පාන්පිටි සහ පැනඩොල් කුඩුවලට මාස ගණන් හිරේ

banda065

Well-known member
  • Apr 20, 2007
    4,500
    6,188
    113
    "සාමකාමීව තිබුණු හිරගෙදරට සිවිල් ඇඳුමෙන් පැනපු 30කගේ බුද්ධි බලකාය" කැරැල්ල යළි ඇවිළූ හැටි; ඝාතන රැල්ලට හේතුව හදිසි මෙහෙයුමක්

    "රස පරීක්ෂක පුරප්පාඩු 121ක් තියාගෙන ඇමති බයිලා කියනවා" - පාන්පිටි සහ පැනඩොල්වලට 54 වගන්තිය ගසා 15,000ක් ඇප නැතිව මාස ගණන් හිරේ ගාල් කරලා

    ධාරිතාවය 13,000යි, රැඳවියන් 41,000යි; අධිකරණයේ උසස්වීම් ගන්න සහ පොලිස් 'ටාගට්' කවර් කරන්න මිනිස්සු හිරේ දාන දූෂිත ව්‍යාපෘතියක්

    මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ලේවැකි සමූහ ඝාතනය, පළමු දින ගැටුමෙන් පසු සාමකාමී තත්ත්වයට පත්ව තිබූ පරිශ්‍රයකට රාජ්‍ය පාර්ශවයේ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් සිවිල් ඇඳුමෙන් ඇතුළු වී සිදුකළ අත්තනෝමතික මෙහෙයුමක සෘජු ප්‍රතිඵලයක් බව 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    අද (07) කොළඹ මල්පාරේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දැක්වූ එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් අවධාරණය කළේ, රජය භාරයේ සිටින රැඳවියන්ට පොලිස් නිලධාරියෙකු විසින් කුඩා කවුළුවකින් ඇතුළට 'ඕපන් ෆයර්' (සෘජුව වෙඩි තැබීම) සිදුකර ඇති බවත්, මියගිය බහුතරයක් දෙනා එම මිලේච්ඡ ක්‍රියාවෙන් ඝාතනය වී ඇති බවත්ය.

    කැරැල්ල යළි ඇවිළූ රහසිගත බුද්ධි මෙහෙයුම

    පළමු දින සිදුවීමෙන් පසු පාලනය කර තිබූ බන්ධනාගාරය තුළට ජූලි 6 වැනිදා උදෑසන සිවිල් ඇඳුමෙන් සැරසුණු බන්ධනාගාර බුද්ධි අංශයේ යැයි කියන 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළු කර තිබේ.

    සිවිල් ඇඳුමෙන් ගිය නිලධාරීන් බිලිවීම:
    බන්ධනාගාරය ඇතුළට පැන කලබලකාරී වාතාවරණය නිර්මාණය කළේ මෙම කණ්ඩායම වන අතර, රැඳවියන්ගේ ප්‍රහාරයට ලක්ව ඝාතනය වූ සහ තුවාල ලැබූ බහුතරය මොවුන්ය. පැමිණි 30 දෙනාගෙන් 22ක්ම මේ වන විට තුවාල ලබා ඇති බව හෙළි වේ.

    අධිකරණ ඇමතිවරයාගේ කුමන්ත්‍රණ:
    බන්ධනාගාර තුළ මිනිස් ජීවිත විනාශ වෙද්දී, අධිකරණ ඇමතිවරයා ඒ පිළිබඳව තොරතුරු සොයන්නේ සමාජ මාධ්‍ය හරහා බව තෙන්නකෝන් චෝදනා කරයි. ඇමතිවරයා මේ දිනවල බන්ධනාගාර ගැන සොයනු වෙනුවට අගවිනිසුරුගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවන් සමඟ දේශපාලන සාකච්ඡාවල නිරත වන බවත්, වගකීමක් ඇත්නම් ඔහු වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.

