2026.08.17 ඊයෙ උදේ තමා මට වැඩ බාර ගන්න තිබ්බෙ.ඉතින් ඊයෙ උදේ පාන්දරම අම්මායි තාත්තයි එක්ක තියන බඩු සේරමත් පටවගෙන අනුරාධපුරෙන් අම්පාරට එන්න පිටත් උනා.ඇත්තටම මුලදි මුලදි ටිකක් සැහැල්ලුවෙන් ගමන පිටත් උනත් යන්න කිට්ටු වෙනකොට ඇත්තටම මට ට්‍රැක පයින්න ගත්තා.
"දෙයියනේ අද ඉදලා ආපහු තනියම ජීවිතේට මුහුන දෙන්න ඕන නේද?,ආපහු මුල ඉදන් ගේම ගහන්න ඕන නේද?,මට පුලුවන් වෙයිද මේ දේ කරගන්න?" මේ වගෙ දහසක් දේවල් ඔලුවට ගලන්න පටන් ගත්තා.ඒත් කමක් නෑ කියලා දරාගෙන හිටියා.කොහොමෙන් හරි අදාල ඔෆිස් වැඩ අහවර කරලා මම ඊලගට කලේ කෙලින්ම මම වැඩ බාර ගන්න අදාල Rehabilitation hospital එකට ගිය එක.එතන ටිකක් වෙලා මගෙ unit incharge එක්ක වැඩ කරද්දි අම්මලා කෝල් කලා. එයාලට ඉක්මනින් යන්ඩත් ඕන,ඒ හන්දා එන්න බඩු ටික ක්වාටස් එකට බාලා දාමු කියලා......
ඉක්මනට අම්මලා යනවනෙ කියන සිතුවිල්ල එද්දිම උබලට කියන්න මගෙ පපුව හිරවෙන්න ගත්තා.මම යගුලියක් ගිල්ල වගෙ හැඟීමක් මට එන්න ගත්ත.මේ එක්කම මට මහා තනිකමක් දැනෙන්න ගත්තා.පස්සෙ ආයෙ මහ ඉස්පිරිතාලෙට ඇවිල්ලා බඩු බාලා අම්මලා එක්කම දවල්ට කාලා අම්මලා පිටත් වෙන්න හදද්දි මට මහ හයියෙන් ඇඩුනා බන්



.ඉවසගන්න බැරි තරන් දුකක් ඒක...මට මේ ජොබ් එකත් දමල ගහලා අපේ වාහනෙටම නැගලා ආයෙම අනුරාධපුරේ එන්න හිතුනා.ඉතින් අඩ අඩම අම්මලාට සමුදුන්න.ඊට පස්සෙ ඩිරෙක්ටර් සර් හම්බ වෙලා අපි වැඩ බාර ගත්ත බව දැනුම් දුන්නා.ID කාඩ් හදන්න ෆොටෝ එහෙම දීලා ඒ වැඩත් ඉවර කරගද්දි off වෙන්න වෙලාවත් හරි.එහෙමම off වෙලා ක්වාටස් ඇවිල්ලා බඩු අස් කලා.වොශ් එකක් දාන් ඇදට වැටිලා එහෙමම නිදාගත්තා.කඩින් කඩ යාලුවො, GF,අම්මලා,නංගිලා,අක්කා ,මගෙ හොදම බොක්ක වගේ ලගම අය කතා කලා.කොහොම හරි රෑට බඩගින්නකුත් නැති එකේ එහෙමම නිදාගත්තා.අම්මලාත් පරිස්සමින් රෑ එකොලහට වගෙ ගිහිල්ලා තිබ්බ.
රෑත් කොහොම හරි ලාවට ලාවට ගෙදර හීනෙන් මතක් වෙන්න පේන්න ගත්තා.ඒත් හොද නින්දක් දැම්මා මම.අද උදේ හතට duty report කලා.තවම pt ලා කවුරුත් ඇවිල්ල නෑ.
වෙලාවකට මම රජයෙ නිලදාරියෙක් උන එකත් ,මාර වෙහෙසක් අරන් මේ රස්සාව ගත්ත එකත් ,මේ පලාතේ ඉන්න අහිංසක මිනිස්සු/දරුවො සුව කරල ලබන තෘප්තිය,අලුත් වටපිටාවක අලුත් ගමනක් ගිය එකෙන් හම්බෙන සතුටෙන් මගෙ හිත පිරිලා යනවා.කවදාහරි පඩියත් අරන් තෑගිත් එක්ක රජෙක් වගෙ අනුරාධපුරේට යන හැටි හිතෙන් මවාගෙන මම සතුටු වෙනවා

තවත් වෙලාවකට මට අම්මා තාත්ත පවුලෙ අය ,හොඳම යාලුව,ගෙදර පූස් ලා දෙන්නා,මගෙ බයික් එක,අනුරාධපුරේ වටපිටාව වගෙ දේවල් නිතර මතක් වෙනව.එතකොට නම් පපුව ගැලවෙන වේදනාවක් එනවා.ඒත් හැමදාම comfortable zone එකේම ඉන්න බෑ කියන්නත් මම දන්නවා.හෝම් සික් එක ටික ටික කඩාගන්න උත්සහ ගන්නව මම.
රස්සාවෙ ඉගන ගන්න දේවල්නම් ගොඩයි.ඒ දේවල් ඉගනගෙන හොදට ජොබ් එක කරනවා.
ඒ වගේම මන් හිතා ඉන්නෙ ක්වාටස් ගිය ගමන්ම වොශ් දාලා ,ඇදුම් සෝදලා එහෙමම ඇදට වැටිලා නිදාගන්න.මට හිතෙනවා ඒක මේ කාලය ගෙවාගන්න කරන්න පුලුවන් හොඳ වැඩක් කියලා.මෙහෙ ජිම් එකක් එහෙමත් තියනවලු.බලමු ඒ පැත්තෙත් ගිහිල්ලා හවසට
හෑල්ල වගෙ දිග නම් සමාවෙයල්ල
මම ටිකක් තනිවෙලා නිසයි හිතට එන දේවල් ලිව්වෙ.උබල ගොඩක් අය මට මෙහෙ එනකොට හොඳ හිතින් සුබ පැතුවා

.ආදරෙයි ඔක්කොටම.මට මේ හෝම් සික් එක කඩාගන්ට ක්‍රම ටිකක් කියාපල්ලා


🪷