ඉස්සර අපේ තාත්ත යාළුවො එක්ක කරපු වැඩක්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,056
    5,288
    113
    මේක මට ගොඩක් කාලෙකට කලින් කියපු කතාවක්. ඉස්සර දැන් තියන තරන් පාරවල් මේ area එකේ තිබිල නෑ. තාත්ත ඒ කාලෙ හවසට යාළුවො එක්ක සෙට් වෙලා හවස ආයෙ තව යාලුවෙකුගෙ ගෙදරකට යනගමන් ගමන් වෙච්ච සීන් එකක්.

    මහ රෑ 12ත් පහු වෙලා. ඒ කාලෙ තිබ්බ මහ පාරෙන් යන එක දුර නිසා ඔය කියන යාළුවගෙ ගෙදරට යන්න short cut එකක් තිබිල තියනව. ඒක තිබිල තියෙන්නෙ කනත්ත මැදින්. දැන් නං ඒ කනත්තෙ ලස්සනට light දාල security කෙනෙක් ඉන්න parlor එකකුත් තියන එකක්. ඉස්සර නං මෙලෝ බලු බල්ලෙක් නැති මුකලන් පැත්තක්ලු ඒ හරිය. එදා ඔය කනත්ත මැදින් තාත්තයි තව යාලුවො දෙන්නෙකුයි මහ රෑ යනකොට කට්ටඩියෙක් ඇවිල්ල තව එකෙකුත් එක්ක මිනී වලක් උඩ තටුවක් තියාගෙන මතුරනවලු.

    තාත්තල ඕක හොරෙන් බලන් ඉදල පදුරකට ලං වෙලා. ටිකක් වෙලා බලන් ඉදල අරුන් මතුරනකොටම හෙන හයියෙන් හූ කියල. අර කට්ටඩියො ටික බය වෙච්ච පාර තටුවත් දාල දුවල ආයෙ ගූ යන්න ඇති.
    පස්සෙ කරල තියන එක තමා ආතල්ම වැඩේ. අර දාල දුවපු තටුව ගාවට ඇවිල්ල ඒකෙ තිබ්බ අරක්කු බෝතලේකුත් අරන් ගෙදර ගිහිල්ල.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,161
    4,524
    113
    මටත් සින් එකක් මතක් උනා. අපේ පැත්තේ මල ගෙදරක උන. මම එතකොට අට, නාමය වසරේ වගේ.

    අපේ ගමේ තරුණ පොරක් මැරුණ ඇක්සිඩන්ට් එකක් වේලා. අපි එදා රෑ ඒ මළගෙදර නයිට. ගමේ හැමෝම වගේ ඉන්නව. ලොකු අය සෙට් එකක් වල කපන්න ගිහින්. වල කපන්නේ පාර අයිනේ ප්ලේස් එකක. පොඩි කදු කැල්ලක මුදුනේ. ඒ මුදුන පවුල් කීපයක පොදු සුසාන බුමියක්. (ඉස්සරම එකම පවුලක)
    ඉතින් රෑ නිදිමරණ, වැඩ කරන අයට කන්න පාන් ගේන්න බේකරියට දෙන්නෙක් යැවූව මෝටර් බයික් එකකින්.. එක්කෙනෙක්ගේ නම නලින්, උට වයස තිහක් විතර ඇති එතකොට. පොර තමයි බයික් එක පැද්දේ. අනිත් කෙනා ලසිත(චට්ටි මාළු කියල ඌට කියන්නේ) උට වයස 15ක් 16ක් විතර. මුන් දෙන්න බේකරියට යන්න තියෙන්නේ අර වල කපන පාරෙන්. උන් යනකොට එතන දෙන්න තුන් දෙනයි ඉඳල තියෙන්නේ... ඒ දවස් වල ලයිටුත් නෑ නේ පාරේ. වල කපන ප්ලේස් එකටත් පාරේ කම්බි වලින් adala ලයිට් එකත් දාගෙන තියෙන්නේ.

