ඔක්කොම විකුණුවාම ගොඩද?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    3,878
    4,626
    113

    ඔක්කොම විකුණුවාම ගොඩද? විකුණන්න නුසුදුසුම අවස්ථා 5ක්!​





    ඉදිරියේදී එන්නේ දැවැන්ත විකිණීම් රැල්ලක ආරම්භය. පසුගිය සති කිහිපයේදී පෞද්ගලිකකරණයට අදාල ප්‍රවෘත්තිමය වාර්තා ගණනාවක් පළ වුණා.
    ඔබ දැනගන්නම ඕනෑ කාරණා කිහිපයක් සඳහන් කරන්නම්.
    රජයට ව්‍යාපාර කරන්න බැහැ කියමින්, ආණ්ඩුව මේ වෙද්දී ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් ගණනාවක් චීන රජයේ සමාගමක් ඇතුළු සමාගම් කිහිපයකට විකුණලා හමාරයි. මේ ආණ්ඩුව ෆේල් වනතුරුම දශක ගාණක් අඛණ්ඩව තෙල් සැපයූ සෙපෙට්කෝ, එකට තියෙන ආදායමත් එයින් අහිමි වෙනවා.
    ආණ්ඩුව පළමු වටයේ විකිණීම්වලින් ගන්න බලාපොරොත්තු වෙන ආදායම එක්ස්ප්‍රස් පර්ල් නඩුව හරියට කළා නම් ගන්න පුළුවන් වන්දියෙන් භාගයක්වත් නෑ.
    ඒ වගේම ණය වෙලා තියෙන ආයතන ආණ්ඩුව විකුණන්නේ, ඒ ණය ටික අලුතින් ගන්න කෙනාට පවරමින් නෙවෙයි. එහෙම කවුරුත් ආයතන මිලට ගන්නේ නෑ. ඒ වෙනුවට සියළු ණය රජය තමන්ගේ කර මත දරාගෙන, ඒ ඒ ආයතන ලාභ ලබන තැනට සියලු පසුබිම හදලා තමයි විකුණන්නේ. ඒ කියන්නේ පාඩු ලබන ආයතනම නෙවෙයි රජය වකුණන්නේ.

    ඉදිරි විකිණීම

    දැනට වාර්තා වී ඇති කාරණා කිහිපයක් තියෙනවා.
    01. සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස පිහිටවූ අරමුණු ඉටු නොවෙන නිසා පෞද්ගලිකකරණය කරන බව ජුලි 10 වැනිදා කැබිනට් මණ්ඩලයේදී තීන්දු කළා.

    02. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් සමාගම, හොටෙල් ඩිවලොපර්ස් ලංකා සමාගම සහ කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා උපදේශකයන් තෝරගන්න යෝජනා සහ ඉල්ලීම් කැඳවන බවත් ජුලි 10 වැනිදා කැබිනට් මන්ඩලය තීන්දු කළා. ඊට කලින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලිකකරණයට එරෙහිව ක්‍රියාත්මක වූ අංක එකේ වෘත්තිය සමිති නායකයා වන දිවාකර ඇතුගලට කොළඹ කාර්යාලයේ ඉඳන් රක්ෂණය විකිණීමට එරෙහි වෙන්න නොදී දේශපාලන පළිගැනීමක් විදියට දඬුවම් මාරුවක් දෙන්නටත් ආණ්ඩුව කටයුතු කරලා තිබුණා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකිණීම ගැන Alvarez and Marsal උපදෙස් ලබා දීමට නියමිත බවත්, Deloitte India කැන්විල් හෝල්ඩින්ස් සහ ලිට්රෝ ගෑස් ලංකා සමාගම විකිණීම ගැන උපදෙස් ලබා දෙන බවත්, Colliers Singapore සමාගම හොටෙල් ඩිවලොප්මන්ට් ලංකා (හිල්ටන්) විකිණීම ගැන උපදෙස් ලබා දෙන බවත් මේ වෙද්දී වාර්තා වෙලා තියෙනවා.

