පොළොන්නරු යුගයේ අවසානය,
මේ ගැන කතාකරනකොට අපිට එකපාරටම මතක්වෙන චරිතයක් ඉන්නව,
ඒ තමයි 'කාලිංග මාඝ' - The Conquerer, The Tyrant, The Destroyer.
අද සටහන පොළොන්නරු යුගයේ අවසානය සහ කාලිංග මාඝගේ ආක්‍රමණය ගැන,
ලංකාව කියන්නෙ අවුරුදු දෙදහස් පන්සීයක ලිඛිත ඉතිහාසෙකට උරුමකම් කියන රටක්,
වංශකතාවල නොලියවුණු අලිඛිත ඉතිහාසය ඊටත්එහා, ඒත් අපි මෙතැන ෆෝකස් එක දෙන්නෙ ලිඛිත ඉතිහාසෙට,
ඒ ඉතිහාසය තුළ අපි සේන සහ ගුත්තික කියන අශ්ව වෙළෙන්දො දෙන්නගෙන් පටන්ගෙන එළාර, පුලහත්ථ, බාහිය, පණයමාර, පිළියමාර, දාඪිය, පාරින්ද, රාජරාජ, කාලිංග මාඝ, චන්ද්‍රභානු වගෙ චෝල, පාණ්ඩ්‍ය, කාලිංග, ජාවක ආදී වූ විදේශ ආක්‍රමණයන් බරගාණකට අම්බානෙකට මුහුණදෙනවා,
ඔතනින් දරුණුම ගණයේ ආක්‍රමණය වෙන්නෙ මම උඩහ කියපු, 1215දි සිද්ධවෙන කාලිංග මාඝගෙ ආක්‍රමණය,
මේක සිද්ධවෙන්නෙ පොළොන්නරු යුගයෙ අවසාන භාගයේ, ඒ කියන්නෙ පරාක්‍රම පාණ්ඩ්‍ය රජ්ජුරුවන්ගෙ කාලෙ, එයා රජවෙලා තුන්වෙනි අවුරුද්දෙ,
පරාක්‍රම පාණ්ඩ්‍ය කියන්නෙ පාණ්ඩ්‍ය කුමාරයෙක්, මෙයා කාලයක් ලීලාවතී රැජිණගෙ රාජසභාවෙ හිටපු බව ඉතිහාසය කියනව, කොහොමහරි මනුස්සය දකුණු ඉන්දියාවෙන් සේනාවක් අරගෙන ඇවිල්ල ලීලාවතී රැජිණ ව සිංහාසනෙන් පන්නල දාල පොළොන්නරුවෙ රාජප්‍රාප්ත වෙනව,
පොළොන්නරු යුගයෙ අගභාගය ගැන හොයල බැලුවොත් පේනවා ඒ කාලෙ රාජ්‍යත්වය වෙනුවෙන් මොන වගෙ දරුණු පොරයක්ද තිබ්බෙ කියල,
මේක ඇවිල්ල ලංකා ඉතිහාසයේ අවුල්සහගත ම, අර්බුදකාරී ම කාලපරිච්ඡේදයක්,
කෙනෙක් රජවෙනව, එයා මහලොකු කාලයක් ඉන්නෙ නෑ ඉක්මනටම එයාට ගේම දීලා තව කෙනෙක් සිංහාසනේ ඉඳගන්නව, ඕක ආයෙ ආයෙ එකම චක්කරේටම සිද්ධවෙනවා, ඒ නිසා රටේ දේශපාලන කටයුතු, ආර්ථික කටයුතු, ආරක්ෂාව එහෙම තිබ්බෙ අවදානම් සහගත අවුල් වියවුල්වලින් ගහණ වූ තැනක,
කොච්චර අවුල්ද කියනව නම් පොළොන්නරු යුගයෙ අවසාන කාලයෙ අවුරුදු තිහක කාලය තුළ 18 දෙනෙක් රජවෙනව!