    ඔය වල ගාව ඉන්න්වේ වෙලාවේ සුදාර් අයියා කියල පොරක් ඉඳල. පොර ආතල් දෙන පොරක්. මු දන්නවා මේ බයික් එකේ යන දෙන්නම හොල්මන් වලට බයයි කියල. පොර අනිත් උන්ටත් කියල අරුන් පාන් අරන් ආපහු එන වෙලාවට බය කරමු කියල.

    සුදාර් අයියා කරලා තියෙන්නේ සරසන්න ගෙනාපු සුදු ඉටි කොලයක් අත් වලයි ඇග වටෙයි ඔතාගෙන අරුන් එනකන් ලෑස්ති වෙලා ඉඳල. එතන හිටපු අනිත් උන් හැංගිලා ඒ හරියෙම.

    අරුන් දෙන්න ඈතින් පාන් අරන් එනව දැක්කම සුදාර් ඉටි රෙද්ද ඔතාගෙන අර කන්ද උඩටයි පහලටයි හිමින් සැරේ හූ කිය දුවල,
    අරුන් දෙන්න ඒ හරියට ලං වෙනකොට මේක දැකල බයවෙලා බුදු අම්මෝ, බුදු අම්මෝ, කියා කියා කෑ මොරදිල. බයික් එක පැදගෙන ආපු නලින් බය වෙච්ච වැඩි කමටම බයික් එක රේස් කර, කර කන්දටම හරවල. පිටිපස්සේ ලසිත කන්ද මැදදී බයික් එකෙන් වැටිල. ඌ අතේ තිබ්බ පාන් ගෝනියත් එතනම දාල හූ කිය එක පිම්මේ මලගෙදරටම දුවල. උ පට්ට වේගෙකින් දිව්වා කියල කට්ටිය කිව්වේ. නලිනුත් බයික් එක පෙරලල දුවන්න හදනකොට හැංගිලා හිටපු උන් එලියට ඇවිල්ල උට කියල ආතල් එකක් දුන්නේ කියල. එතකොටත තමයි උගේ බය නැති වෙල තියෙන්නේ. මළගෙදරට දුවපු එකා මළගෙදරට ගිහින් කලන්තේ දාල වැටිල. ඊට පස්සේ දවසේ ඌට නුලකුත් මතුරලා දැම්ම.
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,901
    4,540
    113
    10 වසරේ වගේ ඉද්දි බීල යන සෙට් එකකට කනත්ත ගාවදි බය කරන්න හිතාගෙන අපි 4 දෙනෙක් එකතු වෙලා රෑ හැංගිලා වැලි ගැහුවා .උන් බය උනේ නැහැ අපේ පස්සෙන් පන්නන්න ගත්ත ටෝච් පත්තු කරගෙන .පැය බාගයක් විතර කැලේ ඇතුලේ දුවල බේරුනේ .එදා අහු උනා නම් අපි 4 දෙනාම මරනවමය් .අනේ අම්මේ උන් කියපු කුණුහරුප ගොඩ .බිව්වට පස්සේ බය නැතිවෙනවා කියල දැන ගත්තේ මාත් බොන්න පටන් ගත්තට පස්සේ පොඩි කාලේ ඕව ගැන දැනුමක් නැහනේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,656
    12,832
    113
    35
    Spain
    මටත් සින් එකක් මතක් උනා. අපේ පැත්තේ මල ගෙදරක උන. මම එතකොට අට, නාමය වසරේ වගේ.