    03. මේ වෙද්දී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ටික කොටස් වෙළඳපොළට දාන බව නිල වශයෙන් කියා හමාරයි. හැබැයි, කොටස් වෙළඳපොළේදී මේක හැමෝටම විවෘත වෙන්නේ නෑ, ඒ කොටස් ටික බ්‍රෝකර් ක්‍රමවේදයකින් තිරය පසුපස මිලදී ගැනිමකට තමයි යන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අලිරාජා සුභාස්කරන් කියන, යුරෝපයේ ආණ්ඩුවලට බදු නොගෙවීම් ගැන චෝදනා පවා ලැබූ ව්‍යාපාරියාට විකුණන්නට සැරසෙන බව කතා වෙනවා. පසුගිය කාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යුරෝපා සංචාරයේදී මුලින්ම මුණගැහුණේ යුරෝපයේ දේශපාලන නායකයෙක් නොවන, ව්‍යාපාරික සුභාස්කරන්ව.

    වොෂිංටනයේ තියෙන ජාත්‍යන්තර මූල්‍ය සමාගම කියන ලෝක බැංකු සමූහයට අයිති සමාගමට ශ්‍රී ලංකා එයාලයින්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල් සමාගම විකිණීම ගැන උපදේශන පහසුකම් ලබාගැනීම බාර දීමට නියමිතයි.

    කෙසේ වෙතත් අපි මෙහි අවධානය යොමු කරන්නේ, පෞද්ගලිකකරණය නොකළ යුතුම අවස්ථා 5ක් ගැන.

    පෞද්ගලිකකරණය වෙනුවෙන් පෙනී සිටින උදවිය හදන මතයක් තමයි, පෞද්ගලිකකරණයට විරුද්ධ වෙන්නේ සමාජවාදය හදන්න උත්සාහ කරන වාමාංශිකයෝ කියලා. ඒත් ඇත්තටම සමහර ක්ෂේත්‍ර පෞද්ගලිකකරණය කිරීම අන්ත ලිබරල් මතයක් නිසා, සමහර වාමාංශිකයන් නොවන උදවිය පවා පෞද්ගලිකකරණයට විරුද්ධයි. ඒ වගේම සමහර ක්ෂේත්‍ර රජයේ සේවාවන් විදියට පවත්වාගෙන යන්නට, බොහෝ විද්වතුන් පවා පෙනී සිටිනවා. නූතන ලෝකය රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම ගැන ඉතාම නවීන සහ දියුණු අදහස් ඉදිරිපත් කරමින් ඉන්නේ සමාජවාදය හදන්නට නෙවයි.

    පෞද්ගලීකරණයේදී නැගෙන ප්‍රධානම තර්කය තමයි, මිනිස්සු ගෙවන බදු ප්‍රමාණය අඩු කරලා, කාර්යක්ෂමතාව රජයේ සේවාවන්ට හඳුන්වාදෙන බව. තරගකාරීත්වය නිසාම ඒ ඒ ක්ෂේත්‍ර කාර්යක්ෂම වෙන බව තමයි ප්‍රධානම තර්කය.
    ඒත්, ඇත්තටම බොහෝ විට සමහර සේවාවන් පෞද්ගලීකරණයෙන් පස්සේ සිද්ධවෙන්නේ, පාරිභෝගිකයන් මත ඉතා ඉහළ ගාස්තුවක් වැටෙනවා විතරක් නෙවෙයි, සමහර වෙලාවට ඒ සේවාව වෙනුවෙන් රජයෙන් ලබාදෙන කොන්ත්‍රාත්තුත් පෞද්ගලික අංශයටම ගිහින් මහජන මුදල් නැවත පෞද්ගලික අංශයට යන එක.‍ෙ