24000ක මහා සේනාවක් අරගෙන කාලිංග දේශයේ, එහෙම නැත්තං වර්තමාන ඉන්දියාවෙ ඔරිස්සාවෙ ඉඳන් මාඝ කියල ඩයල් එකක් උතුරෙ කරෛනගර්වලට ගොඩබහින්නෙ මේ වගෙ අවුල්සහගත සිටුවේශන් එකක රටේ තියෙද්දි,
"...ඉක්බිත්තෙන් මිත්‍යා දෘෂ්ඨීන් සමාදන් වූ, දුර්නීතියෙහි නිබඳ ඇළුණු සිත් ඇත්තා වූ, දානදී කුසලකර්ම නැමැති වන ලැහැබ දැවීමෙහි ලැව්ගිනි බඳු වූ, සද්ධර්ම නැමැති කෛරව පංක්තිය කාන්ති ආක්‍රමණයෙහි චන්ද්‍රයා වැනි වූ මනමෝහයෙන් හිස් කළ විචාරණ ඇති කාලිංග වංශයෙහි උපන් මාඝ නම් වූ එක් අධාර්මික මහී පාලකයෙක් තෙම සූවිසි දහසක් යෝධයන්ට අධිපති වූයේ කලිඟු රටින් බැස ලංකාද්වීපය ගත්තේය..."
මාඝගෙ සම්ප්‍රාප්තිය චූලවංශයෙ අසූවෙනි පරිච්ඡේදයෙ ලියැවෙන්නෙ මෙහෙම,
කාලිංග මාඝ කියන්නෙ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නොම්මර එකේ ත්‍රාDAයෙක්, අනුකම්පා විරහිත අමනුස්සයෙක්,
බිහිසුණු යක්ෂයෙක් වෙන්න ඉඳල මිනිහගෙ අම්මලගෙ කීමට මනුස්සයෙක් වුණ ඩයල් එකක්,
මිනිහගෙ හමුදාවත් ඊට හපං, අණක් ගුණක් නෑ, කරෙයිනගර්වලින් ලංකාද්වීපයට ගොඩබැස්ස තැන ඉඳන් පොළොන්නරුවට එන පාර දිගේම මාඝ සහ මෑන්ගෙ හමුදාව භීෂණය වපුරනවා,
මේ සේනාවෙ ඉඳල තියෙනව 'භිල්ල' කියන ගෝත්‍රයට අයත් සෙබළුන්, එයාල දැක්ක දැක්ක තැන මිනිස්සුන්ව කෲරතර විදිහට ඝාTHAනය කරනවා, ඒ මිනිස්සුන්ගෙ ගම්මාන වටකරල ඒවා කොල්ලකනවා, අවසානෙ ඒ ගම්මාන අග්නි දේවතාවාට පූජකරනවා, එයාලට අහුවුණ කාන්තාවන්ට එහෙම වුණු දේවල් මෙතැන ලියන්න බැරි තරම් අමානුෂිකයි,
ඔය බත් කන්නෙ නැති, දඟකරන පොඩි ඈයො බයකරන්න 'ඔන්න බිල්ලො එනවා' කියල කියන්න ගත්තෙ මෙයාල නිසා වෙන්නැති බාගවෙලාවට,
කාලෙකට ඉහත්තාවෙ අටුකොටු පිරිලා මිනිස්සු සතුටින් සැනසීමෙන් ජීවත්වුණු සශ්‍රීක ගම්මාන අළුවෙනව, ඒ අළු මතින් පයතබමින්, තමන්ගෙ ගොදුරු බවට පත්වුණු අවාසනාවන්ත මිනිස්සුන්ගෙ මරවිලාපයන් මැද්දෑවෙන් ඒ මිනිස්සුන්ගෙන් කොල්ලකාපු හස්තසාර වස්තුවත් උස්සගෙන මාඝගේ මරසෙනඟ ජනනාථපුර, කඳවුරු නුවර, පුලතිසිපුර ආදී වූ නම්වලින් හැඳින්වුණු එවකට ලංකාද්වීපයේ අගනුවර වුණු පරාක්‍රම පාණ්ඩ්‍යයන් විසින් පාලිත පොළොන්නරුව දිහාවට එනවා,
