ෂමීරා ශක බුම් වෙන්නම ඇරපු හැටි. The Adventures of Shameera

lilman

Well-known member
  • May 10, 2009
    40,808
    54,234
    113
    Colombo


    මේ තියන්නෙ ඊයෙ පෙරේදා දවසක ජපානෙ ගිය news එකක්.

    කෙටියෙන් පැහැදිලි කළොත්, ඔය පහළ පින්තූරෙ ඉන්න ජපන් ජාතිකයා සහ තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට පත් වෙන්නෙ නීති විරෝධී ලිංගික සේවා සපයන ස්ථාන 4 ක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්.

    දැන් මේ news එක මට විශේෂ වෙන්නෙ ඇයි? 🤔

    ඔය වම් පැත්තෙ කොණේ ඉන්න ජපන් ජාතිකයා, නැත්තං Naoki Hakamada වැඩ කරේ ජපානෙ ඉන්න විදේශිකයන්ගෙ රැකියා කටයුතු සම්බන්ධව, වීසා සම්බන්ධව වැඩ කරන ආයතනයක කලමණාකරු විදිහට. Supporting Organization නැත්තං 登録支援機関 කිව්වාම ජපානෙ ඉන්න අය දන්නවා.
    රස්සාව පටන් ගත්ත දවසෙ ඉඳලා අවුරුදු 2 කට කිට්ටු කාලයක් තිස්සෙ මාව harass කරපු, මාව bully කරපු තක්කඩි මැනේජරයා තමයි ඔය ඉන්නෙ. 😂😂😂

    කථාව කෙටියෙන් මෙහෙමයි,

    මම ඒ company එකේ වැඩ පටන් ගන්න කොටත් ඒකේ ලංකාවෙ ගෑණු කෙනෙක් වැඩ කරා. ඒ නෝනා තව ලංකාවෙ කෙනෙක් එනවට කොහොමටවත් කැමති උනේ නෑ. ඒ මදිවට මට වැඩ කරන්න සිද්ධ උනේ එයාගෙ එහාපැත්තෙ වාඩි වෙලා.

    Company එකේ ලොක්කා ඒ කියන්නෙ CEO අපි දෙන්නාගෙ ළඟටම ඇවිත් කියනවා " ෂමීරා සං ට දන්නෙ නැති දේවල් කියලා දෙන්න. එයා ඉක්මනට ඉගෙන ගනී. ඔයාගෙ ළඟට දැම්මෙ කියලා දෙන්න පහසු නිසා"
    ඒත් ඒ නෝනා කවමදාවත් කිසිම දෙයක් මට කියලා දුන්නෙ නෑ. ඇහුවත් කියලා දුන්නෙ නෑ.
    ඒ වෙනුවට කරේ එයත් කිසි දෙයක් හරියට දන්නෙ නෑ කියපු එකයි, වැඩ කරන්න අවශ්‍ය සමහර documents හංගපු එකයි. 🥹
    එහෙම වෙලාවට ඔය කැත මිනිහා හොඳටම දන්නවා ඒක හංගලා තමයි කියලා ඒත් දන්නෙ නෑ වගේ ඉන්නවා මිසක් කවදාවත් මට supportive උනේ නං නෑ.

    මිනිහාටයි ලංකාවෙ නෝනාටයි ඕනෙ උනේ මාව එහෙම එහෙට මෙහෙට එක එක්කෙනා ගාවට යවලා රස්තියාදු කරලා මට රස්සාව එපා කරවලා මාව ඉක්මනටම ගෙදර යවාගන්න.
    ඉතිං මට සිද්ධ උනා අර නැති documents ආයෙත් මුල ඉඳලා හදන්න. මුලදි මං ඇරෙන්න මුලු ඔෆිස් එකම දැනං හිටියා අරයා ඒවා එයාගෙ desktop එකේ personal folder එකක තියාගෙන හිටියා කියලා.
    පස්සෙ කාලෙක මං තේරුම් ගත්තා මැනේජරයාගෙ සුවච කීකරු ගෝලයා ඒ නෝනා කියලා. මොකද දෙන්නාගෙ ගේම්, හොර වැඩ, හොර documents, හොර අත්සන් දාන ඒවා, පිටින් කරන වැඩ ඔක්කොම දැන ගත්තාත් මම මගේ පාඩුවෙ හිටියා. මොකද ඒවා හරිගස්සන එක මගේ ජොබ් එක නෙවෙයි නිසා.

    ඊට අමතරව මේ දෙන්නා තව අපූරු වැඩක් කරා.

