පැණි නිස්සාරක

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
වැඩි පැණි අස්වැන්නකට, පැණි නිස්සාරක භාවිතය...
මේ එලඹිලා තියෙන්නේ පැණි වාරය. මේ සැරේ රබර් කොල හැලිලා දළු එන්න වෙන අවුරුදු වලට වඩා පරක්කු වුනත්, රබර් කොල හැලෙනකම් බලාගෙන ඉන්න අපට බෑ කියන්නට වගේ මීමැස්සෝ පැණි වද බදින්න පටන් ගෙන. අවුරුද්දක් පුරා බලාගත්ත තම මීමැසි ජනපදයෙන් හොද පැණි අස්වැන්නක් ලබාගැනීමට බිගුපාලකයන් මේ කාලයේදී උත්සුක වෙනවා. මොකද ලංකාවේ බොහෝ ප්‍රදේශ වල පැණි වාරය සීමාවෙන්නේ මෙලෙස මාසයක් හෝ දෙකකට. ඉතින්, හොද පැණි අස්වැන්නක් ලබාගැනීමට පැණි වාරයට පෙර සිදුකරන ක්‍රියාමාර්ග මෙන්ම පැණි අස්වැන්න නෙලීමේදී නිවැරදි, පැණි නිස්සාරණ පිලිවෙත් අනුගමනය කිරීමද වැදගත්. මේ ලිපිය, පැණි නිස්සාරණයේදි අනිවාර්යයෙන් භාවිතා කග යුතු, පැණි නිස්සාරකය පිලිබඳවයි ....
පැණි වදයකින්, පැණි නිස්සාරණය කිරීම සදහා බොහෝ බිගු පාලකයන් මේ වනවිටත් බොහෝ විට සිදුකරන්නේ පැණි වද පිරිසිදු රෙදි කඩක් භාවිතයෙන් අතින් මිරිකීමයි. එසේත් නැතිනම් අවුවේ රත්වෙන්නට තබා, වද දියවීමට හැර පැණි නිස්සාරණය කරගැනීමයි. කෙසේ වුවත් මෙම ක්‍රම දෙකෙන්ම, පැණි වාරයකින් ලබාගත හැකි පැණි ප්‍රමාණය ඉතාමත් සීමාකාරී වනවා. නමුත්, පැණි නිස්සාරකය භාවිතයෙන්, පැණි නිස්සාරණයේ යෙදෙන බිගු පාලකයන්ට, අතින් මිරිකීම මගින් ලබා ගන්නා පැණි ප්‍රමාණයට වඩා තුන් හතර ගුණයක පැණි ප්‍රමාණයක් නිස්සාරණය කරගත හැකියි.
සාමාන්‍යයෙන් පැණි වාරයකදී මීමැස්සන් විසින්, පැණි පෙට්ටි වල පැණි වද බැදීම සිදුකරන අතර, මෙම පැණි වදවල පැණි කුටීර වසා ඇති පියැස්ස ඉවත් කර, පැණි නිස්සාරණයක් තුලට ඇතුළු කර, කේන්ද්‍රාපිසරනය මගින් පැණි ඉවත් කිරීම සිදු කරනවා. මෙහිදී පැණි වදවලට කිසිදු හානියක් සිදුනොවන අතර, පැණි පමණක් ක්‍රමානුකූලව ඉවත්කිරීම කල හැකියි. ඉන් අනතුරුව, හිස් වදය නැවත කෙලින්ම ජනපදයට සැපයිය හැකි අතර, මීමැස්සන් විසින් නැවත ඒවායේ පැණි ගබඩා කීරීම සිදුකරනවා. මෙලෙස, පැණි නිස්සාරකය භාවිතයෙන්, දවස් දහයකට සැරයක් පමණ පැණි නිස්සාරණය කරගත හැක.නමුත්, අතින් පැණි නිස්සාරණය කල හොත් එය, එක් වරකට පමණක් සීමාවෙනවා. මීට අමතරව පැණි නිස්සාරණකය භාවිතයේ අනෙක් වාසිය වන්නේ, ඉටි මිශ්‍ර වීමකින් තොරව පිරිසිදු පැණි නිෂ්පාදනය කරගත හැකිවීමයි .



