🐝 මල් මීපැණි vs සීනි වතුර පොවලා හදපු මීපැණි 🍯 හඳුනගන්න හැටි

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,261
    15,861
    113





    🔅මිිපැණි මනින "රෙෆ්‍රැක්ටෝමීටරය" සහ ; සීනි මීපැණි; මිථ්‍යාවේ ඇත්තම කතාව…🔅
    🐝 නොදන්නා දේ නොදන්නා ලෙස සිටීම හොඳය" නොදන්නාකම ප්‍රදර්ශනය කරමින් බොරු පතුරවන අයට මෙන්න සැබෑ ඇත්ත .🐝
    මීපැණි කියන්නේ ඈත අතීතයේ ඉඳලම අපේ රටේ මිනිස්සු දිව්‍යමය ඖෂධයක් විදිහට සලකපු දෙයක්. හැබැයි අද වෙළඳපොළෙන් මීපැණි බෝතලයක් මිලදී ගන්න යන ඕනෑම කෙනෙක් ඉන්නේ ලොකු සැකයකින් සහ බියකින්. ඒකට ප්‍රධාන හේතුවක් තමයි, "මීමැසි පාලකයෝ මැස්සන්ට සීනි පොවලා ඒකෙන් මීපැණි හදලා විකුණනවා" කියන කතාව සමාජගත වී තිබීමයි.
    කනගාටුවට කරුණ නම්, ක්ෂේත්‍රය ගැන හරි හැටි ප්‍රායෝගික අත්දැකීමක් හෝ තාක්ෂණික දැනුමක් නැති, ඇතැම් "මීමැසි පාලකයන් යැයි කියාගන්නා" පුද්ගලයන්, සමාජය ඉදිරියේ තමන්ගේ නොහැකියාව සහ ජනපද කළමනාකරණය කරගැනීමට ඇති අපොහොසත්කම වසාගැනීමට මේ වගේ පදනමක් නැති බොරු ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරවීමයි. මෙය සමස්ත ශ්‍රී ලාංකික මීමැසි පාලකයන්ටම සහ දේශීය කර්මාන්තයටම එල්ල කරන ඉතාමත් සූක්ෂ්ම "මරු පහරකි".
    සැබෑ මීපැණිවල ප්‍රමිතිය මනින්නේ කෙසේද සහ වෙළඳපොළේ පවතින සැබෑ තත්ත්වය කුමක්ද කියා තාක්ෂණිකව වටහා ගනිමු.
    01. මීපැණි මනින විද්‍යාත්මක උපකරණය: රෙෆ්‍රැක්ටෝමීටරය (Refractometer)
    වර්තමානයේ මීපැණිවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය මැනීමට ලෝකය පුරාම භාවිත වන ප්‍රධාන උපකරණය වන්නේ රෙෆ්‍රැක්ටෝමීටරයයි. මෙය "ආලෝකයේ වර්තනය" (Refraction of Light) කියන භෞතික විද්‍යාත්මක සිද්ධාන්තය පදනම් කරගෙන ක්‍රියා කරයි. ද්‍රවයක උකු බව (සීනි හෝ ඝන ද්‍රව්‍ය ප්‍රමාණය) වැඩි වෙන්න වැඩි වෙන්න, ආලෝක කිරණය නැමෙන කෝණය වෙනස් වන අතර මීටරය මඟින් එම අගය ගණනය කරනු ලබයි.
    මෙයින් මනින ප්‍රධාන කරුණු:
    ☑️ තෙතමනය (Moisture %): මීපැණිවල ඇති ජල ප්‍රතිශතයයි. මීමැසි පාලකයාට වැදගත්ම මිනුම මෙයයි. හොඳින් මේරූ දේශීය මීපැණිවල ( Apis\ cerana ) තෙතමනය 18% : 22% අතර තිබිය යුතුය. ජල ප්‍රතිශතය 22% ඉක්මවුවහොත් එම පැණි ඉක්මනින් ඇඹුල් වී නරක් වේ (. Ferment වේ).
    ☑️ සීනි ඝනත්වය (Brix %): ද්‍රවයේ අඩංගු ස්වභාවික සීනි/ද්‍රාව්‍ය ඝන ද්‍රව්‍ය ප්‍රතිශතයයි. හොඳ මීපැණිවල බ්‍රික්ස් අගය 75% සිට 85% දක්වා ඉහළ අගයක පවතිනවා.
    ඩිජිටල් රෙෆ්‍රැක්ටෝමීටර (Digital Refractometer) තාක්ෂණය
    පැරණි මීටරවල මෙන් ඇස තබා පරිමාණයන් බැලීම වෙනුවට, වර්තමාන ඩිජිටල් මීටරවල ඇති වීදුරු තැටිය මතට මීපැණි බිංදුවක් දමා බොත්තමක් එබූ සැනින්, එහි ඇති Optical Sensors (දෘශ්‍ය සංවේදක) සහ LED ආලෝකය මඟින් වර්තනය මැන, තෙතමනය කෙලින්ම LCD තිරය මත ඉලක්කම්වලින් පෙන්වයි. තවද, මේවායේ ඇති ATC ( Automatic Temperature Compensation ) තාක්ෂණය නිසා පරිසර උෂ්ණත්වය කුමක් වුවත් ස්වයංක්‍රීයවම 100% ක් නිවැරදි අගය ලබා දෙයි.
    02. රෙෆ්‍රැක්ටෝමීටරයට සීනි අල්ලන්න පුළුවන්ද?
