“ඔව් මම පොන්නයෙක්”
•
මෙහෙම කියන එක Radical ද? සැර වැඩීද? Controversial වැඩීද? මේකේ ඔයාලට Effect එක ඔයාලා තීරණය කරන්න, හැබැයි මන් මේක කිව්වෙ සරලම සරල Psychology එකක් ඔළුවෙ තියාගෙන, “තව මනුස්සයෙක් කියන වචනයක් අපිට අපහාසයක් වෙන්නෙ, අපි ඒක අපහාසයක් කරගත්තොත් විතරයි, එහෙම නැත්තන් ඒක තවත් නිකන්ම නිකන් වචනයක් විතරයි”...
•
හොඳම උදාහරණයකට ගන්න මේ “පොන්නයා” කියන වචනෙ, මේ වචනෙත් එක්ක LGBTQIA+ Community කට්ටියට තියෙන Trauma ඔයාලට හිතාගන්නත්වත් බැහැ, ඔයාලා ආතල් එකට පොඩි Ha Ha Moment එකකට කියන ඒ වචනෙ ඇති තවත් කෙනෙක්ට Suicidal Thoughts දෙන්න...
•
ඉතින් ඇයි අපි එහෙම බලයක් අනිත් මනුස්සයට දෙන්නෙ, අනිත් මිනිස්සු නිකන් ඉන්න බැරුවට අපිට කරන අපහාස ඇයි අපි අපහාස විදිහට බාරගන්නෙ? එයාලා ඒවා අපහාස විදිහට හිතාගෙන කිව්වා කියලා අපිත් ඒවා ඒ විදිහටම බාරගන්න ඕනෙ නැහැනෙ? තවත් මනුස්සයෙක් අපිට කියන මොනමහරි වචනෙක බලපෑමක් තියෙන්නෙ අපි ඒක බලපෑමක් කරගත්තොත් විතරයිනෙ? ඉතින් අපිට පුළුවන්නෙ අපේ පැත්තට ඒ වචනෙන් තියෙන බලපෑම අහක් කරගන්න? එතකොට ඒක අපිට නිකන්ම නිකන් තවත් වචනයක් විතරයිනෙ...
•
මෙතන අපි කිව්වෙ LGBTQIA+ කට්ටිය විතරක් නෙමෙයි, අපි හැමෝටම, වෙනස් විදිහට ජීවත් වෙන නිසා “බැනුම්”අහන හැමෝටම, ඒවා බැනුම් නෙමෙයි ළමයි, ඒවා අපහාස නෙමෙයි, ඒවා Hate Comments නෙමෙයි, නිකන්ම නිකන් තවත් වචන set එකක් විතරයි, හිත රිද්දගන්න විදිහට ඒවා අදාළ කරගන්න එපා, Reaction එකක් ඕනෙමනන් “Hate Comments” කියලා Comment කරලා තියෙන ටික අල්ලලා බඩ පැලෙන්න හිනාවෙන්න, Ha Ha Reaction එකක් දෙන්න, එච්චරයි, කියන මිනිස්සුන්ගෙ ඔළුවෙ ඒවා ගැන හිතන් ඉන්න විදිහ එයාලා බලාගනී, ඒවා අපිට අදාළම නැහැ...
•
මතක තියාගන්න අපේ Control එකේ තියෙන්නෙ අපි කොයි විදිහට දේවල් බාරගන්නවද, අපි කොයි විදිහට දේවල් වලට React කරනවද, අපේ සතුට අපි කොච්චක් දුරට බලාගන්නවද කියන එක විතරයි, අනිත් මිනිස්සු කියන කරන එව්වා අපේ Control එකේ නැහැ, අපිට බලෙන් ගිහිල්ලා එයාලගෙ කටවල් වහන්නත් බැහැ, එයාලගෙන් හොඳ අහගන්න ඕනෙවට අපේ අනන්‍යතා හංගන් දුක් විඳින්නත් බැහැ, අයෙත් අනිත් පිටට එයාලට අපහාස කරලා එයාලගෙ මානසික මට්ටමට අපිට වැටෙන්නත් බැහැ, අපේ Control එකේ තියෙන එකම දේ අපි දේවල් බාරගන්නෙ කොහොමද, ඒවා අපිට අදාළ කරගන්නවද නැද්ද, ඒවට අපි Reaction එකක් දෙනවද නැද්ද, කියන ඒවා විතරයි...
#thilinaanoma #transman #visibility #psychologygraduate #srilanka