ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය | Economic History Museum of Sri Lanka

PASAN147

Well-known member
  • Oct 19, 2006
    782
    1,328
    93
    Heiyanthuduwa - Kelaniya
    ශ්‍රී ලංකාවේ කාසි සහ නෝට්ටු ඉතිහාසය ගැන දැනගන්න.. වෙලාවක කොළඹ කොටුවේ යන්න නියම තැනක් තියනවා. මම අද කොළඹ කොටුවේ ගිය වෙලාවේ මෙහෙටත් ගිහින් බැලුවා... ලංකාවේ සල්ලිවල ඉතිහාසය ගැන, අතීතයේ ඉඳන් අද වෙනකම් අපේ රටේ ආර්ථිකය ආපු ගමන ගැන දැනගන්න පුළුවන්, ගොඩක් අය දන්නෙ නැති තැනක් තමයි මේ... ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තමයි මේ කෞතුකාගාරය ආරම්භ කරලා තියෙන්නේ.
    පුරාණ කාසි සහ නෝට්ටු: ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට අනුරාධපුර, පොළොන්නරුව, කෝට්ටේ සහ මහනුවර රාජධානි යුගවල භාවිත කරපු දුර්ලභ කාසි වර්ග. යටත් විජිත සමයේ මුදල්: ලංකාව අධිරාජ්‍යවාදී පාලනයට නතු වෙලා තිබුණු කාලයේ (විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය පාලන සමයේ) භාවිත කරපු මුදල් වර්ග.
    මහ බැංකු ඉතිහාසය: ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට මේ දක්වා නිකුත් කළ සියලුම කාසි සහ නෝට්ටු එකතුවක්.
    නිෂ්පාදන ක්‍රියාවලිය: කාසි සකස් කරන්නේ සහ නෝට්ටු මුද්‍රණය කරන්නේ කොහොමද කියලා පෙන්වන විශේෂ ප්‍රදර්ශන භාණ්ඩ.
    නවීන තාක්ෂණය: මුදල් නෝට්ටුවල තියෙන "ආරක්ෂිත සලකුණු" තනිවම හඳුනාගන්න උදව් වෙන උපකරණ සහ ව්‍යවහාර මුදල් පිළිබඳ වීඩියෝ දර්ශන බලා ගන්න පුලුවන්.
    මේ කෞතුකාගාරය පිහිටලා තියෙන්නේ කොළඹ 01, චැතැම් වීදියේ (අංක 54) තියෙන ඓතිහාසික "සෙන්ට්‍රල් පොයින්ට්" (Central Point) ගොඩනැගිල්ලේ. 1914 දී මහජනයාට විවෘත වුණු මේ ගොඩනැගිල්ල, ඒ කාලයේ කොළඹ තිබුණු උසම ගොඩනැගිල්ලයි! මුල් කාලයේ මෙහි පවත්වාගෙන ගියේ "නැෂනල් මියුචුවල් ලයිෆ් ඇසෝසියේෂන් ඔෆ් ඔස්ට්‍රලේෂියා ලිමිටඩ්" කියන ගෝලීය රක්ෂණ සමාගමේ කාර්යාලයයි. ලංකාවේ මහාමාර්ග ජාලයේ කේන්ද්‍රස්ථානය හෙවත් "සෙන්ට්‍රල් පොයින්ට්" එක විදිහට සැලකෙන කොළඹ කොටුවේ ප්‍රසිද්ධ ඔරලෝසු කණුව අසලමයි මෙය පිහිටලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ල ඉස්සරහින් ගියාම ලන්ඩන් නුවර යනව වගේ දැනෙනෙනෙ. මේ වගේ ගොඩනැගිලි එංගලන්තයේ බහුලව තියෙන්නෙ. ගොඩනැගිල්ල ඇතුලෙත් වෙනස්ම ගෘහනිර්මානයක් තියෙන්නෙ. ලස්සනයි.
    නැරඹීමට හැකි වේලාවන් සහ විස්තර:
    * පාසල් ළමුන්ට මෙන්ම ඕනෑම අයෙකුට සම්පූර්ණයෙන්ම නොමිලේ නැරඹිය හැකියි.
    * සඳුදා සිට සිකුරාදා දක්වා (පෝය සහ බැංකු නිවාඩු දිනවල වසා ඇත).
    .
    කෞතුකාගාර සහ ව්‍යවහාර මුදල් කවුළුව (සමරු කාසි නිකුත් කරන ස්ථානය): ප.ව. 5.00 දක්වා විවෘතයි.
    මීට කලින් මේ ස්ථානය ගැන පෝස්ට් දාලා තියනවා මම දැකලා නෑ.. ඉතින් පහල තියන කෙටි වීඩියෝවත් බලන්න.
    ඉතින් ඊළඟ වතාවේ කොළඹ කොටුවේ යනවා නම්, මේ අපූරු තැනට ගිහින් බලන්න..
    .
    * විනාඩි 1 ක කෙටි වීඩියෝව බලන්න :