    අපි ඉතා පැහැදිලිව තේරුම් ගන්න ඕනෑ සමහර ක්ෂේත්‍රවල පෞද්ගලික අංශයේ තරගකාරීත්වය එක්ක, කාර්යක්ෂමතාවත් ඇතිවෙන බව. හැබැයි හැම වෙලාවෙම කාර්යක්ෂමතාව ඇතිවෙන්නේ, තරගකාරීත්වය නිසාම නෙවෙයි. ඒ වගේම හැම ක්ෂේත්‍රයකම තරගකාරීත්වය හදන්න අමාරුයි. සමහර ක්ෂේත්‍ර ස්වභාවයෙන්ම ඒකාධිකරයකින් යුක්ත ඒවා. ප්‍
    රවාහන සේවය ගන්න. ඔබට බැහැ පබ්ලික් බස් එක හෝ කෝච්චිය තෝරාගන්න. ඔබ තෝරාගන්නේ ඔබේ ගමන යන්න ඕනෑ වෙලාවට. ඔයාට ඒ වෙලාවට එන බස් එකට හෝ කෝච්චියට නගිනවා හැර වෙන චොයිස් එකක් නෑ. අනෙක් ඔප්ෂන් එක පෞද්ගලිකව ටැක්සියක් බුක් කරන එක හෝ පෞද්ගලික වාහනයක් ගන්න එක.

    හැබැයි අනෙක් පැත්තෙන් ප්‍රයිවෙට් බස් එකක් දුවන කෙනෙක්ට, රෑ 11.30ට බස් එකක් දුවවන එක අලාභයි. සෙනඟ අඩු රූට් එකක බස් දුවන එක අමාරුයි.
    ඔබ දන්නවාද බස් සේවය පෞද්ගලික අංශය මත යැපෙන මෑත යුගයේ කීයක් බස් රූට් අතුරුදන් වෙලා තියෙනවාද කියා. පෞද්ගලික බස් සේවාව ගැන මෑත කාලයේ අනතුරු වැඩි වීම් සමග සාකච්ඡාක් මතු වුණා. එහිදී ප්‍රවාහන විශේෂඥ මහාචාර්ය අමල් කුමාරගේ වගේ අයත් පෙන්වා දෙනවා, කිසිම නියාමනයක් නැති පෞද්ගලික බස් සේවාව අනතුරුවලට දායක වෙන බව.
    කෝච්චියක් වුණත්, ප්‍රයිවෙට් කෝච්චියක් අවිස්සාවේල්ලේ ඉඳන් කොළඹට, සෙනඟ අඩු වෙලාවට සෑහෙන ලාභ ටිකට් එකක් එක්ක කෝච්චිය දුවවන්නේ නෑ. පොදු ප්‍රවාහන සේවය පෞද්ගලිකරණය වීමෙන් මොකක්ද වෙලා තියෙන්නේ කියන එක අප මෙහි දීර්ඝ විදියට විස්තර කරන්නේ නෑ.

    පෞද්ගලිකකරණය නොකළ යුතු අවස්ථා පහක් ගැන ඇමෙරිකානු මහාචාර්ය රොබට් රෙයික් විස්තර කරලා තියෙනවා. ඔහුත්, ප්‍රබල වාමාංශික විද්වතෙක් නෙවෙයි. එහෙත්, විෂමතාවලට විරුද්ධ වෙන කෙනෙක්.
    අපි ඔහුගේ කරුණු පහ සැලකිල්ලට ගනිමු.

    අංක 01- යම් ක්ෂේත්‍රයක අරමුණ ජනතාව එකතු කිරීම නම්, එවැනි ක්ෂේත්‍ර පෞද්ගලිකකරණය නොකළ යුතුයි. ඒ කියනනේ එකිනෙකා අතර සම්බන්ධතා නිර්මාණය කරන්න, සමාජයන් එකිනෙකා සමීප කරවන්නට, සමහරවිට පන්තිභේදයක් හෝ ජාතිභේදයක් නැතිව පුද්ගලයන් සමීප කරවන්න හේතුවන සේවාවන්. තැපෑල, ටෙලිකොමියුනිකේෂන් වගේ ක්ෂේත්‍ර උදාහරණ. තැපෑල පෞද්ගලිකකරණය වුණොත්, ඉතාම සුළු පිරිසක් ඉන්න දුෂ්කර ගම්මානයක තැපැල් කාර්යාලයක් හදලා, තැපැල් සේවය ඒ ගමට සේවාව ලබාදෙනු ඇතිද? අධ්‍යාපනය කියන්නේත්, මීට ආසන්න සේවයක්. දුෂ්කර පළාත්වල පෞද්ගලික පාසල් බිහිවේවිද? දුප්පත් ජනතාවට සාධාරණ අධ්‍යාපනයක් පෞද්ගලිකකරණයෙන් පසු ලැබේවිද?