    අපේ ගමේ තරුණ පොරක් මැරුණ ඇක්සිඩන්ට් එකක් වේලා. අපි එදා රෑ ඒ මළගෙදර නයිට. ගමේ හැමෝම වගේ ඉන්නව. ලොකු අය සෙට් එකක් වල කපන්න ගිහින්. වල කපන්නේ පාර අයිනේ ප්ලේස් එකක. පොඩි කදු කැල්ලක මුදුනේ. ඒ මුදුන පවුල් කීපයක පොදු සුසාන බුමියක්. (ඉස්සරම එකම පවුලක)
    ඉතින් රෑ නිදිමරණ, වැඩ කරන අයට කන්න පාන් ගේන්න බේකරියට දෙන්නෙක් යැවූව මෝටර් බයික් එකකින්.. එක්කෙනෙක්ගේ නම නලින්, උට වයස තිහක් විතර ඇති එතකොට. පොර තමයි බයික් එක පැද්දේ. අනිත් කෙනා ලසිත(චට්ටි මාළු කියල ඌට කියන්නේ) උට වයස 15ක් 16ක් විතර. මුන් දෙන්න බේකරියට යන්න තියෙන්නේ අර වල කපන පාරෙන්. උන් යනකොට එතන දෙන්න තුන් දෙනයි ඉඳල තියෙන්නේ... ඒ දවස් වල ලයිටුත් නෑ නේ පාරේ. වල කපන ප්ලේස් එකටත් පාරේ කම්බි වලින් adala ලයිට් එකත් දාගෙන තියෙන්නේ.

    ඔය වල ගාව ඉන්න්වේ වෙලාවේ සුදාර් අයියා කියල පොරක් ඉඳල. පොර ආතල් දෙන පොරක්. මු දන්නවා මේ බයික් එකේ යන දෙන්නම හොල්මන් වලට බයයි කියල. පොර අනිත් උන්ටත් කියල අරුන් පාන් අරන් ආපහු එන වෙලාවට බය කරමු කියල.
    කෝ බං ඉතුරු ටික
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    294
    459
    63
    28
    Anuradhapura
    අපේ මාමලා එකපාරක් යාලුවෙක්ගෙ ගෙදර කොඩිවිනයක් කපන එකක් බලන්න ගිහිල්ලා.ඒ අතරේ ගොක් අත්තක් කපන්න මාමලාගෙ යාලුවෙක් ගහකට නගිද්දි දැකලා තියනව අර කපුවත් එක්ක ආපු එකෙක් වත්තෙ හෙන අස්සක තියන කවර් උන ප්ලේස් එකක වලක් කපලා මොනවදෝ වලදානවා.මූ වලදාලා යනකල් සද්ද නැතුව ඉදලා මූ වල වහලා යන්න ගියාම අර පොර එතනට බොක ගොඩක් ගෙනල්ලා දාලා.සේපෙට තිබ්බා වගේම වහලා දාලා ඇවිල්ලා අනික් උන්ටත් කියලා තියනවා මෙහෙම එකක් මම කලා කියලා...

    රෑ කපුවා මායම් වෙලා එනවලු නටාගෙන නටාගෙන අර වල ලගට.ඇවිල්ලා ඇහුවලු "කටෙන් ගන්නද?/අතෙන් ගන්නද?" කියලා .මාමලා කියලා කටෙන් ගන්න කියලා..

    අරූ වැලි කාගෙන බොක ගොඩේ මූන ඔබන් ඉදලා දිව්වලු වමනෙ දදා 🤣🤣🙏
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,161
    4,524
    113
    කෝ බං ඉතුරු ටික

    සුදාර් අයියා කරලා තියෙන්නේ සරසන්න ගෙනාපු සුදු ඉටි කොලයක් අත් වලයි ඇග වටෙයි ඔතාගෙන අරුන් එනකන් ලෑස්ති වෙලා ඉඳල. එතන හිටපු අනිත් උන් හැංගිලා ඒ හරියෙම.

