මොකක්ද බංලා මේ හොල්මන් සීන් එක

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ම⁣ට අමුතු සිද්ධියක් උනා පහුගිය දවස්වල. අමුතු සිද්ධියක් කිව්වට දැනටත් මතක් වෙනකොට මගෙ මුළු ඇඟම සීතල වෙලා යනව.
    මේකයි,
    පලවෙනියට ම උනේ දැනට මාස එකහමාරකට විතර කලින්. මම එදා උදේ ටවුන් එකට යන්න වාහනෙත් අරන් පිටත් උනා. පාක් එකේ වාහනේ දාලා එළියට එනකොට එකපාරම මම දැක්කා මට ඉස්සරහින් සෙනඟ අස්සෙ මම වගේ ම කෙනෙක් ගියා. මම වගේ ම කියන්නෙ මම ම තමයි. මගේ ඇඳුම්, අතේ තිබුන කුඩේ හැමදේම ඒවමයි. එකපාරම මම දැක්කා..එච්චරයි සෙනඟ අතරින් පේන්නෙ නැතුව ගියා. මටත් ආපහු එච්චර ගාණක් ගියේ නෑ අහම්බයක් වෙන්න ඇති කියල මට එහෙම්ම ඒක අමතක උනා.
    ඊට සතියකට විතර පස්සෙ මම ආපහු මොකක්හරි උවමනාවකට ටවුන් එකට ගියා. ගිහින් එදා වගේම වාහනේ පාක් එකේ දාලා එළියට ඇවිත් පාර පනින්න යනකොටම මම එකපාරම දැක්කා එදා ඒ දැකපු කෙනාම ඉන්නව. ඒත් එදා වගේ නෙවෙයි මේ වෙලාවෙ ඒ දේ පාර එහාපැත්තෙ ඉඳන් මං දිහා බලාගෙන හිටිය හෙල්ලෙන්නෙවත් නැතුව. ඒ හිටියෙ මමමයි. හරියට පාර එහා පැත්තෙ තියන කණ්නාඩියකින් මාව පේනව වගේ. ඒ වෙලාවෙ පාරෙ එදා වගේ සෙනඟ කවුරුත් හිටියෙත් නැහැ. එකදිගටම මං දිහා බලන් ඉඳලා ආපහු හැරිලා එතනින් එහාපැත්තට ගිහින් පේන්නෙ නැතුව ගියා. මට ඒ වෙලාවෙ තිබ්බ බය ගැන කියන්න තේරෙන්නෙ නෑ. මට යන්න උවමනා උනාට හෙල්ලෙන්නත් බයයි මට නිකන් ඇඟ ලොක් වෙලා වගේ. තප්පර දහයක් විතර මම එහෙමම ඉඳලා මං ආපහු ආවා පාක් එක ඇතුළට පාර පනින්නෙ නැතුව. මට ඒ වෙලාවෙ මතක් උනේ නෑ මම මොනාටද ටවුන් එකට ගියේ කියලවත්. එහෙම්ම මම ආපහු ගෙදර ආවා මං දන්නෑ එච්චර බයේ මම කොහොමද ආවෙ කියලවත්.
    ගෙදර ඇවිත් ඉතින් මං කාටවත් ඕක කියන්න ගියෙත් නෑ. හැබැයි දවස් දෙකක් විතරම මට නින්ද ගියේ නෑ ඒකමයි මතක් උනේ.
    හරියට ම ඒක වෙලා දවස් හතරකට පස්සෙ, එදා නම් මම ගෙදර හිටියෙ. අපේ ගෙදරට එන පාර පොඩි කන්දක් තියෙන්නෙ කොන්ක්‍රීට් කරපු. පාරට වඩා උඩින් තමයි ගේ තියෙන්නෙ. මට මේක ටයිප් කරගන්න බෑ ඒක මතක් වෙනකොට මගේ අත වේවලනව. එදා දවල් දොළහාමාරට විතර ඇති මට මතක විදියට. මම පොතකුත් අරන් එළියෙ පුටුවට ගියා කියවන්න. ඔහොම ටික වෙලාවක් යනකොට අපේ බල්ලා පාර දිහා බලාගෙන බුරන්න ගත්තා. ටිකක් වෙලා මම ගණන් ගන්නැතුව හිටිය ඒත් මූ බුරන එක නවත්තන්නෙ ම නෑ මැරෙන්න හදනව. ඉතින් මං බැනගෙන ගියා මොකද බං කියාගෙන මං හිතුවෙ බල්ලෙක් හරි ඇවිත් කියල. ගිහින් බල්ලටත් තට්ටුවක් දාගෙන මම පාර පල්ලෙහා බැලුවා....ඒ වෙලාවෙ මගේ ඇඟ හිරිවැටුණ විදියටම මේක ටයිප් කරනකොටත් හිරි වැටෙනව. පාර පල්ලෙහා හිටියෙ මම. ගේ දිහා බලාගෙන. මමමයි. මං ඇඳගෙන හිටිය ඇඳුම් ම ඇඳගෙන හිටියෙ. හෙල්ලෙන්නෙවත් නැතුව බලාගෙන හිටියා. මමත් බලාගෙන ඉන්න ඇති විනාඩියකට ළං වෙන්න. වෙව්ලුවා මාව. ඊට පස්සෙ එහෙමම දුවගෙන ආවා ඉඳගෙන හිටපු පුටුවට. ගෙට යන්නත් බයයි මට. බල්ලා තාම බුරනව ඌට කතා කරන්නවත් සිහියක් නෑ මට. අපේ ගෙදර දොර ඇරපු ගමන් ඉස්සරහින් පේන්න බිත්තියේ ලොකු බුදු පිළිමයක් ගහල තියනව. මම ඒ බුදු පිළිමෙ පේන තැන පුටුව තියාගෙන එහෙමම ඉඳගෙන හිටියා ගෙදර කවුරුහරි එනකම්. ටිකකින් බල්ලත් බුරන එක නවත්තලා ආවා මං ළඟට. කොච්චරද කියනව නම් බල්ලා ළඟට එනකොටත් මම පණ බයේ..ඊට පස්සෙ පැයකින් විතර වෙන්න ඇති අම්මා ආවා ගෙදර. ඒ ආවමත් මම මොනවත් ම කියන්න ගියේ නෑ ඔළුව රිදෙන නිසා එහෙමම නිදාගත්තා. නැගිටිනකොට මට හොඳටම උණ. ඒ හැදුන උණ මට සති දෙකක් යනකම් අඩු උනේ නෑ නැගිටගන්නවත් බැරුව හිටියෙ. තනියම ඉන්න හැමවෙලාවකම පිරිත් දාගෙන හිටියෙ පිරිත ඇහෙනකම් බය වෙන්න දෙයක් නැති නිසා..
    දැන් නම් උණත් හොඳවෙලා සතියක් විතර වෙනව. ආයෙ මුකුත් මම දැක්කෙ නෑ තාම. ගෙදරින් පිට කොහෙවත් ගියෙත් නෑ මම.
    විස්තරේ දිගට දිගට තියෙන්න ඇති වෙව්ල වෙව්ල ටයිප් කළේ මම. ගෙදර මං ඒ් දැක්ක තැන්වල ෆොටෝ දාන්නම් හෙට.
    තෑන්ක්ස්!
    අද 2024.11.30