    .
    * මම තනියම ගිය Solo ට්‍රිප් 100 ගනනක් බලන්න...
    පසුගිය සියලුම සංචාරයන් Index >>>
    .

    * 2006 ඔක්තෝබර් ඉදලා මම එල්කිරියේ ඉන්නවා. ඉතින් මීට වසර කීපයකට කලින් (2007-2021), මගේ කුඩා මෘදුකාංග / ඇප්ස් එලකිරියේ ගොඩක් ජනප්‍රිය උනා. දැන් මගේ ට්‍රැවල් පෝස්ට් ශෙයා කරගෙන යනවා.. ස්තූතියි. :love:
    .
    (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,906
    4,105
    113
    උඹට කොපමණ මුදලක් මාසෙට යනවද මේ වගේ හැමදාම රෝන්දේ ගහන්න ?
     
    • Haha
    Reactions: PASAN147

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,957
    25,180
    113
    Fantasy
    ලංකාවට ආර්තිකයක් තිබ්බද කෞතුකාගාර වල තියලා පෙන්න්න්ඩ් තරම්
     
    • Haha
    Reactions: PASAN147

    SudaW

    Well-known member
  • May 1, 2025
    357
    263
    63
    මචං බස් එකෙ මහියංගනය පැත්තෙ එහෙම ගියාද? දවසින් බලල එන්න පුළුවන් ද එහෙ විශේෂ තැන්
     
    • Like
    Reactions: PASAN147

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    782
    1,328
    93
    Heiyanthuduwa - Kelaniya
    මචං බස් එකෙ මහියංගනය පැත්තෙ එහෙම ගියාද? දවසින් බලල එන්න පුළුවන් ද එහෙ විශේෂ තැන්
    ඔව් ගිහින් තියනවා. දවසින් ගිහින් ආවේ. මහියංගනය පන්සලයි, වැදි ගම්මානයය් බලන්න ගියා.
     
    • Like
    Reactions: SudaW and kinkon

    SudaW

    Well-known member
  • May 1, 2025
    357
    263
    63
    ඔව් ගිහින් තියනවා. දවසින් ගිහින් ආවේ. මහියංගනය පන්සලයි, වැදි ගම්මානයය් බලන්න ගියා.
    Thanks මචං
    අම්පාර බස් එකක නෙ යන්න ඕනි දඹානෙ බහින්න නම්
     
    • Like
    Reactions: PASAN147

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    782
    1,328
    93
    Heiyanthuduwa - Kelaniya
    Thanks මචං
    අම්පාර බස් එකක නෙ යන්න ඕනි දඹානෙ බහින්න නම්
    ඔව් අම්පාර බස් එකේ ගිහින්, දඹාන හංදියෙන් බැහැලා 3වීල් එකක යන්න වෙන්නෙ