    නැත. රෙෆ්‍රැක්ටෝමීටරය මඟින් මීපැණිවල භෞතික ලක්ෂණ (තෙතමනය සහ ඝනකම) මැනිය හැකි වුවද, එය සීනි පොවා ලබාගත් ඒවාදැයි සෙවිය නොහැක. මන්ද, මීමැස්සන් සීනි පැණි බී වදයේ තැන්පත් කළද උන් එහි ජල ප්‍රතිශතය පවන් ගසා වාෂ්ප කරන බැවින් මීටරයට එය පෙන්වන්නේ "උකු පිරිසිදු පැණි" ලෙසමය.
    එය සීනි පොවා ගත් ඒවාදැයි සෙවිය හැක්කේ රසායනාගාරයකදී කරනු ලබන කාබන් අණු පරීක්ෂාවකින් ( C’ 3 / C’ 4 / Isotopes / Test ) සහ සුක්‍රෝස් (Sucrose %) මට්ටම පරීක්ෂා කිරීමෙන් පමණි. තාක්ෂණික උපකරණවලින් පවා වෙන්කර හඳුනා ගැනීමට අපහසු මෙවැනි සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියාවලියක්’ කිසිදු පදනමක් නොමැතිව "සීනි පොවා මීපැණි බෝතල් පිටින් වෙළඳපොළට එනවා" යැයි ඇතැම් මීමැසි පාලකයන් කීම ඔවුන්ගේම නොදැනුවත්කම මැනවින් ප්‍රදර්ශනය කිරීමකි.
    03. සීනි පොවා මීපැණි බෝතල් පිටින් නිපදවිය හැකිද? (ආර්ථික විද්‍යාව)
    අද පවතින සීනි මිල අනුව, කිසිම කූට ව්‍යාපාරිකයෙකුටවත් මීමැස්සන් ලවා සීනි පොවා මීපැණි නිපදවා ලාභ ලැබිය නොහැක. මීමැස්සන් සීනි පැණි බොන විට, උන් එය කෙලින්ම ගෙනිහින් වදයේ පුරවන්නේ නැත. උන් එමඟින් තමන්ගේ ශරීර ශක්තිය ලබාගැනීමට, අලුතින් වද බැඳීමට සහ පැටවුන් පෝෂණය කිරීමට විශාල වශයෙන් වැය කරයි.
    මීපැණි බෝතලයක් (කිලෝග්‍රෑම් 1ක් පමණ) වදයක් තුළ පිරවීමට නම් මීමැස්සන්ට සීනි කිලෝ එකහමාරකට (1.5 kg ) වඩා පොවිය යුතුය. එසේ නම්, සීනිවලට යන වියදම, පෙට්ටි නඩත්තු කුලිය සහ මිනිස් ශ්‍රමය එකතු වූ විට එම බෝතලයේ නිෂ්පාදන වියදම අතිවිශාලය. එම නිසා සීනි පොවා මීපැණි බෝතල් ගණන් වෙළඳපොළට දැමීම ආර්ථිකමය වශයෙන් සම්පූර්ණයෙන්ම පාඩු ලබන’ ප්‍රායෝගික නොවන වැඩකි.
    මීමැසි පාලනයේදී ජනපදවලට සීනි පැණි දෙන්නේ මීපැණි අස්වැන්න ලබාගැනීමට නොවේ. පරිසරයේ මල් නොමැති, මැස්සන්ට ආහාර හිඟ "අහේනි කාලයට" (. Flowless Season) ජනපදය බේරාගැනීම සඳහා පමණි.
    04. වෙළඳපොළේ ඇති සැබෑ වංචාවන් මොනවාද?
    ලංකාවේ වෙළඳපොළ තුළ මීපැණි සම්බන්ධයෙන් සිදුවන සැබෑ වංචාවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි :-
    🔘 බඹර පැණි, මීපැණි ලෙස විකිණීම: කැලෑවලින් හෝ ගස්වලින් කපන බඹර පැණි (. Apis dorsata ) හෝ දඬුවැල් මීපැණි (. Apis florea ), පෙට්ටිවලින් ලබාගන්නා උසස්ම ගුණාත්මකභාවයෙන් යුතු දේශීය මීපැණි (. Apis cerana ) ලෙස ලේබල් කර වැඩි මිලට විකිණීම.
    🔘 කෘතිම සිරප් වර්ග:- මිනිසුන් විසින් කර්මාන්තශාලාවල හෝ කුස්සියේදී සීනි, ඝනකාරක (CMC වැනි රසායනික ද්‍රව්‍ය) සහ පාට / රස කාරක දමා රත් කර සාදන කෘතිම පැණි වර්ග. මේවාට මීමැස්සන්ගේ කිසිදු සම්බන්ධයක් නැත. ඇතැම් අය මේ මිනිසුන් සාදන "කෘතිම සීනි සිරප්" සහ "මීමැස්සන් ලවා සීනි පොවා ගන්නා ක්‍රියාවලිය" පටලවාගෙන බොරු ප්‍රචාර කරති.
    පාරිභෝගික ඔබ කළ යුත්තේ කුමක්ද?
    නොදන්නා දේවල් නොදන්නා ලෙස සිටීම උතුම් ගුණයක් වුවද, ඇතැම් අය සමාජය ඉදිරියේ "පොරක්" වීමට වගකීම් විරහිත ප්‍රකාශ කරති. කූඹි ඇඳීම හෝ ගිනිකූරු පරීක්ෂාව වැනි මිථ්‍යාවන්ට නොරැවටෙන්න (ස්වභාවික මීපැණිවලද සීනි වර්ග අඩංගු නිසා කූඹි අදියි, එමෙන්ම ශීතලට මිදීම / කිරි වීම ස්වභාවික මීපැණිවල ලක්ෂණයකි).[මිදීම කිරි වීම වගේ සිදුවීම් සිදු වන්නේ ඇයිද කියා ඉදිරි දිනක කතා කරමු. ]
