අනේ මංදා බං. ඔය පුලුටු ජාති කාලා, රෑ ජාමේ කනතුවලත් බඩගාලා තියෙනවා. හැබැයි ඉතින් මේ වෙනකන් මහසෝනා තියා නිකන් මිනිහෙක් වත් දැකලා නෑ. ගොඩක්ම මනස දුර්වල අයට ඔය බය ගතිය දැනෙනවා. ඒ දැනෙන දේ මීට කලින් අහලා තියෙන දේවල් එක්ක සමහර දේවල් තමන් හිතින් මවාගන්නවා. ඒවා තමයි ඔය ඇත්තට වුනා වගේ කියන්නේ. ගොඩක් අයට තේරෙන් නෑ බයත් එක්ක ඒ තමන් මනසින් මවාගත්ත දෙයක් කියලා.
අනික් එක තමයි මහසෝනා ඌරු මස් කන්නේ නෑ ඔය පුරාවුර්ත වල හැටියට. ඌරා කියන්නේ මහසෝනාගේ වාහනේ කියනවානේ. අර කතරගම දෙයියන්ගේ මොණරා, ශිව දෙවියන්ගේ නන්දි ගවයා වගේ. ඉතින් කියන්නේ ඌරු මස් කන අයට මහසෝනාගේ බැල්ම වැටෙනවා (කෝපය)
එහෙම බැලුවොත් ලංකාවේ ඌරු මස් තියෙන්න බෑ. ඇයි ඉතින් කන, ගෙනියන හැම එකාටම මහසෝනා පුක පලන්න එපයි.