    ඔය මනුස්සයා කොහොමත් පිටරට මිනිස්සුන්ට කැමති නෑ. කොයි වෙලෙත් අනිත් රටවල් පහත් කරලා කථා කරන කැත පුරුද්දක් ඔය යකාට තියනවා. ඔෆිස් එකේ වැඩ කරන පිටරට වල අය හොඳට ඉගෙන ගෙන තියනවා නං. ලස්සනට අඳිනවා පළඳිනවා නං, මිනිහා කැමති නෑ. හැමතිස්සෙම මිනිහා ගෙ favorite උනේ අපිළිවෙලට ඔහේ අඳින වැඩිය ඉගෙන ගත්තෙ නැති අය.

    ඊටපස්සෙ,
    අර ලාංකික කතගෙන් මිනිහා ට තිබුන ඊළඟ වාසිය තමයි, එයා මිනිහාටත් වඩා හොඳට ලංකාවෙ ළමයින්ට හිරිහැර කරපු එක. Bully කරපු එක. වෙනස්කම් කරපු එක.
    මිනිහා ඒ දිහා බලාගෙන ඒක අහලා දැකලා ඒකෙන් සුපිරි ආතල් එකක් ගත්තා. කොටින්ම ඒ ගෑ/ණි ලංකාවෙ ළමයින්ට කථා කරේ සත්තුන්ගෙ නම් කියලා.
    ඔය ඩබල හැම මීටිමකදිම හැම interview එකකදිම ලංකාව පහත් කරන්න කියපු එක දෙයක් තමයි "මේ ජපානෙ... ලංකාව නෙවෙයි. මෙහෙ නීතියක් තියනවා"

    මමත් හිටපු ලංකාවෙ ළමයෙක් interview කරපු වෙලාවකදි නං මම interview eka නවත්තලා මයික් එක mute කරලා එහා පැත්තට ඇහෙන්නෙ නැති වෙන්න, මිනිහා ට කිව්වා "hakamada san ලංකාවෙත් නීතියක් තියනවා සහ ඒක ක්‍රියාත්මක වෙනවා ජපානෙ වගේම. ඔයාට ඕනෙ නං ලංකාවට ගිහින් try කරලා බලන්න පුළුවන්" කියලා.

    ඊටපස්සෙ ඉඳලා මිනිහා ට මාව තවත් පේන්න බැරි උනා.
    මේ ලිව්වෙ මට වෙච්ච වෙනස්කම් සීයකින් එකක් දෙකක් විතරයි.

    කොහොමහරි,
    මමත් ඉතිං මහ එපා කරපු ගෑණි නෙ. මම බලාගෙන හිටියෙ උඹලා කවදා හරි මම හැන්ඩ්ල් කරන මාව consult කරන ළමයෙක් ට ඔහොම කථා කරහල්ලකො එදාට තමයි මං දුම්මල වරම අතට ගන්නෙ කියලා.

    හිතුවත් වගේම මං ලංකාවට ගිහින් ඉන්න වෙලාවක ඔය අම්මණ්ඩි ළමයෙක්ට ලොකු සද්දයක් දාලා තිබුනා.
    කලින් වතාවකත් ඔය වැඩේ කරාම මං සීට් එක ළඟට ගිහින් බොහෝම කරුණාවෙන් කිව්වා ඔහොම මිනිස්සුන්ට කථා කරන්න එපා. අපි එකම රටේ මිනිස්සු. වෙන රටවල අය ඉස්සරහ ප්‍රශ්න ඇති කරගන්න එක හරි නෑ කියලා.
    කෝ ඉතිං ඇහුවෙ නෑ නෙ.

    දෙවනි සැරේ විස්තරේ සාක්ෂිත් එක්කම අතට ආවාට පස්සෙ මගෙ ළඟ කලින් එකතු කරගෙන හිටිය ඒවයි ඔක්කොම එක්ක mass email එකක් දැම්මා මුලු ඔෆිස් එකටම. පලවෙනි දවසෙ ඉඳලා මට වෙච්ච වෙනස්කම්, SSW, Training visa වලින් එන ළමයින්ට වෙච්ච වෙනස්කම් හිරිහැර ඔක්කොම දාලා. ඒවට වගකිවයුතු කිසිම කෙනෙක් කිසියම්ම හෝ ක්‍රියාමාර්ගයක් අරං නෑ කියලා. ඒ වෙනුවට ඒ වෙනස්කම් කරන අයව ආරක්ෂා කරපු හැටි කියලා සහ විශේෂයෙන්ම මේ වගේ ආයතනයක් කොහෙත්ම සිදු නොවිය යුතු දේවල් කියලා.
    කොටින්ම ගායිස් මං මුලු ඔෆිස් එකම ගිණි තිබ්බා
    🔥😁🙈

    දැන් ඔයාලා හිතනවද නීතිගරුක ජාතියක් විදිහට ලෝකෙට පෙන්නගෙන ඉන්න ජපන්නු මගෙ මේල් එක දැකලා... "අනේ අපි නොදැනුවත්ව මෙහෙම දෙයක් මේ ආයතනයෙ සිද්ධ වෙලා නේද දෙයියනේ... කියලා පුදුම උනා කියලා??

