යාලුවනේ බටර් කාලක් අරන් රෙඩි වෙන්න - අලුත් බදු incoming 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,582
    72,747
    113

    ජෙප්පො ගිය අවුරුද්දෙ බදු ආදායම් පෙන්න පෙන්න අතේ ගැහුවට ඒක ඇවිල්ලා සෝඩ බෝතලේ වගේ සීන් එකක් කියලා අපි කලින්ම කිව්වානෙ. දැන් ඉතින් කිව්වා වගේම මේ අවුරුද්දෙ ඒ බදු අඩු වෙලා හිඟයක් එන ගමන් තියෙන්නෙ. ඒ කියන්නෙ මුන්ට ආදායම වෙන හොයන්න විදියක් නැති නිසා තව මොකක්හරි බදු සීන් එකක් ගහයි හැමිනිලා යන්න. රෙඩි වෙලා හිටපල්ලා 🤭 🤭

    මේ වසරේ රාජ්‍ය ආදායම පහළ යනු ඇතැයි පුරෝකථනයක්​


    2025 වසරේ පැවති මට්ටමට සාපේක්ෂව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායම අඩු වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.


    2027 වසර සඳහා නිකුත් කළ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයට අනුව, ප්‍රදාන ඇතුළත් සමස්ත රාජ්‍ය ආදායම 2025දී දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 16.7ක් ලෙස පැවති අතර, එය 2026දී සියයට 15.8ක් දක්වා පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.


    මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ, 2025 වසරේදී වාහන ආනයනය නැවත ආරම්භ කිරීමත් සමඟ ලැබුණු එක්වරක් පමණක් ලැබෙන බදු ආදායම් ඉහළ යාමෙන් පසුව ආදායම් එකතු කිරීම සාමාන්‍ය තත්ත්වයට පත්වීම මෙම අඩුවීමට ප්‍රධාන හේතුවක් බවය.



    2022 ආර්ථික අර්බුද සමයේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 8.4ක් දක්වා පහළ ගොස් තිබූ අතර, එය ලෝකයේ පහළම මට්ටම් අතරට එක් වූ බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.


    පසුව ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්ති සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හේතුවෙන් බදු පදනම පුළුල් වී ඇති බවත්, බදු පැහැර හැරීම් සහ අහිමිවීම් අවම කිරීමට පියවර ගෙන ඇති බවත් එහි සඳහන් වේ.


    කෙසේ වෙතත්, මැදපෙරදිග භූ දේශපාලනික තත්ත්වයන්, ගෝලීය වෙළෙඳාම සහ බලශක්ති වෙළෙඳපොළේ ඇති විය හැකි බාධා හේතුවෙන් ඉදිරියේදී රාජ්‍ය ආදායම් ඉලක්ක පවත්වා ගැනීම අභියෝගයක් විය හැකි බවද මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,042
    13,901
    113
    High capacity bikes legalise karala monthly license renewal ekak damma loku gaanak ekka, hoda income ekak enawa.
    Legally register karaddith loku gaanak ganna ona. Monthly ekedith danena gaanak ganna ona.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,582
    72,747
    113
    High capacity bikes legalise karala monthly license renewal ekak damma loku gaanak ekka, hoda income ekak enawa.
    Legally register karaddith loku gaanak ganna ona. Monthly ekedith danena gaanak ganna ona.
    ඒකෙන් හම්බෙන බදු ටික බන් accident ward එක දුවස්සන්න වියදම් වෙයි ඕයි 🤭 🤭
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,815
    113
    ඒකෙන් හම්බෙන බදු ටික බන් accident ward එක දුවස්සන්න වියදම් වෙයි ඕයි 🤭 🤭
    අමුතු ගාණක් වියදම් වෙන්නෙ නැහැ
    කොහොමත් සෞඛ්‍යයට වැය කරන්නෙ එකම ගාණක් අවුරුද්දකට
     
    • Like
    Reactions: wpril5

    monson

    Well-known member
  • May 7, 2007
    25,131
    27,435
    113
    :lol:
    Gq5Et6Z.jpeg

    vYzawZP.jpeg
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,333
    2,144
    113
    High capacity bikes legalise karala monthly license renewal ekak damma loku gaanak ekka, hoda income ekak enawa.
    Legally register karaddith loku gaanak ganna ona. Monthly ekedith danena gaanak ganna ona.
    ලක්ෂ 50ක විතර bond එකක් තියන්න ඕනේ අනතුරු වෙනුවෙන්. රියදුරා හෝ පාරේ අයට. Accident උනොත් මේකෙන් පාවිච්චි කරනවා නැත්නම් බයික් එක විකුණනකොට රිටන් කරනවා.
     
    • Like
    Reactions: planner123

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    Dollar ටික ඔක්කොම hold කරල තියෙන්නෙ. ගෙන්වන්නේ නැති නිසා කොහොමත් කෙළ වෙනව
     
    • Wow
    Reactions: War Fighter