    ඔබ මිලදී ගන්නේ නියම මීපැණිදැයි තහවුරු කරගැනීමට නම් විශ්වාසවන්ත තමන්ගේම මීමැසි වත්තක් පවත්වාගෙන යන වගකීමක් සහ අනන්‍යතාවයක් සහිත දේශීය මීමැසි පාලකයෙකුගෙන් සෘජුවම මිලදී ගැනීමට කටයුතු කරන්න.
    අවංක දේශීය මීමැසි පාලනය සහ මීමැසි පාලකයා සුරකිමු !
    B2Bees
    Kosgama Bee Sri Lanka 🇱🇰
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,294
    1
    31,952
    113
    - උඩරට -
    ආදිවාසීන් කියලා ඔය මහියංගනයේ පැත්තේ ඉන්න වැද්දොන්ගෙන් මී පැණි ගන්න මිනිස්සු පුරුදු වෙලා හිටියා 🤣 උන් බිස්නස් කරන එවුන්ට වඩා කපටි 🤣
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    730
    93
    මීපැණි බෝතලයක් (කිලෝග්‍රෑම් 1ක් පමණ) වදයක් තුළ පිරවීමට නම් මීමැස්සන්ට සීනි කිලෝ එකහමාරකට (1.5 kg ) වඩා පොවිය යුතුය. එසේ නම්, සීනිවලට යන වියදම, පෙට්ටි නඩත්තු කුලිය සහ මිනිස් ශ්‍රමය එකතු වූ විට එම බෝතලයේ නිෂ්පාදන වියදම අතිවිශාලය. එම නිසා සීනි පොවා මීපැණි බෝතල් ගණන් වෙළඳපොළට දැමීම ආර්ථිකමය වශයෙන් සම්පූර්ණයෙන්ම පාඩු ලබන’ ප්‍රායෝගික නොවන වැඩකි.
    :lol: :lol:සීනි කිලෝ 1.5 ක මිල = Rs 350 . මීපැණි බෝතලය = Rs 4000 (අවම මිල)
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,746
    113
    Mother Earth
    මී පැණි තමයි ලෝකයේ කල් ඉකුත්වීමේ දිනයක් නොමැති එකම ස්වාභාවික සතුන් විසින් නිශ්පාදනය කරන සංඝටකය. අවුරුදු 3000ක් විතර පැරණි මී පැණි දැනට හොයාගෙන තියෙනවා. ඊජිප්තුවේ පිරමීඩ වලින්. 🤷‍♂️
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,261
    15,861
    113
    :lol: :lol:සීනි කිලෝ 1.5 ක මිල = Rs 350 . මීපැණි බෝතලය = Rs 4000 (අවම මිල)

    To account for what the bees burn off, you will need to feed them roughly 1.2 to 1.4 Liters of 1:1 sugar water to yield 500ml of capped honey in the comb.

    -gemini

    සීනි වතුර 1.5L දීලා ගන්න පුළුවන් මීපැණි බෝතල් භාගයයි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,913
    20,455
    113
    හස්තිශෛලපුර
    "මීමැස්සන් ලවා සීනි පොවා ගන්නා ක්‍රියාවලිය" පටලවාගෙන බොරු ප්‍රචාර කරති.

    mama hituwe, bee honey walata sugar water mix karanawa kiyala.. ehema ewa neh kade tiyenne adu ganata?
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    730
    93
    To account for what the bees burn off, you will need to feed them roughly 1.2 to 1.4 Liters of 1:1 sugar water to yield 500ml of capped honey in the comb.

    -gemini

    සීනි වතුර 1.5L දීලා ගන්න පුළුවන් මීපැණි බෝතල් භාගයයි
    :ROFLMAO: එහෙම නම් ඔයා සීනි වතුර 3L දෙන්න. එකට වියදම Rs 700. මී පැණි බෝතලයේ අවම මිල 4000.
     
    • Love
    Reactions: ozykolla