ගෙදර මිනිස්සුයි පිට මිනිස්සුයි කන මහ අමන බල්ලෙක් ඉන්නවා. වල් බල්ලෙක් හැබැයි හිටගත්තොත් අඩි 5 1/2 විතර උස හොඳ හැදිච්ච ඇඟක් තියෙන්නේ. අවුරුදු ගානකින් ඌට බෙහෙත් විදලත් නෑ. සැර නැති වෙන්න කියලා ගෙදර උන් ඌට වඳ සැත්කම කරලා ගෙනත් ටික කාලෙකින් ආයෙමත් ඌ මිනිස්සුන්ව කන්න පටන් අරන්. අයිතිකාරයා වගේ වගක් නෑ. මූට කරන්න දෙයක් කියපල්ලකෝ. අල්ලපු වත්තේ ඉන්නේ හැබැයි හිටපු ගමන් ඌ මෙහෙත් එනවා තාප්පයක් නැති නිසා. ඌට හේතු ඕන නෑ මනුස්සයෙක් දැක්ක ගමන් කනවා. ගහල මරන්න බෑ මිනිස්සු තරහ වෙන නිසා. පොලීසියෙන් ඔහොම උන්ට වෙඩි තියන්නේ නැද්ද කිව්වොත් ගිහින්? ලොකු උදව්වක් කවුරු හරි මේකට විසඳුමක් දෙනවා නම්. 