    215%ක අධික තදබදය සහ 'මිනිස්සු හිරේ දැමීමේ' ව්‍යාපෘතිය

    ලංකාවේ සමස්ත බන්ධනාගාරවල උපරිම ධාරිතාව 13,241ක් වුවද, 2026 ජූලි 3 වන විට රැඳවියන් 41,250ක් රඳවා තබා ඇත. මෙය 215%ක අසාමාන්‍ය අතිරික්තයකි.

    ඇප දීමට විරුද්ධ වීමේ මාෆියාව:
    ඇප ලබාදීම මූලික රීතිය වුවද, පොලීසිය සහ අල්ලස් කොමිසම කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සෑම සැකකරුවෙකුගේම ඇපවලට විරුද්ධ වීම සාමාන්‍ය ව්‍යවහාරයක් බවට පත්කර ඇත. අධිකරණ ක්ෂේත්‍රයේ උසස්වීම් ලබාගැනීමට නම් වැඩිම පිරිසක් හිරේ දැමිය යුතුයි යන මතයක විනිසුරුවන් සහ පොලිස් නිලධාරීන් සිටීම මෙයට හේතුවයි. මේ වන විට සමස්ත රැඳවියන්ගෙන් 73.8%ක්ම සිටින්නේ ඇප දිය හැකි වැරදිවලට රිමාන්ඩ් කර ඇති සැකකරුවන් ලෙසය.

    පාසල් වසා බන්ධනාගාර පිරවීම:
    ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ හොරු අල්ලන මුවාවෙන් මිනිසුන් රිමාන්ඩ් කර මාධ්‍ය සංදර්ශන පැවැත්වීමයි. මේ යටතේ භික්ෂූන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, රාජ්‍ය සේවකයන් මෙන්ම ව්‍යාපාරිකයන් සිය ගණනක් හිර කර ඇත. ආණ්ඩුව පාසල් වසමින් බන්ධනාගාර පුරවන තත්ත්වයට පත්ව ඇතැයි ද, වරදකරුවන් වී සිටින පිරිසෙන් 43%ක්ම අන්ත අසරණ, දඩ මුදල් ගෙවාගත නොහැකි දුප්පත් මිනිසුන් බව ද එහිදී අනාවරණය විය.

    54 වගන්තියේ ඇටවුම සහ රස පරීක්ෂක පුරප්පාඩු

    විෂ අබිං සහ මත්ද්‍රව්‍ය පනතේ 54 වගන්තිය යටතේ පොලීසිය විසින් සිදුකරන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් බන්ධනාගාර පද්ධතිය පුපුරා යාමට ප්‍රධාන හේතුව වී තිබේ.

    පාන්පිටි සහ පැනඩොල් කුඩුවලට මාස ගණන් හිරේ:
    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ 'කුඩු නාට්‍ය' යටතේ අත්අඩංගුවට ගත් දහස් ගණනක් මහෙස්ත්‍රාත් අධිකරණවලින් ඇප නොලබා රිමාන්ඩ් වී සිටිති. රජයේ රස පරීක්ෂක වාර්තා ලැබුණු පසු ඒවා පාන්පිටි හෝ පැනඩොල් පෙති කුඩු බව තහවුරු වන නමුත්, එම වාර්තා ප්‍රමුඛතාව මත ලබාගැනීමට ක්‍රමවේදයක් නැත.