    හෙහ්...
    නෑ උන්දැලා පුදුම උනේ කවමදාකවත් හීනෙකින් වත් හිතපු නැති විදිහට මේ පිටරටකින් ආපු ගෑණියෙක් කොහොමද මෙහෙම අපිට චෝදනා කරන්නෙ කොහෙන්ද එච්චර හයියක් කියලා. 🙄🙄

    ඊටපස්සෙ එච්චර කාලයක් මට කරපු වෙනස්කම් හිරිහැර තව දෙතුන් ගුණයකින් වැඩි උනා. එළිපිටම මට දරුණු වෙනස්කම් වලට ලක් වෙන්න සිද්ධ උනා. ඒක හරියට නිකං අනිත් අයටත් පේන්න පාඩමක් විදිහට "උඹලත් මැනේජර් ට විරුද්ධ උනොත් වෙන්නෙ මේකයි" කියන්නා වගේ.

    හැබැයි ඉතිං කලින් කිව්වා වගේ ඒ හැම දේටම මුදලින් වන්දි ගෙවන්න උන්දැලට සිද්ධ උනා.

    ගිය අවුරුද්දෙ හරියටම මේ කාලෙ මං සෑහෙන්න struggle කරා. මුලු company එකකම ජපන්නු එකතු වෙලා දෙන මානසික වද වල තරම දන්නෙ ඒක විඳපු මිනිහෙක් විතරයි.
    හැමදාම හවස 5-5.30 වෙද්දි stress වැඩි කමට pressure එක වැඩි කමට මට තේරෙනවා මගෙ කන් දෙක පිරිලා මුලු ඇඟම රත් වෙලා තව ටිකකින් වමනෙ යනවා කියලා.

    අන්තිම මාස දෙකේ කිසිම කෙනෙක් මාත් එක්ක කථා කරේ නෑ. හැමෝම හැසිරුනේ මම ඔෆිස් එකේ නෑ වගේ. හැබැයි සතියයි උන්ට එහෙම කරන්න පුලුවන් උනේ.
    ඊළඟ සතියෙ ඉඳලා මං හැසිරුනේ උන් කවුරුත් ඔෆිස් එකේ නෑ. ඉන්නෙ මං විතරයි වගේ 😅.
    කොටින්ම කොරිඩෝ එකේදි කවුරුහරි ඉස්සරහට ආවත් මම අයින් වෙන්නෙ වත් නෑ. ඌට ඕනෙ නං අයින් වෙලා යන්න පුලුවන් එච්චරයි.
    ඔය පහළ ෆොටෝ එකේ වගේම තමයි. ඔය මනුස්සයා කවමදාවත් කෙලින් මගෙ මූණ බලලා කථා කරලා නෑ. පොඩ්ඩක් කුදු වෙලා බිම බලාගෙන කථා කරන්නෙ.

    මුලු ඔෆිස් එකේ ජපන්නු 40-45ක්, තක්කඩි ලංකාවෙ ගෑණියෙක් කොණටම තල්ලු කරලා උඹලා එක එකාට මම වෙන වෙනම නඩු දාන්නෙ මෙහෙමයි කියලා, කරපු වැරදි එක එක්කෙනා ගෙ නම යටින් ලිස්ට් කරලා....
    ඒවට තියන නීතිය පැහැදිලි කරලා, ගෙවන්න සිද්ධ වෙන වන්දිය හෝ අපරාධමය වරදක් නං හිරේ යන කාලෙත් ලියලා යවලා තමා මං කවුද කියලා පෙන්නුවෙ.

    අද,
    🌸 මම නිදහසේ සැනසීමෙන් ජීවත් වෙනවා.

    👨🏼‍⚖️අර යකා රිමාන්ඩ්

    🛑ඔෆිස් එකේ වැඩ ඔක්කොම නවත්තලා investigations ඉවර වෙනකං.

