ඉතිරියක් කියන්නෙ ඉතිං නිකං emergency fund එකක් වෙනවා කොහොමත් emergencyයක් ආව ම.Emergency Fund එකයි, අදායම් මාර්ගය නැති වුනොත් අහවල් කාලයක් දක්වා කිසි ආදායමක් නැතුව survive වෙන්න පුලුවන් ඉතිරියකුයි කියලා දෙකක්ම තියෙන්න ඕනේද බන්
හැබැයි අද කාලෙ සල්ලි ඉතුරු කරලා තියෙනවා කියන්නෙ පස්සෙ ගන්නකොට ඒකෙ අගය අඩු වෙනවා. අද ලක්ෂයෙන් කරන දේවල් මාස තුනකින් වත් ඒ ගානට කරන්න බෑනෙ. වඩා වටින්නෙ passive income එකක්. ලැබෙන මුදල් කාලයට සාපේක්ෂ වටිනාකමකින් ලැබෙන නිසා.
හෙන ගහන ඇත්තක්.Show off එකට උදාහරණයක් මතක් උනා, මන් දන්න එකෙක් හිටිය, 2015 වගේ, උගේ සැලරි එක ඒ කාලෙ 60ක් විතර, ටිකක් ලොකු ගානක් ඒ කාලෙ, මූට අලුත් ඇපල් ෆෝන් එක ගන්න ඕන වෙලා 150 ද කොහෙද පර්සනල් ලෝන් එකක් ගහල ඒක ගත්ත.
Result එක.
මාසෙන් ෆෝන් එකේ කික් එක ඉවරයි
අවුරුදු තුනක් හරි හතරක් හරි යද්දි ෆෝන් එක ඉවරයි
අවුරුදු පහක් විතර වෙද්දි මූ පොලිය එක්ක ලක්ශ තුනක් වත් ලෝන් එකට ගෙවල ඇති.
හැම වෙලේම disposable දේවල් phones, tabs, lap ගන්නව නම් ඒ සල්ලි ගැන ආයෙ හිතන්නෙපා ඒව investment නෙවෙයි. කෙලින්ම අතෑරල දාල අමතක කරන්න පුලුවන් සල්ලි දීල ගන්න, ලෝන් නම් ගන්නෙපා unless you are making money on those.
උබේ පඩිය ලක්ශ දහයයි නම්, ලක්ශ තුනක ෆෝන් එකක් නතිං නම්, ගානක් නැත්තම්, ෆෝන් එකත් ඕනම නම් ඒක ගනින්, කුනුකමට ඉන්නත් එපා, හැබැයි ඒක ගියා ගියාම තමයි...
උඩ එකා නෝමල් ෆෝන් එකක් අරං, මාසෙට දහදාහ ගානෙ ඉතුරු කරා නම් ලක්ශ හතරකට එහා interest එකත් එක්ක අතේ සල්ලි (Investment එකක් කරා නම් මේක ඩබල් වෙන්නත් පුලුවන්)
------ Post added on Jul 6, 2026 at 12:36 PM
ලියපන්කොමගේ දියුණුව ගැන මම තෘප්තිමත්.
ඉදියේ ලෑලි ගෙදර ---------- >> ලබන මාසේ සිට ලක්ශ 270ක් දීලා ගත්ත ගෙදර.
කතාවේ මූලිකයා තාත්තා. තාත්තා කටු කෑවා අනන්තයක්. මම කටු කෑවා මිලියනයක්. තාමත් ගේමේ. කෙලවිලා රෙවිලා ඉදියා හැමදේටම මූලික උන කරුනු ටික,
01. මොන ප්‍රශ්නේ ආවත් විසදුමක් තමා දකින්න ඕනා ප්‍රශ්නේ නෙවේ.
02. තමන්ට සතයක් අතේ නැති උනත් හිගන ජීවිතයක් ගෙව්වත් කාගෙවත් රුපියලක්වත් හොරකම් කරන්නේ නැති අවංකයෙක් වෙන්න. සල්ලි නැති උනත් ඒ කොලිටිය කෝටියක් වටිනවා. මිනිස්සු උබව රෙකමන්ඩ් කරනවා, විශ්වාස කරනවා, වැඩට ගන්නවා, වැඩ භාරදෙන්න දෙපාරක් හිතන්නෑ. කෝටි ගානක වත්කමක් උනත් විස්වාසේ උඩ භාරදෙනවා. (මට මේක උනා )
03. ලෝකෙට පේන්න නෙවේ ඇත්තටම හොද මනුස්සයෙක් වෙන්න.