17021500_1787659708221875_8738396388870387057_n.jpg



මීමැසි ජනපද....

මීමැසි ජනපද සදහා තිබෙන්නේ ඉහල ඉල්ලුමක්. මීමැසි ජනපදයක් තම ගෙවත්තේ හෝ තම වතු ආශ්‍රිතව ස්ථාපිත කිරීම මගින් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව අප මීට පෙරත් කතා කලා. කෙසේ වුවද, ඉල්ලීම් ලැබෙන තරමටම මීමැසි ජනපද සැපයීමට අප තවමත් අපොහොසත්. නමුත්, මහනුවර අවට මීමැසි ජනපද අවශ්‍යතාව සැපයීමට අප දැන් සූදානම් අතර, ඒ සදහා මීමැසි ජනපද 10ක් වැනි සුළු ප්‍රමාණයක් මේ වන විට අප වෙන්කර තිබෙනවා.

මීමැසි රැජින ඇතුළු සම්පූර්ණ ඉහද වද හතරකින් සමන්විත මීමැසි ජනපදය, මීමැසි පෙට්ටිය , පැණි පෙට්ටි දෙක, සියල්ල rs.5000ක් පමණයි .

අමතන්න,

Isuru - 0712403117, 0769730878

16939409_1787400668247779_7642017001167383203_n.jpg


Apis cerana indica (ඉන්දියානු මී මැස්සා)

ආසියාතික මීමැස්සාගේ උප විශේෂයක් ලෙස සලකනු ලබන ඉන්දියානු මී මැස්සා ප්‍රධාන වශයෙන්, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය, නේපාලය , බුරුමය හා බංග්ලාදේශය වැනි ආසියාතික රටවල් වලට සීමාවී තිබේ. ලංකාව තුල දක්නට ලැබෙන්නේ මෙම ඉන්දියානු මීමැසි උප විශේෂයයි. සාමාන්‍යයෙන්,බටහිර මී මැස්සා (Apis mellifera) ට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා මෙම මී මැස්සා, අනෙකුත් සියලුම හැසිරීම් හා ශරීර ව්‍යුහයෙන් බටහිර මී මැස්සාට සමානකමක් දක්වනවා. කෙසේ නමුත්, අප රටේ සිටින මෙම මීමැස්සන් විසින් නිපදවන පැණි ප්‍රමාණය, යුරෝපීය මීමැස්සන් විසින් නිපදවනු ලබන පැණි ප්‍රමාණයට වඩා සාපේක්ෂව අඩු අගයක්. අප කලාපයෙහි ඍතු භේදයක් දක්නට නොලැමෙ මෙන්ම වසර පුරා මධු ප්‍රභවයන් තිබීම, පැණි රැස්කිරීම සදහා මොවුන් නොපෙලඹීමට හේතු විය හැක.
ලංකාව තුල, පරාගනය සහ මීපැණි ලබාගැනීම සදහා පමණක් මෙම මීමැස්සන් යොදාගත හැකි අතර, පරාග හෝ රාජ ජල්ලි(royal gel) ලබාගැනිම සදහා මෙම මැස්සන් භාවිතා කීරීම මෙතෙක් ලංකාව තුල සිදුනොවේ. කෙසේ වුවද, බටහිර මීමැස්සාට සාපේක්ෂව වැඩි රෝග ප්‍රතිරෝධීතායක් මෙම මීමැස්සන් සතුවීම ලංකාව තුල බිගුපාලනය සදහා ඇති වාසිදායක තත්වයකි.

16830732_1783529261968253_7700876074100452039_n.jpg



වෙල්ලස්සේ පැණි වාරය....

