'වට්ටගාමිණී අභය' හෙවත් 'වළගම්බා' කියන්නෙ අපේ රාජාවලියෙ ඉන්න තවත් අන්ඩරේටඩ් රජ කෙනෙක් කිව්වොත් නිවැරදියි,
හැබැයි ඒ අන්ඩරේටඩ් චරිතය සහ ඒ යුගය ගැන 'ආලෝකෝ උදපාදි' මූවි එකෙන් පස්සෙ සමාජය ඇතුළෙ යම්කිසි කතාබහක් ඇතිවුණා, විජය, පණ්ඩුකාභය, දුටුගැමුණු වගේ රජවරු ගැන විතරක්ම කතාකරපු සමාජය වළගම්බා රජ්ජුරුවො ගැන කතාකරන්න සහ විස්තර හොයන්න ගත්තා,
ඒක හොඳ ප්‍රවණතාවයක් ඇත්තටම,
ඉතින් අද මේ ආටිකල් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ අන්න ඒ මූවි එකට බේස්වුණු වළගම්බා රජ්ජුරුවො ගැන කතාකරන්න,
ඊටකලින් අපි පොඩ්ඩක් වළගම්බා රජ්ජුරුවො රජවෙන්න කලින් දේශපාලනික පසුබිම ගැන කතාකරල ඉමු,
පුරා අවුරුදු 44ක් ලංකාවෙ අනුරාධපුරය ඇතුළු උතුරු ප්‍රදේශය අල්ලගෙන උන්නු එළාර කියන චෝල ආක්‍රමණිකයාව පරාජය කරන දුට්ඨගාමණී අභය හෙවත් දුටුගැමුණු රජ්ජුරුවො ලංකාද්වීපය එක්සේසත් කරමින් අනුරාධපුරය අගනුවර කරගෙන දැහැමෙන් සෙමෙන් රාජ්‍ය විචාරනවා,
දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ මරණයෙන් පස්සෙ රාජ්‍යත්වයට පත්වෙන්නෙ එයාගෙ සොහොයුරු සද්ධාතිස්ස, මේක හරි සාමකාමී කාලයක්,
සද්ධාතිස්ස රජ්ජුරුවන්ගෙන් පස්සෙ එයාගෙ දෙවැනි පුත්‍ර ථුල්ලත්තන රජවුණත් එයා රජකරන්නෙ මාසයයි දවස් දහයයි, දිගාමඬුල්ලේ ඉඳන් එන ලජ්ජිතිස්ස කුමාරයා එයාව පන්නල රාජ්‍යත්වයට පත්වෙනව,
ලජ්ජිතිස්ස අවුරුදු නවයයි මාස අටක් රජකරනවා, එයාගෙන් පස්සෙ රජවෙන්නෙ එයාගෙ සොහොයුරු ඛල්ලාටනාග, ඒත් ඛල්ලාටනාගට වැඩිකාලයක් සිංහාසනේ ඉඳගෙන ඉන්න වෙන්නෑ, මොකද එයාගෙම සෙනෙවියෙක් වුණු මහාරත්තක එයාට ශොට් එක දෙන නිසා,
තමන්ට කිසිම උරුමයක් නොතිබුණු සිංහාසනයක් උඩින් බලහත්කාරයෙන් වාඩිවුණු මහාරත්තක ට මහා ලොකු කාලයක් ඒකෙ සොමිය ගන්න වෙන්නෑ,
ඒ මොකද කියනව නම් මියගිය ඛල්ලාටනාග රජ්ජුරුවන්ගෙ බාල සහෝදරයා වුණු, සද්ධාතිස්ස රජ්ජුරුවන්ගෙ හතරවෙනි පුත්‍රයා වුණු වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා කුමාරයා ඇවිල්ල රත්තකට එළොව පොල් පෙන්නන නිසා,
මහාරත්තකගෙ මරණයෙන් පස්සෙ වළගම්බා කුමාරයා අනුරාධපුර රාජ්‍යත්වයට පත්වෙනව, ඒ වගෙම තමන්ගෙ සොහොයුරු ඛල්ලාටනාග ගෙ මෙහෙසිය වුණු අනුලා බිසව තමන්ගෙ බිසෝ තනතුරටත් එයාගෙ පුත්‍ර මහාචූලික කුමාරයා පුත් තනතුරටත් තබාගන්නව,
මේ නිසාම රජ්ජුරුවන්ට 'පීතුරාජ' කියලත් ව්‍යවහාර වෙලා තියෙනව,
වළගම්බා මුල්වරට රාජ්‍යත්වයට පත්වෙන යුගය ඇවිල්ල අවුල් වියවුල්වලින් ගහණ කාලයක්, උඩහ විස්තරේ කියෙව්වම ඒක පැහැදිලි වෙන්නැති,
ඉතින් එහෙම වෙනකොට රටේ ආරක්ෂාව,ආර්ථිකය ආදී පැති දුර්වල වෙන එක අහන්නත් දෙයක් යැ?
