හිතන්න ලෝක විනාශය වෙන්නේ උල්කාපාතයක් වැටිලා හරි, ඉර පිපිරිලා හරි, න්‍යෂ්ටික යුද්ධයකින් හරි නෙවෙයි. කිසිම පෙරනිමිත්තක් නැතුව, ඔයා මේ පෝස්ට් එක කියවන ඊළඟ තත්පරයේදී මුළු ලෝකයම, මුළු විශ්වයම එකපාරටම කිසිම වේදනාවක් නැතුව අතුරුදහන් වෙලා ගියොත්?
අද කතා කරන "False Vacuum Decay" (ව්‍යාජ රික්තක බිඳවැටීම) කියන්නේ හරියටම ඒ විදිහට මුළු විශ්වයම එක ක්ෂණිකයෙන් විනාශ වෙලා යන්න පුළුවන්, විද්‍යාඥයින් පවා පිළිගන්න බිහිසුණුම විද්‍යාත්මක න්‍යායක්...
මේ සංකල්පය තේරුම් ගන්න අපි පොඩි උදාහරණයක් ගමු.
භෞතික විද්‍යාවට අනුව විශ්වයේ තියෙන ඕනෑම දෙයක් කැමති හැමතිස්සෙම අඩුම ශක්තියක් තියෙන ස්ථිර තත්ත්වයක (Lowest Energy State) ඉන්නයි.
හිතන්න ලොකු කන්දක් තියෙනවා. කන්ද මුදුනේ තියෙන බෝලයක් පල්ලෙහාටම රෝල් වෙලා ගිහින් කන්ද පාමුල තියෙන පොළොවේ නැවතුණොත්, ඒක තමයි ඒකේ ස්ථිරම සහ අඩුම ශක්තිය තියෙන තැන. බෝලය කවදාවත් එතනින් හෙල්ලෙන්නේ නැහැ. මේ ස්ථිර තත්ත්වයට අපි කියමු "True Vacuum" කියලා.
ව්‍යාජ රික්තකය (False Vacuum): හැබැයි හිතන්න මේ බෝලය කන්ද මුදුනේ ඉඳන් පල්ලෙහාට එද්දී, කන්ද බෑවුම මැද තියෙන පොඩි වලකට වැටිලා නැවතුණා කියලා. දැන් බෝලය හෙල්ලෙන්නේ නැති නිසා අපිට හිතෙනවා "ආ.. බෝලය ස්ථිර තැනකට ආවා" කියලා. හැබැයි ඒක බොරුවක්... ඒ වලට පොඩි තල්ලුවක් ලැබුණු ගමන් බෝලය එතනින් පැනලා ආයෙත් කන්ද පාමුලටම වේගයෙන් වැටෙනවා. මේ තාවකාලික බොරු තැනට අපි කියනවා "False Vacuum" කියලා.
අපේ විශ්වය ඉන්නේ බොරු වලකද? (The Higgs Field)
අපේ ශරීරය, පෘථිවිය, තරු සහ මේ මුළු විශ්වයේම තියෙන පරමාණු වලට ස්කන්ධයක් (Mass එකක්) ලැබිලා තියෙන්නේ "හිග්ස් ක්ෂේත්‍රය" (Higgs Field) කියන ශක්ති ක්ෂේත්‍රය නිසයි. අපේ මුළු විශ්වයේම අත්තිවාරම තියෙන්නේ මේ ක්ෂේත්‍රය උඩයි.
ස්ටීවන් හෝකින්ස් වගේ ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයින් පවා පරීක්ෂණ වලින් හොයාගත්තා, අපේ විශ්වයේ තියෙන මේ හිග්ස් ක්ෂේත්‍රය තාම අර කන්ද පාමුලටම (True Vacuum එකට) වැටිලා නැහැ කියලා... ඒ කියන්නේ අවුරුදු බිලියන 13.8ක් තිස්සේ අපි මේ ජීවත් වෙන්නේ අර කන්ද මැද තියෙන "තාවකාලික බොරු වලක් ඇතුළේ" (False Vacuum). අපේ විශ්වයේ අත්තිවාරම තියෙන්නේ හිතාගන්නවත් බැරි තරම් අවදානම් තැනක...
3. බිහිසුණු බිඳවැටීම (The Decay)
මොකක්හරි ක්වොන්ටම් බලපෑමක් නිසා විශ්වයේ කොහේහරි කෙළවරක තියෙන එකම එක අංශුවක් අර බොරු වලෙන් පල්ලෙහාට (True Vacuum එකට) වැටුණොත් මොකද වෙන්නේ?
අන්න එතන ඉඳන් අලුත්ම, ස්ථිර ශක්ති මට්ටම සහිත "කුඩා බුබුලක්" (Bubble of True Vacuum) නිර්මාණය වෙනවා.
මේ බුබුල ඇතුළේ තියෙන්නේ අපේ විශ්වයේ තියෙන භෞතික විද්‍යා නීති නෙවෙයි, සම්පූර්ණයෙන්ම වෙනස් අලුත්ම නීති...
මේ හැදෙන බුබුල ආලෝකයේ වේගයෙන් මුළු විශ්වය පුරාම පිපිරිලා පැතිරෙන්න පටන් ගන්නවා
මේ විනාශකාරී බුබුල අපේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගියොත් වෙන්නේ මොකක්ද කියලා හිතාගන්නවත් බෑ...
1. මේ බුබුල ඇතුළේදී ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන වලට තියෙන බර (Mass) වෙනස් වෙනවා. ඒ නිසා පෘථිවිය, අපේ ශරීරය සහ මුළු ලෝකයේම තියෙන පරමාණු ක්ෂණිකව විසිරිලා ගිහින් අපි කිසිම දෙයක් නොවන තත්ත්වයකට (Nothingness) පත්වෙනවා.
2. කිසිම පෙරනිමිත්තක් නැහැ... මේ විනාශය අපේ ඇඟේ හැප්පෙනකම්ම දුරේක්ෂයකින්වත් අපිට මේක එනවා කියලා දකින්න ලැබෙන්නේ නැහැ
3. කිසිම වේදනාවක් නැහැ.... අපේ මොළයට යම්කිසි වේදනාවක් දැනෙන්න මිලි තත්පර ගණනාවක් යනවා. හැබැයි මේ බුබුල ඊට වඩා බිලියන ගුණයකින් වේගයෙන් අපේ පරමාණු කුඩු කරගෙන යන නිසා, අපි මැරුණා කියලාවත්, ලෝකය විනාශ වුණා කියලාවත් අපිට කවදාවත් දැනෙන්නේ නැහැ.
හැබැයි මේ පෝස්ට් එක කියවලා බය වෙන්න දෙයක් නෑ විද්‍යාඥයින් කියන විදිහට මේක සිද්ධ වෙන්න තව අවුරුදු බිලියන ගණනක් යන්න පුළුවන්. හැබැයි ක්වොන්ටම් සම්භාවිතාවයට (Quantum Probability) අනුව, මේ තත්පරයේ වුණත් විශ්වයේ කොහේ හරි තැනක මේ බුබුල හැදිලා අපි දිහාවට එකපාරට එන්න පුළුවන්..
ඉතින් නෝලන් බොසාගේ ඔඩිසි බැලුවේ නෑ කියල උබල කාටවත් False Vacuum Decay එකෙන් බේරෙන්න බෑ... එහෙමයි කියල ඒක බලන්න ඕනෙත් නෑ
