේ නානවා මතකයි.
ETC ඉවර වෙලා, මම ambulence එකේ ගිහින් මානසික රෝහල වගේ පොට් එකේ බහිනවා ඡායාවක් වගේ මතකයි.
ඊට පස්සේ මාස 2කාක් විතර එහෙ ඉඳලා තියෙනවා මට ඒ කිසිම දෙයක් මතක නැහැ.
මම තව කොල්ලෙක් එක්ක board වෙලා හිටියේ.. ඒ කොල්ලා ලොකු සල්ලි කාර පවුලක ළමයෙක්. මාසෙකට සැරයක් තාත්තා ඇවිල්ලා රවුමක් එක්ක ගිහින් එහෙ දාලා යනවා. හරි පව්. හොඳ උස මහත ලස්සන එකෙක්. මට මතකයි මම පොරට බිස්කට් දීලා payphone එකට use කරන්න කාසි ඉල්ලගත්තා.
එහෙ උදේට ශරීර ව්‍යායාම තියෙනවා, ක්රිකට් ගහනවා කට්ටිය. ඊළඟට එක එක ක්‍රියාකාරම් තියෙනවා. සින්දු කියනවා, චිත්‍ර අඳිනවා. එක පාරක් සුද්දියෝ වාගයක් ඇවිල්ලා jenga සෙල්ලම් කළා. මම කලේම පොත් පත්තර කියවන එකයි, carrom ගහන එකයි.
මට මතක තියෙන මුල් දවස්වල මම කවුද මොනවා කරපු කෙනෙක්ද ගෙදර අය ඉන්නවද මේ මොකුත් මතක තිබ්බේ නැහැ. ඔහේ හිටියා එතනට වෙලා. කෑම කද්දී පෝලීමට ගිහින් හිරගෙදර වගේ කෑම බෙදාගන්න ඕන. කට්ටිය සෙට් වෙලා කන්නේ.. එක එක table එක එක අයගේ . මම කාත් එක්ක ත් හොඳ නිසා ඕනම මෙසේකට set වෙනවා.
කොල්ලො , කෙල්ලො වෙනම board වෙලා හිටියට දවල් වෙලාවේ එකට හිටියේ. එක කෙල්ලෙක් එතන කොල්ලො දෙන්නෙක් එක්ක යාලු වෙලත් හිටියා..
TV බලන්න වෙනම වෙලාවක් තියෙනවා.. එකත් හිරගෙදර TV එක වගේ තමයි.
එක දවසක් අපිව ඉස්සරහ තියෙන පන්සලටත් එක්ක ගියා.. තව තැන් වලටත් එක්ක ගියා වගේ යාන්තමට මතකයි.
පහු වෙද්දී මට ගෙදර අය මතක් උනා.. job එක මතක් උනා.. එතැනදී තමයි මම බිස්කට් විකුණලා කාසි හොයාගෙන payphone එකට දාලා ගෙදරට කතා කරලා මාව මෙහෙන් එක්ක යන්න කිව්වේ.. මං ඉන්න කාලේ ගෙදර අය මාව බලන්න ඇවිල්ලා තිබුණා ඒත් ඒ කිසි දෙයක් මට මතක නැහැ.
ගෙදර ඇවිල්ලා මාස 8ක් මම job කරන්න බැරුව හිටියේ... IT කිසිම දෙයක් මතක නැතුව....
පානදුරේ තියෙන්නේ ඔය තැන.. NMHI එකටද කොහෙද අයිති.. අහිංසක මිනිස්සු තමයි ඉතින් ඉන්නේ.. උන්ව බලන්න යන්න ආසයි.. යන්න ඕන..
Here is the spot https://ncmh.lk/page/gorakana-residential-facility/55
------ Post added on Jun 20, 2026 at 11:01 PM