ඔබ වැඩිපුරම භාවිතා කරන්නේ බස්ද, දුම්රියද, නැත්නම් පෞද්ගලික වාහනයක්ද?

Pundit

Active member
  • Oct 18, 2022
    206
    191
    43
    ඔබ වැඩිපුරම භාවිතා කරන්නේ බස්ද, දුම්රියද, නැත්නම් පෞද්ගලික වාහනයක්ද ?

    ඔබ එය තෝරාගන්නේ වියදම අඩු නිසාද ? ඉක්මනට යන්න පුළුවන් නිසාද ?නැත්නම් වෙන හේතුවක් තියෙනවද ? මම නම් හිතන්නේ හැම ප්‍රවාහන ක්‍රමයකම වාසි සහ අවාසි තියෙනවා. මේ ගැන ඔබේ අදහස අප සමග බෙදාගන්න. බලමු වැඩිම කැමැත්ත තියෙන්නේ මොන ප්‍රවාහන ක්‍රමයටද කියලා!
     
    • Wow
    Reactions: Inigo Montoya

    lilman

    Well-known member
  • May 10, 2009
    40,781
    54,173
    113
    Colombo
    ඔබ වැඩිපුරම භාවිතා කරන්නේ බස්ද, දුම්රියද, නැත්නම් පෞද්ගලික වාහනයක්ද ?

    ඔබ එය තෝරාගන්නේ වියදම අඩු නිසාද ? ඉක්මනට යන්න පුළුවන් නිසාද ?නැත්නම් වෙන හේතුවක් තියෙනවද ? මම නම් හිතන්නේ හැම ප්‍රවාහන ක්‍රමයකම වාසි සහ අවාසි තියෙනවා. මේ ගැන ඔබේ අදහස අප සමග බෙදාගන්න. බලමු වැඩිම කැමැත්ත තියෙන්නේ මොන ප්‍රවාහන ක්‍රමයටද කියලා!

    අපි කැමති එකට උඹ සහන දෙනවද ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,382
    1
    32,061
    113
    - උඩරට -
    Warning Founding Father GIF
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,698
    1
    15,414
    113
    ඔබ වැඩිපුරම භාවිතා කරන්නේ බස්ද, දුම්රියද, නැත්නම් පෞද්ගලික වාහනයක්ද ?

    ඔබ එය තෝරාගන්නේ වියදම අඩු නිසාද ? ඉක්මනට යන්න පුළුවන් නිසාද ?නැත්නම් වෙන හේතුවක් තියෙනවද ? මම නම් හිතන්නේ හැම ප්‍රවාහන ක්‍රමයකම වාසි සහ අවාසි තියෙනවා. මේ ගැන ඔබේ අදහස අප සමග බෙදාගන්න. බලමු වැඩිම කැමැත්ත තියෙන්නේ මොන ප්‍රවාහන ක්‍රමයටද කියලා!

    කකුල් දෙක තමයි වැඩිපුරම. කිලෝමීටර් 5 කට වඩා දුර ගමනක් වුණොත් බස්. හැබැයි සාමාන්‍යයෙන් එහෙම ගමන් යෙදෙන්නෙ සතියකට සැරයක් දෙකක්නෙ.

    වියදමක් නෑ සහ ව්‍යායාමයක්, ඉර එළියෙන් විටමින් D වගේ දේවල් ලැබෙනවා. බෙහෙත් කොම්පැණියි, දොස්තරලයි පොහොසත් කරන්ඩ යන සල්ලිත් ඉතිරි වෙන නිසා අ‍ැත්තටම වියදමක් නෙවෙයි මට ගෙවනවා වගේ තමයි.

    මට නම් ඉක්මනට යන එකක් අදාළම නෑනෙ. වෙලාව ඕන තරම් තියෙනවා.

    හේතුවත් වැදගත්. හැබැයි ටිකක් දිගට විස්තරේ තියෙන නිසා කැමති අයට විතරක් අ‍ැරල බලන්න වහල දානවා.

    උඹල දන්නවද? මිනිසා විතරක් නෙවෙයි මේ ලෝකෙ හැම ක්ෂීරපායී සතෙක්ටම කකුල්වලින් ගමන් කිරීම හෙවත් සංචරණය කියන්නෙ අ‍ාහාර ජීර්ණයේම කොටසක්. කෑම හොයාගෙන කොහෙට හරි අ‍ැවිදගෙන ගිහින්, කෑම කාලා අ‍ාපහු අ‍ැවිදගෙන එනවා. අර කාපු කෑම හරියට දිරවලා එ‍් පෝෂණය අ‍ැඟට හරියට උරා ගන්න එ‍් අ‍ැවිදීම කියන දේ අත්‍යාවශ්‍යයි. මාත් ගොඩක් වෙලාවට කරන්නෙ උයනවා නම් කෑම කාලා අ‍ැවිදලා එන එක හරි, හිතාමතාම කිලෝ මීටර් කීපයක් අ‍ෑත තියෙන කෑම කඩේකට ගිහින් කාලා අ‍ැවිදගෙන එන එක හරි තමයි.