මාඝගෙ සේනාව මඟදිගට කරපු කියපු භයංකර සහ අමානුෂික අපරාධයන් ගැන කණින්කොනින් ආරංචිවුණ පොළොන්නරුවෙ සමහරු ඒවා අහල හොඳම එකෙන් බයවෙලා තවදුරටත් පොළොන්නරුවෙ රැඳෙන එක ඇඟට ගුණ නෑ කියල තේරුම්ගෙන තමන්ගෙ හස්තසාර වස්තුව පොදිබැඳගෙන මේ වගෙ ආක්‍රමණ අවස්ථාවන්හිදී කෝකටත් තෛලය වගෙ වුණු මලය රටට, රුහුණට කල්තියාම පැනල යනවා,
මඟදිගේ ගම්මාන මංකොල්ලකමින්, ගිනිලාමින්, ඒ ගම්මානවල අහිංසක මිනිස්සුන්ට මාරයා සම්මුඛ කරවමින් අතරමඟදි කිසිම ප්‍රතිරෝධයක් නැතුව මාඝ ඇතුළු සේනාව චිල් එකේ පොළොන්නරුවට ළඟාවෙනව,
ඒ කාලෙ තිබුණු තත්වෙ එක්ක අපිට මහලොකු හමුදාවක් නඩත්තු කරන්න හෝ විදේශ රටකින් හමුදාවන් ගෙන්වන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ,
ඒ නිසා පරාක්‍රම පාණ්ඩ්‍යට හිටියෙ බොහොම දුර්වල සේනාවක්, මාඝගෙ ලේ පිපාසිත බලසෙනඟට හැම අතින්ම දුබල වුණු පොළොන්නරුවෙ සේනාව ගේමක් වුණේ නෑ,
හැබැයි මෙහෙමයි,
අපේ අතීත මුතුන්මිත්තෝ ඇවිල්ල ලෙහෙසියෙන් සතුරා ඉස්සරහ පරාජය භාරගත්තු උදවිය නෙවෙයි, එයාල ඇවිල්ල අවසාන මොහොත වෙනකල්ම නිර්භයව, ධෛර්ය සම්පන්නව සටන්වැදුණු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම 'රණශූරයො',
අපේ ඉතිහාසය එයාලගෙ ඒ රණශූරත්වයට, නොපසුබට ධෛර්‍යයට සාක්ෂි සපයනවා,
ඉතින් අපේ අයගෙ ඒ හැටියට මම විශ්වාස කරනව එවෙලෙ පොළොන්නරුවෙ හිටපු ප්‍රමාණාත්මකව කුඩා සේනාව මාඝගෙ මහා බලසෙනඟට යම්කිසි සටනක් දෙන්න ඇති, අංශුමාත්‍ර හෝ අභියෝගයක් වෙන්න ඇති කියල,
ඒත් අවසානෙ පොළොන්නරුවෙ මහා ප්‍රාකාර, ගේට්ටු බිඳවැටෙනව,
එතුළින් සමෘද්ධිමත්, සකලසරින් පිරුණු නුවර තුළට කඩාවදින්නෙ චාරයක් කියල නාමයක් නැති මාඝගෙ මාර සේනාවන්,
ඒ මහා විනාශය ඇරඹෙනවා,
1215දි සිදුවුණ මේ මාඝ ආක්‍රමණය බේස්කරගෙන මම ගිය අවුරුද්දෙ හදපු පොඩි AI ශෝට් මූවි එකක් තියෙනව, මේ විස්තරයෙ ලියැවුණු හැමදෙයක්ම වගෙ ඒකෙ රූපමය මාධ්‍යයෙන් දිගහැරෙනවා, කමෙන්ට්ස්වල ඒක දාන්නම්,
මේක කියවල අහවර වෙලා ඒකත් පුළුවන් නම් බලන්න,
බැලුවට පාඩු නෑ, එතකොට වැඩේ සම්පූර්ණයි!