2016 ගෙවිලා ගිහින් 2017 ත් උදාවෙලා, හිතන්නත් කලින් මාස දෙකකුත් ඉවරයි. තිබුණු වැඩත් එක්ක page එකේ post එකක්වත් දාන්න බැරිවුනා. වැස්ස කාලෙත් එක්ක නැවතිලා තිබුණු ජනපද වල වර්ධනය මේ වෙනකොට පටන් අරගෙන. තාම රබර් වල කොල හැලෙන්න පටන් ගෙනත් නෑ. එක දෙක කහපාට වීගෙන එනවා. පැණි හදන්න කියලා හිතාගෙන තියාගෙන හිටපු ජනපදයක් අද උදේ නිකමට වගේ පරික්ෂා කරලා බැලුවා. පැණි පෙට්ටියක් පිරෙන්න පැණි පුරවලා. කිලෝ 3ක් 4ක් තියෙන්න ඇති. අද උදේට බඩ පිරෙන්නම කෑවෙ, රත්තරන් පාටට තිබුණු ඒ පැණි . ගොඩක් කන්න බෑ, මත්වෙනවා. සතුටටත් එක්ක, ගමේ ඉන්න පොඩි උන්ටයි, යාලුවොන්ටයි පැණි වද ටික ටික බෙදුවා. ඉතින් , කතා ඇති මිත්‍රයා... ඉස්සරහට එලබෙන්නේ වෙල්ලස්සේ පැණි වාරය. රටටම හොදම පැණි දෙන්න අප සූදානම්.....????

16835885_1782024388785407_2678914897166552741_o.jpg


පරාගනය.....

15826860_1753457884975391_135030185148224682_n.jpg


15380536_1739809193006927_2454611770444652325_n.jpg


15 bottles of wild bee honey are available in Kandy and Colombo. 100% pure with high nutritional value. Plz contact,

Isuru - 0712403117
0769730878

මීමැසි පාලනය පිලිබඳව පුහුණු පාඨමාලාවන්....

මීමැසි පාලනය සදහා අප රටේ පවතින්නේ ඉහල විභවයක් .අතිරේකව ඉහල ආදායම් ලබාගත හැකි මෙය ඕනෑම වයස් ක්ෂෙත්‍රයක කාන්තා , පිරිමි ඕනෑම කෙනෙකුට යෙදිය හැකි වීම විශේෂත්වයක්.මීපැණි සහ මීමැසි ජනපද සදහා වෙලදපලේ ඉහල ඉල්ලුමක් තිබීම මෙන්ම, ඒ සදහා ඉහල මිලක් ලැබීමද බිගු පාලකයන්ගේ ආදායම් ඉහල නැංවීමට හේතු වී තිබෙනවා.මතක තියාගන්න , අප රටට අවශ්‍ය මීපැණි ප්‍රමාණයෙන් 80%ක් තවමත් අප ආනයනය කරනවා.ඒ වගේම ලෝකයේ මීමැසි ගහනය සීඝ්‍රයෙන් වදවී යාමේ තර්ජනය මත අනාගතයේ බිගු පාලකයන් සදහා නිර්මාණය වන්නේ ඉහල ඉල්ලුමක්.ලංකාව තුල බිගු පාලනය සදහා විවිධ වැඩසටහන් පැවත්වුවද, බිගු පාලනය තුල රැදී සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයක් .නිසි සිද්ධාන්ත මෙන්ම නිසි ප්‍රායෝගික පුහුණුවක් නොලැබීම මීට ප්‍රධානතම හේතුව ලෙස දැක්විය හැක.මෙි සදහා විසදුම් ලබාදීමට අප සූදානම් අතර,අපගේ පුහුණු පාඨමාලාවන් ලබන ජනවාරියේ සිට ආරම්භ කිරීමට අප සූදානම් .එමගින් මීමැසි පාලනය පිලිබදව සියලුම සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික පුහුණුව , මෙයට සහභාගී වන්නන් සදහා ලබාදෙන අතර, ඔවුන් අප ආයතනයේ ලියාපදිංචි කරගැනීම සහ නිෂ්පාදනයන් අප විසින් මිලදී ගැනීමද සිදුකිරීමද සිදුකරනවා.ඉතින්,මේ සදහා කැමැත්තක් දක්වන ඔබටත් එවැනි පුහුණු වැඩසටහන් සදහා සහභාගි වන්න පුළුවන් .එසේත් නැතිනම්, ඔබ ප්‍රදේශයේ එවැනි පුහුණු වැඩසටහන් සංවිධානය කර අපට කතාකරන්න .