මේ තත්වයෙන් ප්‍රයෝජන ගන්න රුහුණේ නකුල කියන ග්‍රාමයේ වාසය කරපු තිස්ස හෙවත් ථීය කියන බ්‍රාහ්මණයා රජ්ජුරුවන්ට එරෙහිව කැරැල්ලක් පටන්ගන්නව,
එතකොට වළගම්බා රාජ්‍යත්වයට පත්වෙලා මාස පහක් වගේ,
මලහත්තිලව්වයි!
'අලි මදිවට හරක්' කියන්නා වගේ ඔය කාලෙම දකුණු ඉන්දියාවෙ ඉඳන් දමිළ ප්‍රධානියො හත්දෙනෙක් තමන්ගෙ සේනාවන් අරගෙන ලංකාවට ගොඩබහිනව,
මෙයාලට කියන්නෙ 'සත්ද්‍රවිඩයො' කියල,
දැන් වැඩේ පොඩ්ඩක් කේස්, එහෙන් රුහුණෙ ඉඳන් "සිංහාසනේ දියව්" කියල කැරලි ගහන ට්‍රැක පැනපු ථීය බමුණා, මෙහෙන් දකුණු ඉන්දියාවෙ ඉඳන් කඩාපාත් වුණු සත්ද්‍රවිඩයො,
මේ වෙලාවෙ වළගම්බා රජ්ජුරුවො මොළේ කල්පනා කරල එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ව දඩයම් කරන විදිහෙ උපායශීලී ඇප්‍රෝච් එකකට යනව,
එයා ථීය බ්‍රාහ්මණයට හසුනක් යවනව,
"රාජ්‍ය බලයෙන් මට ඇති වැඩක් නැහැ. දන්වා යවනු පුළුවන් නම් රාජ්‍ය බලය අල්ලගන්න කියල. හැබැයි ගොඩබැහැපු පරදේසක්කාරයින්ව එළවලා!"
මේ, ඒ පයිණ්ඩය අඩංගු ආලෝකෝ උදපාදි මූවි එකේ අයිකොනික් දෙබස,
රජ්ජුරුවන්ගෙ ඇම ගිලින ථීය බමුණා පොර වගේ තමන්ගෙ නුපුහුණු සේනාව අරගෙන බලසම්පන්න දමිළ සේනාව ඉස්සරහට යනව,
ථීය හෙවත් තිස්ස බමුණාට සහ ඒ සේනාවට හොඳම එකෙන් දකුණු ඉන්දියානු කෑම වේලක් හම්බුවෙනව, මිනිහගෙ රජවීමේ පිස්සුවටත් බෙහෙත් හම්බුවෙනව,
තමන්ව විනාශ කරන්න ආපු ථීය බමුණා ප්‍රමුඛ සේනාව ඒ විදිහට සුන්නත්දූලි කරන සත්ද්‍රවිඩ සේනාව ඒ ගැම්මටම විජයග්‍රාහීව අනුරාධපුර කරා ඇදෙනව,
'දැන් මොකද කරන්නෙ?'
වළගම්බා රජ්ජුරුවො මාලිගයේ සීමැදුරු කවුලුවෙන් ඈතින් පෙනෙන මහාසෑය, ලෝවාමහාපාය ආදියෙන් සමන්විත මහේශාක්‍ය, විභූතිමත් අනුරාධපුර ස්කයිලයින් එක දිහා බලාන අහස පොළොව ගැටලන්නා සේ කල්පනා කරනව,
එක තර්ජනයක් අවසන් වුණත් දැන් එන්නෙ ඊටවඩා සියදහස් ගුණයක් බලගතු තර්ජනයක්,
'තමන්ගෙ ලොකු තාත්තා වුණු දුට්ඨගාමණී අභය රජ්ජුරුවො එක්සේසත් කරපු ලංකාද්වීපය ආයෙමත් ආක්‍රමණිකයො අතට යන්න දෙනවද?'