    “කර්මය හරියට වෙලාවට කලාවට අපිව හොයාගෙන එනවා"
    😎

     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,118
    6,542
    113
    East Blue (Goa Kingdom)

    Traditional nomikai (after-work drinking parties) present several dangers for female workers in Japan. The combination of alcohol, rigid corporate hierarchies, and traditional gender roles creates an environment where women frequently face sexual harassment, coercive drinking pressure, and career marginalization.​







    ලෝකේ තියෙන පොන්නම මිලේච්ච නීති තියෙන රටක්


    ------ Post added on Jul 21, 2026 at 12:47 PM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    @අල මල්ලි

    https://elakiri.com/threads/ජපන්-ජිවිතේ.2135606/post-30929952

    අනේ මන්දා බන්,
    මට නම් කිසිම අවුලක් නැහැ. ලංකාවේ උනත් එක එක පැති වල ජිවත් වෙනකොට තියන ප්‍රශ්න වෙනස් නේ.

    අදායම කියන දේ ඉතින් තමන්ගේ හැකියාව සහ රැකියාව අනුව නේ. labor ජොබ් එකක් කරලා නම් ඉතින් අමාරුයි තමයි. ඒත් ජපානේ සතියට පැය 14ක් වැඩ කරලා poverty එකෙන් මිදෙන්න පුළුවන්.


    හරිම අමාරුයි Jobs හොයා ගන්න
    skills සහ language මත depend වෙනවා

    පිටරට එවුන්ට සලකන්නේ බල්ලන්ට වගේ
    එහෙම නෑ. වැඩ කරන තැන් වල එහෙම ප්‍රශ්න තියනවා නම් labor department එකේ help එක ගන්න පුළුවන්. එහෙම වෙලා හිරේ ගිහිපු ජප්පෝ සහ ලොකු වන්දි ගත්ත ලංකාවේ අය ඉන්නවා. ජපානේ එහෙම සල්ලිකාරයෙක් ඉන්නවා :D දන්නෝ දනිති.

    මලාට ඉතින් PR එකක් ගන්න එක ලේසි නැහැ
    Qualifications තියනවා නම් ජපානෙට ඇවිත් අවුරුද්දෙන් ගන්න පුළුවන්. Point System එකක් තියනවා

    කිසිම නිදහසක් නැති රටක්
    කවුද කියන්නේ? ඇවිදින්න, බලන්න දේවල් ඕනි තරම් තියනවා. වෙන උන් අපේ දේවල් වලට ඇඟිලි ගහන්න එන්නේ නෑ. අපි ආස කරන දේවල් කිසිම ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන්.

    බිල් ගෙවල් කුලී වෙන වියදම් පිරිමහන්න පැය 24 ක් වැඩ කරලත් මදි
    අත්දැකීමෙන්ද කියන්නේ?

    කොච්චර පම්පෝරි ගැහුවත් ජප්පෝ ඉන්නේ බලු කූඩු වල
    Apartment වලට කූඩු වෙන්නේ නැතුව තමන්ට අවශ්‍ය නම් ගෙයක් ගන්න පුළුවන්. Mortgage වලට interest එකත් සැහෙන්න අඩුයි. ජපානේ apartment/ගෙවල් හදල තියෙන්නේ practicality කියන එක සහ natural disasters වලට ඔරොත්තු දෙන එක ගැන හිතල. ඉතින් ලංකාවේ වගේ පර්චස් 20-30 පුරාවට හදපු ගෙවල් නැහැ.

    ගිහින් මැරිලා අවුරුදු 5 ක් වගේ වැඩ කරලා ගානක් හොයාගෙන එන්න නම් හොඳ යි
    Pension, Defined Contribution වගේ employer sponsored programs සහ NISA වගේ platform හරහා investment කරපු අයට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකුත් හොයන්නේ බලන්නේ නැතුව මාසේ වැඩ කරලා අතට පඩිය එනකම් බලාගෙන හිටියොත් නම් ඉතින් මොන රටට ගියත් එකයි.

    Japan PR අරන් ඉන්නවා ට වඩා හොදයි බෙල්ලේ වැලක් දාගෙන මැරිලා යන එක
    ඒ මොකද කියල හේතු කිව්වොත් උත්තර දෙන්න පුළුවන්. Europe මෙහෙමයි Canada/US/Australia මෙහෙමයි කියල වාත වෙන්නේ නැතුව. ජපානේ උනත් PR එක ගන්නේ කැමති එකෙක් නේ, අන්න උන්ට බෙල්ලේ වැලක් දාගෙන මැරිලා යන්න වෙන හේතුවක් කියහන්.
    ඔය අනිත් රටවල් එක්ක compare කරන උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඒක හරියට සිරිපාදේ යන්න හිතාගෙන, යන්න බැරි නිසා පිදුරුතලාගල ගිහින්, ඒක සිරිපාදේ වගේ නෙවෙයි කියනවා වගේ වැඩක්.

    1756518292102-png.255910
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,373
    4,004
    113
    ජපන්නු කියන්න කොහොමත් අමුතු ජාතියක්. තියෙන අහිංසක මූණ නෙවෙයි තියෙන්නේ.