Isuru - 0712403117
0769730878
14671307_1707207332933780_3227241766376817303_n.jpg
14650164_1705328369788343_6988766163026146419_n.jpg
https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/14600907_1699748537012993_6939752308566468072_n.jpg?oh=dc90e421eb9c13abe22b6cb63ab18db8&oe=592A4BEE

14600907_1699748537012993_6939752308566468072_n.jpg


රැජින කෝෂ .........

ගිය සතියේ දවසක තමයි මේ කියන ජනපදය බෙදුවේ.රැජිනත් එක්ක ගත්ත ජනපදයෙන් කොටසක් වෙනත් තැනකින් තිබ්බට පස්සේ රැජින නැති කොටස අලුතින් රැජිනක් හදාගන්න මේ විදියට රැජින කෝෂ හදනවා.ජනපදය බෙදලා සතියකට පස්සේ, අද උදේ ආසාවටත් එක්ක ඒ ජනපදය පරික්ෂා කරලා බැලුවා .හිතුවා වගේම වැඩේ සාර්ථකයි .ඉතිරි වෙලා තිබුණු වද තුනේම මේ විදියට එකක රැජින කෝෂ 5 ගානෙ විතර හදලා.ඔක්කොම ගත්තම රැජින කෝෂ 15 ටත් වඩා තියෙනවා.මේ ගත්ත පිංතූරයේ කෝෂ ටික හොද පැහැදිලිව තිබුනට, ඔය හැම කෝෂයක්ම වහගෙන මීමැස්සෝ හිටියා.ඇයි ඉතින් උන් දන්නවා මේ උන්ගේ ජනපදයේ අනාගත උරුමක්කාරිය කියලා.දුම් ටිකක් ගහලා හරි අමාරුවෙන් තමයි පැහැදිලිව පේන ජායාරූපයක් ගත්තේ.ඒ තරම් ආදරෙන් ඔවුන් ඒවා ආරක්ෂා කරනවා.මොකද ඔවුන් දන්නවා මේ ඔවුන්ගේ ජනපදයේ අනාගත උරුමක්කාරිය කියලා.ඉතින් ආරක්ෂා නොකර බෑනේ.තාමත් ජනපදය බෙදලා සතියක්වත් ගිහින් නැතිනිසා,කෝෂ තවම මෝරලා නැහැ.වැඩකාර මැස්සන් ඔය විදියට කෝෂ උඩට වෙලා කරන්නේ කෝෂ අග මෘදු කරන එක.එතකොට රැජිනට එලියට එන්න ලේසිනේ.ඒ කාලෙ වෙනකොට තමයි කෝෂ අග දුඹුරු පැහැයට හැරෙන්නේ.බිගු පාලකයන් රැජින කෝෂ මෝරලා කියලා කියන්නේ අන්න ඒ කාලයට.කොහොම හරි තව සතියක් ඇතුලත මේ කෝෂ වලින් අලුත් රැජිනියන් එලියට එන්න පටන් ගන්නවා.එයින් හොදම රැජින මීමැස්සන් විසින්ම තෝරාගන්නා විදිය කලින් ලිපියක පලකලා මතක ඇති.මොනා වුනත් මේ විදියට ඉතිරි වන එකම රැජින හාහාපුරා කියලා මුලින්ම බිත්තර දාලා තියෙනවා දැක්කම එන සතුට සල්ලි වලට නම් ගන්න බෑ.බිගු පාලකයන් විදියට අපනම් එය හොදින්ම අත් විදිනවා....
14362609_1689178808069966_5700772310895311112_o.jpg



14316827_1688048758182971_8450348132113030257_n.jpg


14316895_1685891081732072_7179826525039202029_n.jpg

14192606_1683182785336235_3553643576309040878_n.jpg




මීමැසි පාලනය කරනවානම් මෙයා ගැනත් අවදානෙන්.....