රජ්ජුරුවො ඕනිදෙයක් වෙච්චාවෙ කියල සටනට සූදානම් වෙනව,
අනුරාධපුරයට ළඟාවෙන සත්ද්‍රවිඩයින්ගෙ සේනා සහ අපේ සේනාවන් එකිනෙක ගැටෙනව,
අසිපතට අසිපත, හෙල්ලයට හෙල්ල, හීයට හීය,
ඒත් අවිබලයෙන්, සේනාබලයෙන් එයාලට සාපේක්ෂව බොහොම පල්ලෙහා තැනක උන්නු අපේ සේනාවන් කොයිතරම් නිර්භයව, දිවිහිමියෙන් සටන්වැදුණත් අවසානෙ අත්වෙන්නෙ පරාජය,
සත්ද්‍රවිඩයින්ගෙ සේනාව අනුරාධපුර වාසල් දොරටු කුඩුපට්ටම් කරගෙන නගරය තුළට කඩාවදිනව, දුට්ඨගාමණී අභය රජ්ජුරුවො මුදාගත්තු අනුරාධපුරය ආයෙමත් දකුණු ඉන්දීය ආක්‍රමණිකයින්ගෙ සෙල්ලම් පිට්ටනියක් බවට පත්වෙනව,
සටන පැරදුණු නිසා තවදුරටත් මෙහෙම හිටියොත් තමන්ටත් ශුවර් ඇන්ඩ් ශොට් බඩු හම්බුවෙන බව දැනන් උන්නු වළගම්බා රජ්ජුරුවො පාත්‍රා ධාතුව ඇතුළු වස්තූන් පොදි බැඳගෙන තමන්ගෙ පවුලේ සාමාජිකයො එක්ක කරත්තයකින් පලායනව,
එයාලගෙ ගමනාන්තය වෙන්නෙ මලය රටේ කඳුකරය,
මහින්දාගමනය එක්ක අනුරාධපුරය බෞද්ධ සිද්ධස්ථානයන්ගෙන් පිරුණු බෞද්ධ පුරයක් බවට පරිවර්තනය වුණත් නගරයෙ තිබුණු අන්‍යාගමික සිද්ධස්ථානාදිය එහෙම්ම ම තිබුණා, ඒ වගෙම අන්‍යාගමික සහ වෙනත් ඇදහිලි විශ්වාසයන්ට ගරුකරපු මිනිස්සුන්ට ඒ ඒ දේවල් ඒ ඒ විදිහට කරගෙන යන්න පුළුවන් නිදහස් වාතාවරණයක් තිබුණා, ඒ බව පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් පවා හමුවෙනව, මහින්දාගමනයෙන් පස්සෙ රාජ්‍ය ආගම බෞද්ධාගම වුණා කියල ඒ දේවල්වලට අබමල් රේණුවක හානියක් වුණේ නෑ,
එහෙව් අන්‍යාගමික සිද්ධස්ථානයක් වුණු 'ගිරි' කියන නිඝන්ඨයාට අයිතිව තිබුණු ආරාමයක් අනුරාධපුර තීර්ථකාරාම දොරටුව හරියෙ තිබුණා කියල කියනව,
දෛවෝපගත විදිහට වළගම්බා රජ්ජුරුවො පලායමින් උන්නෙ ඔය හරියෙන්, මොකක්දෝ කරුමෙකට මේක දකින්නෙ අර කියපු ගිරි නිඝණ්ඨයා,
මිනිහ මොකද කරන්නෙ? නිකං ඉන්නවද?
නෑ, රජ්ජුරුවන්ගෙ පලායාම හතරවටේටම දැනගන්න ආරාමයෙ ඝණ්ටාරෙ ගහන ගමන් මහ හයියෙන් බෙරිහන් දෙනව,
"මහා කළු සිංහලයා පලායනවෝ!"
පලායන රජ්ජුරුවන්ට මේක ඇහෙනව, ගිරි නිඝණ්ඨයා මේ කරන්නෙ රාජද්‍රෝහී වැඩක්, ඒත් මේ වෙලාවෙ කරන්න දෙයක් නෑ, හැමදේකටම වඩා ජීවිත වටිනව,
"ආයෙ ආවහම රිටර්න් එක දෙන්නම්,"
රජ්ජුරුවො තමන්ටම කියාගන්නව,
ගිරි නිඝණ්ඨයා කරපු චාටර් වැඩේ නිසා ලුහුබඳින්නන් ට පලායන රජ්ජුරුවන්ව ට්‍රැක් කරන එක ලේසිවෙනව,
උන් අසිපත්, හෙළි අමෝරාගෙන රජ්ජුරුවො සහ රජපවුල ඉන්න කරත්තෙ පස්සෙන් අශ්වයින් පිට නැගල ලුහුබඳිනව,
මේ කරත්තයෙ මේ වෙලාවෙ හිටියෙ රජ්ජුරුවො, එවකට ගර්භණී තත්වයේ උන්නු අනුලා බිසව, මහාචූලික කුමාරයා සහ සෝමා දේවිය,
ඒ තරම් බරක් දරාගෙන වේගෙන් යන්න තරම් කරත්තෙට කැපෑසිටියක් තිබ්බෙ නෑ,
ලුහුබඳින්නන් ක්‍රමක්‍රමයෙන් ළංවෙමින් හිටියෙ,
තවත් වේගෙන් යන්න බැහැ, මේ වේගෙන් ගියොත් කොහොමත් අහුවෙනව,
රජ්ජුරුවො මැදිවුණේ බරපතළ උභතෝකෝටිකයකට,
ඒ වෙලාවෙ රජ්ජුරුවො තීරණය කරනව තමන් කරත්තෙන් බැහැල අනිත් අයට බේරෙන්න හරින්න,
ඒත් අනපේක්ෂිත මොහොතක අනපේක්ෂිත විදිහට සෝමා දේවිය කරත්තෙන් පනිනව,
ලුහුබඳින්නන් ඈ වෙතට අවධානය දෙනව, ඇයව ඔවුන්ට හසුවෙනව, ඒ ලැබෙන අවසරයෙන් රජ්ජුරුවො සහ අනිත් පිරිස අනුරාධපුර නගර සීමාව පසුකරගෙන මලය රට දෙසට වේගයෙන් පලායනව,
සෝමා දේවිය ට මොකද වෙන්නෙ?