    අංක 02 – යම් සේවාවක් රජය හරහා ලබාදෙමින්, බදු මුදලින් සේවාව සම්පාදනය කරනකොට වියදම අඩු නම්, ඒ කියන්නේ ලාභයක් බලාපොරොත්තු වෙන පෞද්ගලික සමාගමකින් ඒ සේවාව ලබාදුන්නොත් ගාස්තු අධික වෙනවා නම්, ඒ සේවාවන් පෞද්ගලිකරණය නොකළ යුතුයි. උදාහරණයක් විදියට ඇමෙරිකානු සෞඛ්‍ය සේවය රොබට් රෙයික් ගන්නවා. ඇත්තටම ඇමෙරිකානු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, සෞඛ්‍ය රක්ෂණ සේවාව පෞද්ගලික අංශය තුළ ලාභ උපයන්නේ අසනීප වූ අයට වඩා සුවෙන් සිටින අයගෙනුයි. මේ ක්ෂේත්‍රය ගැන අධ්‍යනය කරන අය හඳුනගන්නේ, ලාභ බලාපොරොත්තුවෙන පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයට වඩා, රජය හරහා සිදුකරන සෞඛ්‍ය සේවාවන්ට බදු අය කළොත් සෑහෙන දුරට ජනතාව මත පැටවෙන වියදම අඩු බව.

    අංක 03 – යම් සේවාවක් ලබන ජනතාවට ඒ සේවාවේ කොලිටිය අඩුයි කියලා පැමිණිලි කරන්න බැරි නම්, ඒ සේවාව පෞද්ගලිකරණය කරන්න එපා. රොබට් රෙයික් මේ ගැන කතා කරද්දී ගේන උදාහරණය තමයි බන්ධනාගාර සහ අනෙක් සිරගෙවල් ආදිය. නැත්නම් අනාථ නිවාස ආදිය.

    අංක 04 – යම් සේවාවක් ලබන අයට, ලැබෙන්නේ බාල සේවයක් බව දැනගන්න ක්‍රමයක් නැත්නම් ඒ සේවාවන් ප්‍රයිවටයිස් කරන්න එපා. මේකට ගේන උදාහරණය තමයි ලාභාපේක්ෂාවෙන් පවත්වාගෙන යන විද්‍යාල. ඒවායේ සේවාව ලබන අයට තමන් ලබන සේවාව බාල එකක් බව දැනගන්න බොහෝ විට ක්‍රමයක් නැහැ. මොකද උපාධියක වටිනාකම හඳුනාගන්න අසීරුයි.

    අංක 05 – යම් සේවාවක් පවත්වාගෙන යෑමේදී තරගය ප්‍රමාණවත් නැත්නම්, මිල අඩු කරන්නත් බැහැ. ඒ නිසා එහෙම තරගයක් ඇති නොවෙන ක්ෂේත්‍ර පෞද්ගලීකරණය කරන්න එපා. දැවැන්ත ලාභාපේක්ෂාවෙන් කටයුතු කරන ආරක්ෂක අංශයේ නිෂ්පාදකයන් තමයි මේ පොයින්ට් එකට අදාල රෙයික්ගේ උදාහරණය. හැබැයි මේක විදුලියට, පොදු ප්‍රවාහනයට වගේ ක්ෂේත්‍රවලටත් අදාලයි.
    ඔබට පාරිභෝගිකයා විදියට තමන් පාවිච්චි කරන විදුලි සේවා සපයන්නාව තෝරන්න බෑ. දැනට ලෙකෝ සහ ලංවිම කියන සේවා සපයන්නන් දෙදෙනා ඉන්නවානේ. හැබැයි ඔබට බැහැ දෙකෙන් මොන අංශයද කියලා තෝරගන්න. ඒ කියන්නේ ඔබ ජීවත්වෙන ගෙදර වයර් එක අදින්නේ මොන සමාගමද කියලා තෝරගන්න ඔබට බෑ. ඔබේ ගෙදර තියෙන ප්‍රදේශයට විදුලිය සැපයීම මොකක්හරි සමාගමකට බාරදීලා හමාරයි. ඉතින්, ඒ ඒ ප්‍රදේශවල ඒකාධිකර අයිතිය කෙළින්ම යම් සමාගමකට ලැබෙනවා.