කටුස්සා කියන්නේ මාංශ භක්ෂක සත්ත්ව කොට්ඨාසයක්.විශේෂයෙන්ම සහජයෙන්ම මොවුන්ට හිමිවී තිබෙන, ක්ෂණිකව වේගයෙන් ක්‍රියාත්මක කල හැකි දිව මෙලෙස විශේෂයෙන්ම කෘමි සතුන් දඩයම් කිරීම සදහා යොදාගන්නවා.නිශ්චලව මෙන්ම චලනය වෙමින් සිටින කෘමි සතුන්ද මොවුන්ගේ පහසු ගොදුරු බවට පත්වන්නේ මේ නිසාමයි.කෙසේ වුවත් සාපේක්ෂව ඉහල පියාසර වේගයක් තිබෙන මීමැස්සන්ව පියාසර කරමින් සිටින විට අල්ලා ගැනීම අපහසු කරුණක් .මී මැස්සන්ගේ පියාසර වේගය සාමාන්‍යයෙන් පැයට හැතැප්ම 15ක් පමණ වෙනවා.කෙසේ නමුත් තම දඩයම ලබා ගැනීමට කටුස්සන් පසුබට නොවන අතර,ජනපදයේ දොරටුව අසලටම පැමිණ හෝ බිගුන් දඩයම් කිරීමට ඔවුන් පෙලබෙනවා.මෙය වන්නේද බිගු පාලනයේදී සිදුවන සුළු නොසැලකිලිමත්කම් හේතුවෙන්මයි.

සාමාන්‍යයෙන් බිගු පිහිටුවීමේදී ජනපදයේ අවට තිබෙන ගස්වල අතු හෝ පදුරු ආදිය නොගෑවෙන පරිදි පිහිටුවීම වැදගත්.මොකද, කටුස්සන් පොලව දිගේ ගමන් කර,ජනපදයට ලගා වීම සාමාන්‍යයෙන් සිදුනොවන අතර,ඔවුන් බොහෝවිට ජනපදයට ලගාවීම කරන්නේ ඉහත පැවසූ ආකාරයට අතු හෝ පදුරු ආධාරයෙන්.පහත රූපයෙන් පෙන්වා ඇති ජනපදය අවට තිබෙන මානා පදුරු හේතුවෙන් ,මොවුන් පහසුවෙන්ම ජනපදයට ලගාවනු දැකගත හැකිවූවා.ඔබ දැනටමත් බිගු පාලනයේ යෙදෙන්නෙක් හෝ යෙදීමට බලාපොරොත්තු වන්නේ නම් මේ පිලිබදවත් සැලකිලිමත් වන්න.මොකද,එක් මී මැස්සෙක්ගෙ ජීවිතයක් වුවද පරිසරයේ පැවැත්මට ගොඩක් වටින නිසා......

මෙන්න නියම අලි වැටවල්......

අලි-මිනිස් ගැටුම, වර්තමානයේ දැඩි අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා.විශේෂයෙන්ම,වනාන්තර විනාශ කිරීම නිසා, අලින්ට තිබූ වාසස්ථාන වනාශ වීමත්,මේ හේතුවෙන් ඔවුන් ආහාර සදහා වගාබිම් කරා පැමිණීමත් මෙයට හේතුවයි.මේ හේතුවෙන්,ගොවියාගේ වගාබිම් වලට සිදුවන හානිය මිල කල නොහැකි අතර,ඇතැම් විට තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට ගොවියාට සිදුවෙනවා.අනික් අතින් ලංකාවේ අලි ගහනය සීඝ්‍රයෙන් අඩුවී යාමෙි තර්ජනයට අප මුහුණ පාන්නේද,මෙම අලි මිනිස් ගැටුම හේතු කරගෙනයි.කෙසේ වුවද, මෙම අර්බූදය අවම කරගැනීම සදහා, විදුලි වැටවල් යෙදීම වර්තමානයේ එකම විසදුම බවට පත්වෙලා තියෙනවා.නමුත්, ඒ සදහා අධික වියදමක් දැරීමට සිදුවන අතර,කුඩා ගොවිබිම් සදහා මෙය යෙදීම ප්‍රායෝගික වන්නේද නැහැ.ඒ වගේම,අලින්ට මෙන්ම මිනිසාටද මෙය අන්තරාදායක දෙයක්.කෙසේ වුවද,මෙි සදහා විසදුමක් ලෙස අලි වැටවල් සදහා මී බිගුන් භාවිතා කිරීම සාර්ථක විකල්පයක්.අද ලිපිය ඒ පිලිබදවයි.