    අරුන් දෙන්න ඈතින් පාන් අරන් එනව දැක්කම සුදාර් ඉටි රෙද්ද ඔතාගෙන අර කන්ද උඩටයි පහලටයි හිමින් සැරේ හූ කිය දුවල,
    අරුන් දෙන්න ඒ හරියට ලං වෙනකොට මේක දැකල බයවෙලා බුදු අම්මෝ, බුදු අම්මෝ, කියා කියා කෑ මොරදිල. බයික් එක පැදගෙන ආපු නලින් බය වෙච්ච වැඩි කමටම බයික් එක රේස් කර, කර කන්දටම හරවල. පිටිපස්සේ ලසිත කන්ද මැදදී බයික් එකෙන් වැටිල. ඌ අතේ තිබ්බ පාන් ගෝනියත් එතනම දාල හූ කිය එක පිම්මේ මලගෙදරටම දුවල. උ පට්ට වේගෙකින් දිව්වා කියල කට්ටිය කිව්වේ. නලිනුත් බයික් එක පෙරලල දුවන්න හදනකොට හැංගිලා හිටපු උන් එලියට ඇවිල්ල උට කියල ආතල් එකක් දුන්නේ කියල. එතකොටත තමයි උගේ බය නැති වෙල තියෙන්නේ. මළගෙදරට දුවපු එකා මළගෙදරට ගිහින් කලන්තේ දාල වැටිල. ඊට පස්සේ දවසේ ඌට නුලකුත් මතුරලා දැම්ම.
     
    • Haha
    Reactions: Inigo Montoya

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    294
    459
    63
    28
    Anuradhapura
    මේක නම් අත්තම්මා කිව්ව කතාවක්,

    සීයගෙ යාලුවෙක් ඉදලා තියනවා කෂ්ටා ගහන පොරක්.පොර කෂ්ටා ගහලා රෑට ගමටම බැන බැන කුනුහරප පල පල එනවලු,හැබැයි කනත්ත හරියෙදි රැස් බැහැලා අනික් පැත්තට ඔලුවත් හරවගෙන හෙන බයේ ඉක්මනට යන්න යනවලු.දවසක් පොඩි කොල්ලො ටිකක් සොහොන් අස්සෙ හැංගිලා ඉදලා මූ යන වෙලාවටම අල්ලලා බය හිතෙන විදිහට කෑගැහුවලු
    "පීටර් මාමේ"
    "ඕඕඕඕ (වෙව්ල වෙව්ල)
    "පීටර්ර්‍ර්"
    ඕඕඕහ්හ්හ්හ්හ්
    "මොනවද මල්ලේ තියෙන්නේ"
    "පාන් වාගයක්"
    "දීපන් ඕක අපි කාලෙකින් කෑමක් කාලා නෑ"
    "ආ මේන් ගන්ඩ (හුජ්ජ යන බයෙන්)"
    මූ අහක බලන් පාන් එක දික්කරන් ඉද්දි කලුවරේම ආව කොල්ලෙක් පාන් එක උදුරන් දුවලා
    මූ හූ කියාගෙන පන්සලට දුවලා 🤣🙏
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,161
    4,524
    113
    ටය්ප් කරන වෙලාවේ නින්ද ගිහින් වගේ
    ඉතිරු ටිකත් දැම්ම බලපන්.
    අපේ මාමලා එකපාරක් යාලුවෙක්ගෙ ගෙදර කොඩිවිනයක් කපන එකක් බලන්න ගිහිල්ලා.ඒ අතරේ ගොක් අත්තක් කපන්න මාමලාගෙ යාලුවෙක් ගහකට නගිද්දි දැකලා තියනව අර කපුවත් එක්ක ආපු එකෙක් වත්තෙ හෙන අස්සක තියන කවර් උන ප්ලේස් එකක වලක් කපලා මොනවදෝ වලදානවා.මූ වලදාලා යනකල් සද්ද නැතුව ඉදලා මූ වල වහලා යන්න ගියාම අර පොර එතනට බොක ගොඩක් ගෙනල්ලා දාලා.සේපෙට තිබ්බා වගේම වහලා දාලා ඇවිල්ලා අනික් උන්ටත් කියලා තියනවා මෙහෙම එකක් මම කලා කියලා...

    රෑ කපුවා මායම් වෙලා එනවලු නටාගෙන නටාගෙන අර වල ලගට.ඇවිල්ලා ඇහුවලු "කටෙන් ගන්නද?/අතෙන් ගන්නද?" කියලා .මාමලා කියලා කටෙන් ගන්න කියලා..

    අරූ වැලි කාගෙන බොක ගොඩේ මූන ඔබන් ඉදලා දිව්වලු වමනෙ දදා 🤣🤣🙏
    සිරාම සිද්දීයක්ක්ද බන් මේක?