    පොදු ප්‍රවාහනයත් එහෙමයි. අපි කලින් විස්තර කළා වගේ තමන්ට ගමන යන්න අවශ්‍ය වෙලාවට ගමන පිටත් වෙනවා මිසක්, තමන්ට ඕනෑ ප්‍රවාහන සේවය එනතුරු පාරිභෝගිකයා බලා ඉන්නේ නෑ. ඒ නිසා කිරිපිටි විකුණනවා වාගේ, විදුලිය හෝ ප්‍රවාහනය හෝ අධ්‍යාපනය හෝ සෞඛ්‍ය හෝ ටෙලිකොමියුනිකේෂන් හෝ තැපෑල හෝ තව බොහෝ සේවාවන් තරගෙට වික්ක පළියට ජනතාවට යහපතක් වෙන්නේ නෑ. ඒ සේවාවන්ට හුදෙක් තරගකාරීත්වයයි, කාර්යක්ෂමතාවයි වගේ වෙළඳපොළට අදාල සාධකවලට එහා ගිය සාධක බලපානවා. පෞද්ගලික අංශය දුවන්නේ ලාභාපේක්ෂාවෙන්. පොදු ජනතාවගේ වුවමනාවට සේවය කරන්න නෙවෙයි.

    අන්න ඒ නිසාම ‘ලාභ ලබන ආයතන‘, ‘පාඩු ලබන ආයතන‘ කියන බෙදීමටත් වඩා අප සැලකිල්ලට ගන්න ඕනෑ තමන්ගේ සේවය කාර්යක්ෂමව ලබාදෙන ආයතන සහ ලබා නොදෙන ආයතන විදියට. ඒ වගේම අකාර්යක්ෂම ආයතන කාර්යක්ෂම කරවන්නත් ඕනෑ. දූෂණ, වංචා, නාස්තිය ආදී සියලු සාධක සලකන්න ඕනෑ. කිසිදෙයක් නොසිතා, පෞද්ගලික අංශයට විකිණීමෙන් ගොඩයන්න පුළුවන් කියා ඔබ හිතනවා නම්, ඒවායින් ගොඩ යන්නේ ඒ ඒ ක්ෂේත්‍රවල මහා පරිමාණ ඉඩකඩම්, පොදුජන බදු මුදලින් ඉදිකරපු ඉදිකිරීම් සහ අනෙකුත් වත්කම් සියල්ල කුණුකොල්ලෙට මිලට ගන්න ව්‍යාපාරිකයන් වගේම, කුණුකොල්ලෙට විකුණලා ඩීල් කතා කරලා කොමිස් කුට්ටිය සාක්කුවේ දාගන්න දේශපාලුවන් විතරයි.

