ඇත්තටම ඕක මටත් හිතෙනවා හැබැයි හේතුවක් හරියටම දන්නේ නෑ...
සමහර විට ලොකුම හේතුව තමන්ට තමන්ගේම කියල identity එකක් personality එකක් නැති වීම වෙන්න පුළුවන්.. එතකොට මොකක් හරි සෙට් එකක් ඉන්න තැනකට ප්ලග් වෙලා මේ මගේ රැහේ උන් I belong here වගේ මානසික සැපක් ගන්නවා වෙන්න පුළුවන්..
ලංකාව වගේ රටක සමාජය Individualistic නැහැනේ.. තනි තනි වශයෙන් ගත්තම ගොඩක් අයට වෙන වෙන විෂයන් ගැන ලොකු දැනුමක් නෑ.. දන්න ටික කරගෙන ඉන්නව.. උදාහරනෙකට, තමන්ට කාර් එකක් ගන්න වත්ත වටේම අහල අහල වෙන කවුරු හරි කියන එකක් ගන්නවා.. කෙල උනොත් ගන්න කියපු එකාට බනිනව.. බැංකුවක වැඩක් කරගන්න, ලෙඩකට බෙහෙතක් ගන්න, හැම එකටම දන්න එකෙක් හොයනවා නේ.. මේ වගේ සමාජෙක පොඩි කල්ට් එකක් හදාගන්න ලේසිම විදිය ඉස්කෝලේ වෙන්නැති.. එතකොට ඕන වැඩකට කල්ට් එක ඇතුලේ පොරවල් ඉන්නව.. තමන් මහන්සි වෙලා දෙයක් හොයා ගන්න, ඉගෙන ගන්න, රිසක් එකක් ගන්න ඕන නෑ ..
අනික් එක, ගොඩක් උන්ට තමන්ටම කියල Real Hobby එකක් (ඒ කියන්නේ තමන්ගේ ආතල් එකට පාඩුවේ කරන දෙයක්) නැති එක වෙන්නත් පුළුවන් .. එහෙම උනහම පරණ ඉස්කෝලේ උන් සෙට් වෙලා චැරිටි කරන එක, sporting events වලට යන එක එහෙම hobby එක වෙලා ඇති..
ඔය අතරේ පොඩි කාලේ නන්නත්තාර වෙන්න ගිහිල්ල ඇත්තටම ඉස්කෝලේ නිසා ගොඩ ගියපු අයත් ඇති.. එහෙම උන් ඉස්කෝලෙට ලව් කරන එක හොදයි ඉතින්.. අනික් උන් නම් ප්‍රෙහෙලිකාවක් තමයි..