Yo hi koci, bhikkhave, ime cattāro satipaṭṭhāne evaṁ bhāveyya satta vassāni, tassa dvinnaṁ phalānaṁ aññataraṁ phalaṁ pāṭikaṅkhaṁ: diṭṭheva dhamme aññā, sati vā upādisese anāgāmitā.
Tiṭṭhantu, bhikkhave, satta vassāni. Yo hi koci, bhikkhave, ime cattāro satipaṭṭhāne evaṁ bhāveyya... cha vassāni... pañca vassāni... cattāri vassāni... tīṇi vassāni... dve vassāni... ekaṁ vassaṁ...
Tiṭṭhatu, bhikkhave, ekaṁ vassaṁ. Yo hi koci, bhikkhave, ime cattāro satipaṭṭhāne evaṁ bhāveyya satta māsāni... cha māsāni... pañca māsāni... cattāri māsāni... tīṇi māsāni... dve māsāni... ekaṁ māsaṁ... aḍḍhamāsaṁ...
Tiṭṭhatu, bhikkhave, aḍḍhamāso. Yo hi koci, bhikkhave, ime cattāro satipaṭṭhāne evaṁ bhāveyya sattāhaṁ, tassa dvinnaṁ phalānaṁ aññataraṁ phalaṁ pāṭikaṅkhaṁ: diṭṭheva dhamme aññā, sati vā upādisese anāgāmitā’ti."
"මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙසේ සත් අවුරුද්දක් වඩන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලය හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමී ඵලය හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම ඒකාන්තයෙන් ලැබිය යුතුය.
මහණෙනි, සත් අවුරුද්දක් තිබේවා. යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හය අවුරුද්දක්... පස් අවුරුද්දක්... සතර අවුරුද්දක්... තුන් අවුරුද්දක්... අවුරුදු දෙකක්... එක් අවුරුද්දක් වඩන්නේ නම්...
මහණෙනි, එක් අවුරුද්දක් තිබේවා. යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සත් මසක්... හය මසක්... පස් මසක්... සතර මසක්... තුන් මසක්... දෙමසක්... එක් මසක්... අඩ මසක් වඩන්නේ නම්...
මහණෙනි, අඩ මසක් තිබේවා. යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙසේ සත් දවසක් වඩන්නේ නම්, ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලය හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමී ඵලය හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම ඒකාන්තයෙන් ලැබිය යුතුය."