මන් දන්න ශාසනයනම්,
යෝනිසෝ මනසිකාරය උපදින තැන තමයි එහා පැත්ත කල්‍යාණ මිත්‍රයා වෙන්නේ, ඇහෙන්නේ සත්ධර්මය වෙන්නේ, ධම්මානුධම්ම ප්‍රතිපදාවට වැටෙන්නේ..
පෘථග්ජන කෙනෙක්ට කළ්‍යාණ මිත්‍රයෙක්වත්, සත්ධර්මයවත් පෘථග්ජන මට්ටමෙන් තෝරගන්න බැහැ.
ඔබතුමාම කියනන්කෝ කළ්‍යාණ මිත්‍රයයි, සත්ධර්මය කොහොමද හොයන්නෙ කියලා පෘථග්ජනයෙක්?
අපි දන්න සංකල්ප ටිකකට බයස් වෙලා අපිට ඇහෙන ධර්මයෙන් ඒ සංකල්ප ටිකම කියවෙනවා කියලා තේරුනොත්, ඒ ඇහෙන ධර්මය සත්ධර්මය කියලා ගන්නවා, ඒ ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේ කළ්‍යාණ මිත්‍රයා කියලා ගන්නවා...
එහෙමද?
මේක:
"යෝනිසෝ මනසිකාරය උපදින තැන තමයි එහා පැත්ත කල්‍යාණ මිත්‍රයා වෙන්නේ, ඇහෙන්නේ සත්ධර්මය වෙන්නේ, ධම්මානුධම්ම ප්‍රතිපදාවට වැටෙන්නේ.."
දාර්ශනික මට්ටමෙන් හරි... හැබැයි ඉතිං මානසික මට්ටමේ වෙනසක් නැත්තං, මේක හොඳ වටේ අයට දර්ශනය දාන්න විතරයි. ධර්මයක් ඇහුව ගමන් මගපල ලබල, ආයෙත් මොකුත් අහන්න ඕනි නැති උතුමො ඇති. තව නොයෙක් වෙනස් වෙනස් විදි වලට මගපල ලබන උතුමොත් ඇති... පෞද්ගලිකව කිව්වොත් මම නං එහෙම කෙනෙක් නෙමෙයි. මේක ලේසි නැහැ... එහෙන් මෙහෙන් බණක් අහල හැමෝගෙම අදහස් අහල, පොත් පත් කියවල, මොකක්ද හොඳ එක බලල ගන්න පුළුවන් සෝවාන් ඵල ගැන මම නම් දන්නෙ නැහැ.... එහෙම නැහැ කියන්න මට අයිතියක් නැහැ නමුත් තේරෙන විදියට එහෙම ඒවා නැහැ.
මොකවත් සත්ධර්මය කියලවත්, කවුරු හරි කළ්‍යාණ මිත්‍රයා කියල ගන්නවත් කියන කතවක් නමෙයි මේ. කෙනෙක් එහෙම කියනව නම්, මම දන්න හැටියට ඒක සම්පූර්ණයෙන්ම දහමට පටහැනියි.
මම කියන්නෙ මෙච්චර කල් කරපු දේවල් වලින් ඵලයක් නැත්නම් අංක එකට, නිවන අරමුණු කරල පිං කරන්න, ඒ අතරෙ ක්‍රමේ වෙනස් කරල බලන්න, මාර්ගඵල ලාබීන් මුණගැහෙන්න. මම කලින් කියල ඇතිනෙ එහෙම මුණගැහෙන්න පුළුවන් තැන්. අවසානයේ අවශ්‍ය වෙන්නෙ සසරෙ මුල් වතාවට හිතක් සෝතාපන්න වෙන්න අවශ්‍ය හේතු ගලපගන්න. ගින්දර හට ගන්නෙ කොහොමද? අන්න ඒ වගෙ තමයි මාර්ග ඵලත්. කොච්චර ගිනිපෙට්ටි, ලයිටර්... තිබුනත් වැඩක් නැහැ ගින්දර ඇතිවෙන්න අවශ්‍ය අනික් හේතු නැත්නම්.