    කමෙන්ට්ස්
    1
    doppelganger සීන් එකක්ද දන්නෑ..ඒක නම් එච්චර හොද නෑ කියලා කියන්නේ
    සමහර මිනිස්සු තමන්ට විපතක් වෙන්න කලින්,තමන්ගෙම රූපෙ අවස්තා කීපයකදි දැකලා තියෙනවා...උදා- abraham lincoln මැරෙන්න කලින් ධවල මන්දිරේදි තමාවම එක එක තැන් වලදි දැක්ක කියාල කියනවා.එහෙම දකින එක එච්චර හොද නෑ කියලා තමා කියන්නේ...
    2
    Madu Mudunkothge Madu Mudunkothge Doppelgangers Defined

    A doppelganger is a mysterious, exact double of a living person. It's a German word that literally translates to "double walker" or "double goer". A doppelganger isn't someone who just resembles you, but is an exact double, right down to the way you walk, act, talk, and dress. A friend or even a close relative who encounters your doppelganger will swear it was you, even though you can prove you were not in the location the double was sighted.

    Sightings and reports of doppelgangers have been around for centuries, and a great deal of superstition has developed around them. Traditionally, they have been viewed as sinister or even evil entities. Seeing a doppelganger has also been considered an omen of misfortune or bad luck. Most often today, however -- as reports of doppelgangers show -- they seem to be neither sinister nor evil, nor do they herald streaks of bad luck. (Although some have been known to cause mischief.) They just seem to be, going about their business as if they are normal human beings.
    කොපීඩ්
     
    • Wow
    Reactions: NRTG and waca

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    Scared Oh No GIF by Sesame Street