    පොදුජන සුභසිද්ධිය පුද්ගලික අංශයේ ලාභ අපේක්ෂාවට යටපත් කරන්න අපි ඉඩ නොදිය යුතුයි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඔබ හිතනවාට වඩා අධිවේගයෙන් පෞද්ගලිකකරණය සිදු කරමින් ඉන්නවා. මිරිස් පැළයක් හැදෙන්න කලින්, ඔබ ලබන සේවාවන් සියල්ල උඩු යටිකුරු කරන්න, ජනවරමකුත් නැති, වියපත් ඒකාධිපතියෙකු කටයුතු කරනවා.
    ඉතින්, ඔබත් අපිත් මේකට මැදිහත් වෙන්න ඕනෑ. හැබැයි, ඊටත් වඩා ඒ ඒ ක්ෂේත්‍රවල වැඩ කරන මිනිස්සු තම තමන්ගේ ක්ෂේත්‍ර රැකගන්නට කුම්මැහිකම් අත්හැරලා ඉදිරියට එන්න ඕනෑ.
    එහෙත් විදුලිය පෞද්ගලිකකරණය ගැන කතන්දරේ විදුලි සේවකයන්ට පමණක් අයිති නැහැ. ටෙලිකොම් පෞද්ගලිකකරණය ඒ සේවකයන්ට පමණක් අයිති නැහැ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    19,764
    11,007
    113
    රජය යටතේ තියෙන තාක් කල් ඔය ආයතන වල සේවයට ගන්නෙ බහුතරයක් දේශපාලන පක්ෂ වලට කඩේ ගිය සුදුසුකම් නැති අයව...
    ඒගොල්ලො කවදාවත් තමන්ගෙ රැකියාව හරියට කරන්නෙ නැහැ...
    දේශපාලුවන්ට ඕන විදියට තමයි තීන්දු තීරණ ගන්නෙ...
    අන්තිමට හුඟක් ආයතන මිනිස්සුන්ට බරක්...
    විකුණන්නත් එපා නං මොකද්ද මේ ප්‍රශ්නෙට තියෙන විසඳුම?
    (විකුණනව කියන එකෙන් අදහස් කරන්නෙ දේශපාලුවන්ගෙ වන්දිබට්ටයන්ට කුණු කොල්ලෙට දීල දාන එකට නෙමෙයි)
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    17,040
    34,370
    113
    4WLVO7N.jpeg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    32,365
    1
    43,005
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝච්චියක් වුණත්, ප්‍රයිවෙට් කෝච්චියක් අවිස්සාවේල්ලේ ඉඳන් කොළඹට, සෙනඟ අඩු වෙලාවට සෑහෙන ලාභ ටිකට් එකක් එක්ක කෝච්චිය දුවවන්නේ නෑ. පොදු ප්‍රවාහන සේවය පෞද්ගලිකරණය වීමෙන් මොකක්ද වෙලා තියෙන්නේ කියන එක අප මෙහි දීර්ඝ විදියට විස්තර කරන්නේ නෑ.
    අංක 01- යම් ක්ෂේත්‍රයක අරමුණ ජනතාව එකතු කිරීම නම්, එවැනි ක්ෂේත්‍ර පෞද්ගලිකකරණය නොකළ යුතුයි. ඒ කියනනේ එකිනෙකා අතර සම්බන්ධතා නිර්මාණය කරන්න, සමාජයන් එකිනෙකා සමීප කරවන්නට, සමහරවිට පන්තිභේදයක් හෝ ජාතිභේදයක් නැතිව පුද්ගලයන් සමීප කරවන්න හේතුවන සේවාවන්. තැපෑල, ටෙලිකොමියුනිකේෂන් වගේ ක්ෂේත්‍ර උදාහරණ. තැපෑල පෞද්ගලිකකරණය වුණොත්, ඉතාම සුළු පිරිසක් ඉන්න දුෂ්කර ගම්මානයක තැපැල් කාර්යාලයක් හදලා, තැපැල් සේවය ඒ ගමට සේවාව ලබාදෙනු ඇතිද? අධ්‍යාපනය කියන්නේත්, මීට ආසන්න සේවයක්. දුෂ්කර පළාත්වල පෞද්ගලික පාසල් බිහිවේවිද? දුප්පත් ජනතාවට සාධාරණ අධ්‍යාපනයක් පෞද්ගලිකකරණයෙන් පසු ලැබේවිද?