අලි ඇතුන්,මී බිගුන් සදහා අධික බියක් දක්වන සත්ව කොට්ඨාසයක් බව පරීක්ෂණ වලින් හෙලිවුන කරුණක්.විශේෂයෙන්ම,බිගුන්ගේ " ගුමු,ගුමු" ශබ්දයට පවා මොවුන් ඉමහත් බියක් දක්වනවා.එම ශබ්දයක් ඇසුනවිට පවා ඔවුන් එම ස්ථානයෙන් ඉක්මනින් පලායනවා.එයට හේතුව,බිගුන්ගේ විත් පහරවල් අලින්ට ඉමහත් වේදනාවක් ගෙන දීමයි.මෙම සංසිද්ධිය අප්‍රිකානු වගාබිම් වලට යොදා ගන්නා අතර, එය මේ වනවිට ඉමහත් සාර්ථකත්වය ට පත්වුනු ව්‍යාපෘතියක්.ඒ වගේම මෙහි එක් ව්‍යාපෘතියක් " bee society lanka " මගින් ක්‍රියාත්මක කලා.මෙහිදී සිදුකරන්නේ, ගොවිබිම් මායිම් වල ජායාරූපයේ දැක්වෙන ආකාරයට කිසියම් පරතරයකින් ජනපද ස්ථාපනය කිරීම වන අතර, එක් එක් ජනපදයක් ලනුවක් මගින් සම්බන්ධයි.අලින් මේ හරහා යාමට උත්සාහ කිරීමේ ජනපද වල සිදුවන ව්‍යාකූල තත්වය නිසා ඔවුන් එම ස්ථානයෙන් ඉක්මනින් ඉවත් වීමට හේතු වෙනවා.අප්‍රිකානු ගොවින් මෙය ඉත් සාර්ථකව ක්‍රියාත්මක කරන අතර,එයට අමතරව බිගුන් විසින් භෝග පරාගනය කිරීම , පැණි ලබාදීම ද ඔවුන් ලබන අමතර වාසිලෙස හදුන්වන්න පුළුවන්.
අධික වියදම් දරා අලි වැටවල් ඉදිකර දෙනකම් සිටිනවාට වඩා,තම ගොවි බිම් සදහා මෙම අත්හදා බැලීම කල හැකි දෙයක්.මොකද,සාර්ථකත්වය සදහා උත්සාහය අනිවාර්යය දෙයක් නිසා.උදව් කිරීමට Wellassa Bee Honey , අපි සූදානම් ......
14053989_1677202815934232_4228244459352550129_n.jpg


 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    බිගු පාලනය පට්ටම වැඩකි....

    අපේ ගෙදර ලොකු මී පැණි බෝතලයක් තියෙනවා ඒත් ඒකට කුඹි ගිහින් පැණි ගන්නකොට පොඩි පොඩි කුඹි කැලිත් එනවා විසි කරන්නත් දුකය් කෑවොත් අව්ලක් වෙය්ද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ ගෙදර ලොකු මී පැණි බෝතලයක් තියෙනවා ඒත් ඒකට කුඹි ගිහින් පැණි ගන්නකොට පොඩි පොඩි කුඹි කැලිත් එනවා විසි කරන්නත් දුකය් කෑවොත් අව්ලක් වෙය්ද
    මේස් බැනියමකට දාල පෙරපං කෝ යකෝ බෝතලේ ම....
    විසි කරන්නේ අහවල් එහෙකටෙයි!
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මේස් බැනියමකට දාල පෙරපං කෝ යකෝ බෝතලේ ම....
    විසි කරන්නේ අහවල් එහෙකටෙයි!

    එල එල .දිය උනූ ඒවා අව්ලක් නැද්ද කුබි ගිහින් අව්රුද්දක් විතර ඇති
     

    janish05656

    Well-known member
  • මචන්..නියමට නූල දාලා තියනවා,,සෑහෙන්න දෙයක් දැනගත්තා..පොඩි ප්‍රශ්නයක් තියනවා මචන්..
    කටුස්සා මීමැස්සන්ට වැඩේ දෙන්න එද්දි ජනපදය ආරාක්ශාකරන මීමැස්සන් ඌට අනින්නේ නැද්ද බන් මැරෙනකන්??

    එල පෝස්ට එක..රෙප් දෙන්න බෑලු මචන් නයා :no:
     
    Last edited: