ඔක්කොම නම් මතක නෑ. හැබැයි මට එක දෙයක් ඔලුවට ගියා පොර අහපු.
"තේරවාදයට අනුව බුදුහාමුදුරුවෝ මහා කාරුණික නම් ඇයි උන්වහන්සේ අරහත්වයෙන් නවතින්න විතරක් කියා දුන්නේ? ඇයි තමන් වහන්සේ මට්ටමටම එන්න කියා නුදුන්නේ? මහා කාරුණික නම් එහෙම වෙන්න බෑනේ"
මහායානේ නිවන් දකින්න නම් බුදු වෙන්න ඕන කියලනෙ උගන්නන්නේ. අන්න ඒක ගැන කියද්දියි තොටවත්ත ඕක කිව්වේ.
ඕය තර්කය එන්නේ ඊශ්වර නිර්මාණවාදයත් එක්ක. බුදු කෙනෙකු කියන්නේ සර්වබලධාරි දෙවියෙක් නොවෙයි. බුදුකෙනෙක් මාර්ගය පෙන්වලා දේනවා.. ඒ මාර්ගයෙන් යන කෙනෙකුට අවශ්‍ය නම් බුදුවෙන්නත් පුලුවන්.
මහායානය ඊශ්වර නිර්මාණවාදයත් එක්ක මුහුවෙලා තමයි ඔය තර්කේ ගේන්නේ... ඒ කිව්වේ හැමෝම ස්වර්ගෙට යනවා වගේ වැඩක් ය මහායාන බුදුබව කියන්නේ. පරිනිර්වාණයෙන් පස්සේ සුකාවති කියලා ස්වර්ගයට සමාන තැනකට සියලු බුදුවරු යනවා.