මම ඇත්තටම හොද චරිතයක්. මඩේ ඉපදිලා මඩේ වැටෙන්නේ නැතුව ඉන්නවා වගේ. මම ආයතනයකට වැඩට ගියා මාව ගත්තේ ඒකේ ජෙනරල් මැනේජර්ගේ යාලුවෙක් මට උදව් කරලා සුදුසුකම් බැලුවේ නෑ.යාලුවගේ කීමට. (ආයතන කිහිපයකම වැඩ කරා. ජොබ් නැතුව ගෙදරත් ඉදියා) මට පේපර් කොලිෆිකේශන් අඩුයි. හැබැයි ඉන්ග්ලිශ්, ගණන් , ඒ.හැම දෙයක්ම මේ ජොබ් එකට ඉහටත් උඩින් තිබ්බා. මනුස්සකමයි ,හොරබොරු නැතිකමත් කෝටි ගානක් ඉස්සරහින්.
ජෙනරල් මැනේජර් එක්ක මගෙ ඩිවිශන් ලොක්කා අව්ල් යටින් තදටම. මම කේලම් කියනවා කියලා හිතලා පට්ට වදයක් දුන්නේ.අනික් එක මම හොද නිසා කට්ටිය මට සෑහෙන්න කැමති.මගේ නම එහෙන් මෙහෙන් රෙකම්න්ඩ් වෙනවා. ඩිවිශන් ලොක්කා මාව දවල්ට ඔෆිස් එකෙන් එලියේ තියනවා එක එක අදාල නැති වැඩ දීලා ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහෙනවා. ඒවා මම රෑ එලි වෙනකම් ඇදලා යන්නේ. එලියේ වැඩට ගියාම මම ඒ වැඩේ සුපිරියටම කරලා එනවා මට මිනිස්සු මුන ගැහෙනවා කන්ටැක්ට් හැදෙනවා. උන් මම කරන වැඩේ ගැන සැටිස් හොදටම. අර යකා මට උඩ පැන පැන වද දිදී මාව තලනවා. මම ඒවා ගනන් ගන්නේ නැතුව දවසින් දවස මුවහත් වෙනවා.
අපේ කොම්පැනියට සප්ලයි දෙන තනි පුද්ගල ආයතන එහෙම මාව.අදුර ගන්නවා. මගේ වැඩ ගැන එහෙම. ඔය අතර ඉන්න එක කොම්පැනියක අතිකාරයෙක් (තාත්තා ගැනත් දන්නවා අවංක මිනිස්සු කියලත් දන්නවා) කතා කරලා එයාගේ ආයතනය කරගෙන යන්න භාර දෙනවා. හොරකම්වලින් පිරිච්ච තැනක්. තාත්තයි පුතයි දෙන්නම එකතු වෙලා වැඩේ ගොඩ දාගෙන යනවා. ලාබයෙන් යම් කොටසක් අපට එනවා හොරබොරු නැතුව යනවා.
ආයතනයේ ලොක්කා බලනවා අපිව ටෙස්ට් කර කර අවංකද කියලා අපි. අපිත් මහන්සිවෙලා වැඩෙ ගොඩ දානවා. ලොක්කා ආයතනය සල්ලි වලටම ගන්න කියලා වාරික විදිහට ගෙවන්න කියලා ඒ එන සල්ලි වලින්ම බාර දෙනවා. ආයතනය අපිට එනවා සේවකයෝ එක්කම. අපි මාසෙට ගානක් ගෙව ගෙව ආයතනය ටික ටික ගන්නවා. ඒ ලොක්කට තවත් ඒ වගේ කම්පැනියක් අහම්බෙන හම්බෙනවා. ඒක එයා අරන් ඒක බලන්න ඒකේ ලොක්කා විදිහට මාව ගන්නවා. ආයතන දෙකයි. ඒකේ එකක් අයිතිය @Morbius ලොක්කට.අනික් එකෙ මැනේජ්මන්ට් එකේ අයිතියත් @Morbius ලොක්කට. කෙටියෙන් කිව්වේ. මේකේ තව කෑලි බෑලි හෑලි ගොඩක් තියෙනවා එක එක කාලවල එක එක සිද්දි. මේවා ලියන්න ගියොත් ගොඩක් ලියන්න වෙනවා. සාරාංශය විතරයි.
------ Post added on Jul 6, 2026 at 1:10 PM