    අංක 02 – යම් සේවාවක් රජය හරහා ලබාදෙමින්, බදු මුදලින් සේවාව සම්පාදනය කරනකොට වියදම අඩු නම්, ඒ කියන්නේ ලාභයක් බලාපොරොත්තු වෙන පෞද්ගලික සමාගමකින් ඒ සේවාව ලබාදුන්නොත් ගාස්තු අධික වෙනවා නම්, ඒ සේවාවන් පෞද්ගලිකරණය නොකළ යුතුයි. උදාහරණයක් විදියට ඇමෙරිකානු සෞඛ්‍ය සේවය රොබට් රෙයික් ගන්නවා. ඇත්තටම ඇමෙරිකානු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, සෞඛ්‍ය රක්ෂණ සේවාව පෞද්ගලික අංශය තුළ ලාභ උපයන්නේ අසනීප වූ අයට වඩා සුවෙන් සිටින අයගෙනුයි. මේ ක්ෂේත්‍රය ගැන අධ්‍යනය කරන අය හඳුනගන්නේ, ලාභ බලාපොරොත්තුවෙන පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයට වඩා, රජය හරහා සිදුකරන සෞඛ්‍ය සේවාවන්ට බදු අය කළොත් සෑහෙන දුරට ජනතාව මත පැටවෙන වියදම අඩු බව.

    අංක 03 – යම් සේවාවක් ලබන ජනතාවට ඒ සේවාවේ කොලිටිය අඩුයි කියලා පැමිණිලි කරන්න බැරි නම්, ඒ සේවාව පෞද්ගලිකරණය කරන්න එපා. රොබට් රෙයික් මේ ගැන කතා කරද්දී ගේන උදාහරණය තමයි බන්ධනාගාර සහ අනෙක් සිරගෙවල් ආදිය. නැත්නම් අනාථ නිවාස ආදිය.

    අංක 04 – යම් සේවාවක් ලබන අයට, ලැබෙන්නේ බාල සේවයක් බව දැනගන්න ක්‍රමයක් නැත්නම් ඒ සේවාවන් ප්‍රයිවටයිස් කරන්න එපා. මේකට ගේන උදාහරණය තමයි ලාභාපේක්ෂාවෙන් පවත්වාගෙන යන විද්‍යාල. ඒවායේ සේවාව ලබන අයට තමන් ලබන සේවාව බාල එකක් බව දැනගන්න බොහෝ විට ක්‍රමයක් නැහැ. මොකද උපාධියක වටිනාකම හඳුනාගන්න අසීරුයි.

    අංක 05 – යම් සේවාවක් පවත්වාගෙන යෑමේදී තරගය ප්‍රමාණවත් නැත්නම්, මිල අඩු කරන්නත් බැහැ. ඒ නිසා එහෙම තරගයක් ඇති නොවෙන ක්ෂේත්‍ර පෞද්ගලීකරණය කරන්න එපා. දැවැන්ත ලාභාපේක්ෂාවෙන් කටයුතු කරන ආරක්ෂක අංශයේ නිෂ්පාදකයන් තමයි මේ පොයින්ට් එකට අදාල රෙයික්ගේ උදාහරණය. හැබැයි මේක විදුලියට, පොදු ප්‍රවාහනයට වගේ ක්ෂේත්‍රවලටත් අදාලයි.

    මේවා නම් මෝඩ කතා.

    දුප්පත් එවුන්ට නිකම් කන්න බොන්න දීල, ඉගෙනගන්නත් දීල, බෙහෙතත් නොමිලේ දීල තමයි රට මේ තත්වෙට පත්වුනේ.

    1990 දී ජනසවිය ගත්ත පවුල් එකක්වත් අදවෙනකොට බදු ගෙවන්න පුළුවන් තත්වෙකට පත්වෙලා ඉන්නවද!
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    8,684
    4,784
    113
    404
    ඔව් හැබැයි ලංකාව ඇතුලේ විකුණුවොත් තවත් හොදයි. මේ වෙලාවේ ඩොලර් බලාගෙන පිටට නෙ විකුනන්නේ
     
    • Like
    Reactions: NRTG