    2020 දි වගේ මේ ක්‍රමයට ඉන්න ගත්ත දවසෙ ඉඳල් මේ වෙනකල් මම පැනඩෝල් පෙත්තක් තරම් බීලත් නෑ, බොන්න කිසිම උවමනාවක් අ‍ැවිල්ලත් නෑ. අන්තිමට physician කෙනෙක් බලන්න ගියේ 2021 medical එකක් ගන්ඩ. එ‍්කත් ඉතින් ලෙඩකට නෙවෙයිනෙ.

    (P. S. අවුරුද්දකට විතර සැරයක් දත් නම් බලවගන්නවා. ඉතින් දොස්තර කියල කිව්වම Dentists ලා නම් බලල තියෙනවා. අ‍ා තව සල්ලි දීලා බඩු ගහපු කාලෙ නිතර STD test ත් කරා. දැන් නම් ඉතින් අවුරුදු 3 ක් විතරම talk කරල විතරයි නිසා ලොකු බයක් නෑ. මාස ගාණකට සැරයක් කෝකටත් කියල වගේ test කරනවා හැබැයි.

    ඔය වගේ දේවල් හැර මට තියෙන මොකක් හරි ලෙඩකට අමාරුවකට නම් මේ අවුරුදු ගාණටම කිසිම දොස්තර කෙනෙක් හම්බෙලාවත්, බෙහෙතක් ලියවගෙන/අරගෙන බීලාවත් නෑ)

    සාමාන්‍ය ජීවිතේදිත් එහෙමයි. ඔය හැම එකාටම ඉඳල හිටල තියෙන නහය බර වෙන එ‍්වා, සෙම හැදෙන එ‍්වා, ඔලුව කැක්කුම් එන එ‍්වා, බඩ පිපෙන, රිදෙන එ‍්වා, අරෙහෙ මෙහෙ කැක්කුම්, ඔය ප්‍රශ්න කිසිම දෙයක් මට නෑනෙ. සාමාන්‍ය විදිහට කාල බීලා ඉන්නවා, බෙහෙතක් කටේවත් තියන්න වෙලා නෑ.

    එහෙම නීරෝගීව, සෞඛ්‍ය සම්පන්නව ඉන්න පුළුවන් වෙලා තියෙන, මම දකින විදිහට උඹලට වඩා special හේතු ටික ඉතින් නිතරම අ‍ැවිදින එකයි (බලෙන් නෙවෙයි, සාමාන්‍ය එදිනෙදා ගමන් බිමන් ටික කකුල් දෙකෙන් යන එක), වියදම අඩු වුණාට පරිපූර්ණ පෝෂණයක් හම්බෙන කෑම හැමදාම කන එකයි, alcohol, nicotine, drugs මළ ජරාව කටේවත් නොතියන එකයි, දවසට පැය 7+ නිදාගෙන සතුටින්, stress නැතිව ජීවත් වෙන එකයි, sex life එකයි තමයි. අ‍ැවිදින එක ඔය හැම එකක්ම වඩාත් හොඳට කරන්න පුළුවන් වෙන්න පැහැදිලිවම අදාළයි.

    ඉතින් උඹලට එ‍් සේරම කරන්න බැරි වුණත් අඩුම ගාණෙ අ‍ැවිදින එක පොඩි ප්‍රමාණයකින් හරි වැඩි කරගන්න බලහන්. විශේෂයෙන්ම කෑවට පස්සෙ විනාඩි 20 ක්වත් වෙන මොකක්වත්ම බැරි නම්.
     
    Last edited:

    avishkaw

    Active member
  • Mar 9, 2016
    258
    208
    43
    ඔබ වැඩිපුරම භාවිතා කරන්නේ බස්ද, දුම්රියද, නැත්නම් පෞද්ගලික වාහනයක්ද ?

    ඔබ එය තෝරාගන්නේ වියදම අඩු නිසාද ? ඉක්මනට යන්න පුළුවන් නිසාද ?නැත්නම් වෙන හේතුවක් තියෙනවද ? මම නම් හිතන්නේ හැම ප්‍රවාහන ක්‍රමයකම වාසි සහ අවාසි තියෙනවා. මේ ගැන ඔබේ අදහස අප සමග බෙදාගන්න. බලමු වැඩිම කැමැත්ත තියෙන්නේ මොන ප්‍රවාහන ක්‍රමයටද කියලා!
    දුම්රිය saha පෞද්ගලික වාහනය