    රජයේ රස පරීක්ෂක පුරප්පාඩු 121ක්:
    රස පරීක්ෂක වාර්තා නොමැතිකම නිසා පමණක් මාස 3ක් හිරේ ඉන්නා පිරිස 6,336කි. මාස 3-6ත් අතර 4,904ක් ද, මාස 6-12ත් අතර 3,706ක් සහ වසරකට වැඩි කාලයක් ඇප නොලබා සිරගතව සිටින පිරිස 728කි. ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විමධ්‍යගත කරන බවට පොරොන්දු වුවද, මේ වන විට එහි වෘත්තීය තනතුරු 121ක් පුරප්පාඩුව පැවතීම හේතුවෙන් සමස්ත යුක්ති පසිඳලීමේ ක්‍රියාවලියම අඩාල වී ඇති බව රජිත් කීර්ති තෙන්නකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


    පොලිසියෙ චෙක් කරන එකාට උඹෙ ඩයල් එක ඇල්ලුවෙ නැත්නම් හරි
    උඹෙ තරහකාරයෙක් / ගෑනිගෙ හොර මිනිහ පොලීසියෙ එකාට උඹ හිරෙ යවන්න කන්ට්‍රැක්ට් එකක් හරි දුන්නොත්
    එහෙමත් නැත්නම් OIC ගෙ monthly target එක කවර් කරගන්න කුඩ්ඩො හොයන වෙලාවක උඹට එතනින් ගමන්ක් යන්න ඕනි වුනොත් හරි

    පාන් පිටි ටිකකට උනත් අවුරුදු ගානකට රිමාන්ඩ් කරවලා කුඩ්ඩෙක් කරලා
    ගහල මරපල්ලා කියන සමාජ මතය ගොඩනගන්නත් පුලුවන් තරම් සුපිරි රටක අපි ඉන්නෙ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,914
    9,349
    113
    එක තැනක නෑ
    ඕවා කියන්න එපා. කිරියෙ පොලීසියේ තාත්තලා ඉන්න කිරිසප්පයෝ ටික ෆයර් වෙනවා. උන් කියන්නෙ පොලීසිය කියන්නෙ සුදු ඇදන් හතර පෝයට සිල් ගන්න උන් කියලා.
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    716
    983
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ඕවා කියන්න එපා. කිරියෙ පොලීසියේ තාත්තලා ඉන්න කිරිසප්පයෝ ටික ෆයර් වෙනවා. උන් කියන්නෙ පොලීසිය කියන්නෙ සුදු ඇදන් හතර පෝයට සිල් ගන්න උන් කියලා.
    සිල් නෙවේ දසසිල්
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,349
    2,405
    113
    රස සාගරයක් යස ආකරයක් යසපාලිත නානායක්කාර ගේ පුතා හර්ශණ නානායක්කාර ගේ වැඩක්
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,083
    12,613
    113
    🤍
    මෙහෙම දෙයක් අපිට නොවෙන්න මොනවද කරන්න ඕනේ?


    මෙහෙම දෙයක් නම් උනොත් පුතෝ... වෛරයෙන් වෛරයෙන් නොසන්සිදුනත් කමක් නෑ... බොරුවට නඩු පටවපු එකයි උට පව්ලක් ඉන්නවන්ම් ඔක්කොම මරණවා.
     
    • Like
    Reactions: Naughty_kiththa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,006
    49,316
    113
    සේදවත්ත
    අනිවාර්යයෙන් මේ ත්‍රෙඩ් එක හරි . පොලිසිය කියන්නේ කැරිම දුශිතයි. මානසික අමාරුකාරයෝ ඉන්නේ ඕකේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,273
    25,459
    113
    එහෙම නිකන් උන් උස්සන්නේ නැහැ. පොලිස් බුද්දිකලා දාල පාවිච්චි කරන, ළඟ තබාගන්නා සහ විකුණන එවුන් list කරලා තියෙන්නේ.... උඹ ගංජා ගන්න නොදන්න පලාතකට ගියොත් උඹව පාවල දෙන්නේ විකුණන එකාමයි.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    මේක නම් ඇත්ත.. මතක ද එක පාරක් අතේ තියන කුඩු පැකට් එකක් හරි ගංජා පැකට් එකක් හරි වාහනේ අස්සේ දාලා මාට්ටු කරන්න හදලා video කරලා ඒක fb දාලා police උන්ව නෝන්ඩි කරා..
    ඒ වගේ පජාත වැඩ කරන්නේ police උන්