හරි, ආයෙමත් යමු පොළොන්නරුව පැත්තට,
කාලවර්ණ ධූමවළාවන්ගෙන් පොළොන්නරු ආකාසෙ වැහෙන්න ගන්නව,
ලෝහිත පැහැති අග්නිජාලාවන් නගරයේ මාලිගා, සිටුමැදුරු, පැල්පත්, පන්සල්, සිද්ධස්ථාන වෙළාගන්නවා,
කුල භේදයක්, ගිහි - පැවිදි වෙනසක්, තරාතිරමක්, වෙනසක් නැතුව ආක්‍රමණික කඩුපතට ගොදුරුවෙන කනකර, ඇඳන් උන්නු වස්ත්‍රාභරණ පවා උදුරගනු ලැබූ අහිංසකයින්ගෙ මරණීය විලාපයන් මංකොල්ලකෑම්වලට ගොදුරුවුණ සකලසරින් පිරි සමෘද්ධිමත් සහ පුදුමාකාර තරම් ලස්සන නානාවිධ නානාප්‍රකාර ගොඩනැගිලි සහ එතුළ තියෙන දෑ කැඩෙන, බිඳෙන, දැවෙන, පුපුරණ හඬ එක්ක මුහුවෙනව,
රාජ්‍ය භාණ්ඩාගාරෙ, නගරයේ රාජකීයයන්ගෙ මැදුරුවල, ධනවතුන්ගේ, සිටුවරුන්ගෙ මහා මන්දිරවල, සුඛෝපභෝගී නිවෙස්වල තිබුණු මුදල්, ස්වර්ණාභරණ, වටිනා මාණික්‍යයන් පිරුණු මහරු පෙට්ටගම් මේ හැමේකක්ම වගෙ හිස්වෙනවා,
සියවස් ගණන් ඉපැරණි, වටිනා මුතුමැණික් එබ්බවූ බුදුපිළිම, දේවරූපවලට අත්වෙන්නෙත් ඒ ඉරණමම යි,
මාඝගෙ වඳුරු රැළ කිසිදෙයක් ඉතුරුකරන්නෑ,
ඒ වගේම කාලෙකට කලියෙන් 'පෙරදිග ධාන්‍යාගාරය' කියල ලංකාව හඳුන්වන තරම් ටොප් ලෙවල් එකකට රට ගෙනියපු, රාමඤ්ඤ දේශය, කාලිංගය පවා ආක්‍රමණය කරපු පොළොන්නරුවෙ ශ්‍රේෂ්ඨතම පාලකයා විදිහට හැඳින්වෙන මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන් විසින් ඉදිකරවපු සක්‍රයාගේ දිව්‍යප්‍රාසාදය වුණු 'වෛජන්ත ප්‍රාසාදය' හා සම වුණු වර්ණනා විෂයක්‍රාන්තික ලස්සනකින් යුතු වූ විසල් සුවිසල් සත්මහල් රජමාලිගය වටලන මාඝගෙ සේනාව එතුළ බයෙන් හැංගිලා උන්නු පරාක්‍රම පාණ්ඩ්‍ය රජ්ජුරුවන්ව අල්ලගන්නව,
ඊටපස්සෙ එයාව කිසිදු අනුකම්පාවක් නැතුව මාඝගෙ දෙපාමුලට බිම දිගේ කුදලගෙන එනවා,
අණක් ගුණක්, අනුකම්පාවක් නැති මාඝගේ අණින් පරාක්‍රම පාණ්ඩ්‍ය රජ්ජුරුවන්ගෙ ඇස් උගුල්ලා දමනු ලබනවා, සතුරන්ගෙ අමානුෂික වධබන්ධනයන්ට ගොදුරුවෙන රජ්ජුරුවෝ පුදුමාකාර වේදනාවක් විඳල ඒ අවසානෙ පරලෝකප්‍රාප්ත වෙනවා,
ඒ අතරෙ පොළොන්නරුව අල්ලගත්තු මාඝගෙ සේනාව තමන්ට සුපුරුදු හුරුපුරුදු සංහාරයන්හි සහ මංකොල්ලකෑම්වල දිගින්දිගටම යෙදෙමින් ජයපැන් බොනවා,
මේ වෙනකොට පොළොන්නරුවෙ තිබුණු ඉපැරැණි වෙහෙර විහාරයන්ගෙන් බොහොමයක් ගිනිබත් වෙමින්, මංකොල්ලකෑම්වලට ලක්වෙමින් තිබුණෙ,